spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළඳාමයි ගීත ගායනයි එකවර කරන, මාළු වෙළඳ සැලේදී හමුවූ ගායිකාව

Must read


මේ ඉන්නේ  කේ.බියට්‍රිස් පෙරේරා. ඇය ඉන්නේ මිනුවන්ගොඩ, මීගමුවේ කොටුව පිට්ටනිය ඉස්සරහා  මාලු මාර්කට් එකේ ඉදගෙන පුවක් , සියඹලා විකුණන ගමන් ඇය ගී ගයනවා. බඩු වෙළදම් කරන්න එනකොට ඒ එක්කම ඇය අරගෙන එනවා ජංගම කැරෝකේ මැෂින් එකක්. ඇයගේ ගීතයක් අහන ගමන් ‘ බියට්‍රිස් අක්කා’ ගැන විස්තර ටිකක් ඇහැව්වා.

මම මිට අවුරුදු දෙකකට විතර වගේ කලින්  පටන් ගත්තා මිනුවන්ගොඩ පොලේ බඩු විකුණන්න.
 මගේ සැමියා කොරෝනා වසංගතයෙන් පස්සේ  ටිකක්  අසනීප වුනා. මම  විකුණන්නේ රම්පේ ,කරපිංචා, සියඹලා,සහ පලා වර්ග වැනි දේ තමයි.
මිනුවන්ගොඩ වෙළඳපොලේ කරන වෙළඳාමෙන් එතරම් මුදලක් අතට එන්නැ. ඒ නිසා මම මීගමුවටආවා.
අද තමා පළවෙනි වතාවට මිගමුව මාලු මාර්කට් එකට ආවේ.  
මම කුඩා කාලේ ඉදලම සින්දු කියන්න ආසයි.
විනෝදෙට තමා මම ගීත ගායනා කරන්නේ.

මීගමුවට පැමිණි ප්‍රථම දවස අද වන බැවින්, අද දවසේ ඇය ඇගේ ගීත ගායනය තුළින් ලද ඉහල ප්‍රතිචාර මත අඛණ්ඩව මීගමුවට වෙළඳාම් කිරීමට පැමිණීමට තමා බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් අප වෙත පවසා සිටියා.

ඉතින්, කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ සැලට පැමිණෙන ඔබ, යම් දිනයකදි ඇයව දුටුවොත් ඇයගෙන් රම්පේ කරපිංචා මිටියක්, පලා මිටියක්, එහෙම නැත්නම් සියඹලා මුලක් වගේ දෙයක් මිලදී ගන්නවා වගේම ඇයගේ කටහඬින් නික්මෙන ලස්සන ගීතයක් දෙකක් රසවිඳ යන්නත් අමතක කරන්න එපා.

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article