spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්මුතුලා කපෝතියි ! ඇමති චම්පික ගොඩනැගිලි අනුමත කිරිම්වල දුෂණවලට තිත තබයි!

Must read

patali-champika-ranawakaමීගමුව මහනගර සභාවේ තුල විශේෂයෙන්ම ගොඩනැගිල් අනුමත කිරිමේදි දුෂණ වංචා සිදුවන බව අද ක්‍රප්‍රකට රහසකි.
මේ හේතුව නිසා පසුගිය කාලය තුල මරාන්තික තත්වයන් ගණනාවක්ම මතුව තිබුණි.
එහි ආසන්තම සිදුවිම  වි තිබුනේ මීගමුව නගර  මධ්‍යයේ ඉදිකරමින් තිබුණ තෙමල් ගොඩනැගිල්ලක් කඩා වැටිමය.රන්මුතු නැමැති තාක්ෂණ නිළධාරියාගේ බලප්‍රදේශයට අයත්ව තිබුණ මෙම ගොඩනැගිල්ල පිලිබදව විධිමත් ප්‍රමිති අනුමැති ලබාදි තිබුනේ නැත.

මෙවන් වංචාකාරි තත්වයන්ට වැටබදිමින්

දුෂණ, වංචාවලට තිත තැබීමට හා සේවාදායකයාට කාර්යක්ෂම සේවයක් ලබා දීමටත් ගොඩනැගිලි සඳහා අනුමැතිය පරිගණක ඔස්සේ ලබා දීමට බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යංශ්ය පිය්වර ගන්නා බව ඇමති පාඨලී චම්පික රණවක  පවසාසිටි.

ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීමේ පහසුව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දෙන ලද පරිගණක ක්‍රමවේදය පිළිබඳව විශේෂ අධ්‍යයනයකින්  අනතුරුව ඇමතිවරයා පසුගිය දිනක මේ බව සදහන් කර සිටි බව කලම්බු පෝසට් වෙබ් අඩවිය දක්වා  තිබුණි.
එහි වැඩිදුරටත් මෙසේ සදහන්ය.

“නාගරික සංවර්ධන අධිකාරිය අද (01) සිට සියලුම ආකාරයේ ගොඩනැගිලි අනුමත කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙනවා. ඒ අනුව සියලුම පාරිභෝගිකයන්ට සහ සංවර්ධකයන්ට පරිගණකය හරහා තමන්ගේ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමේ පහසුව ලබාදෙනවා. 2017 ජුනි 01 වෙනිදා සිට වර්ග අඩි 4,000 ට වඩා වැඩි ගොඩනැගිලි, එසේත් නැත්නම් තට්ටු 04කට වඩා වැඩි ගොඩනැගිලි ඒ වගේම පර්චස් 40කට වඩා වැඩියෙන් තිබෙන අනුබෙදීම් ආදිය සියලුම ආකාරයේ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය පෙබරවාරි මාසයේ සිට බලාත්මක කර තිබෙන සියලුම ආකාරයේ ගොඩනැගිලි අනුමත කරවා ගැනීම මේ හරහා සිදු කර ගැනීමේ අවස්ථාව පාරිභෝගික, සංවර්ධක පිරිස්වලට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article