spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ රු.මිලියන 3 ක හොරකමට නාගරික කොමසාරිස් ඇතුළු සියළු නිලධාරින් වගකිව යුතුයි !

Must read

Rajapaksha-park-1මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ප්‍රවේශපත් මුදල්වලින් රුපියල් ලක්ෂ 32 ක මුදලක් වංචා කර ඇතැයි අප දැනටමත් හෙළිදරව් කර ඇත.
වසර 2 ක කාලයක් පුරාවට මේ වංචාව දිගටම සිදුකරගෙන ගොස් තිබේ.
මේ ප්‍රවේශපත් භාරව සිටින සේවකයන් විසින් නිකුත් කර ඇති ප්‍රවේශපත් කොටස් ඉදිරිපත් කිරිමෙන් පසුව පමණක් නව ප්‍රවේශපත් තොගය නගර සභාවෙන් ලබාගත යුතුව තිබේ..තතු එසේව තිබියදි මේ සේවකයන් දෙදෙනා විසින් වසර 2 ක කාලයක් තිස්සේ අවම තරමින් නිකුත් කර ඇති ප්‍රවේශපත්වල  ඉතිරිකොටස ඉදිරිපත් නොකර මුදල්ද නොගෙවා මේ හොරකම දිගටම සිදුකරගෙන ගොස් තිබේ.මීගමුව මහනගර සභාවේ හොරකම් වල තරම් ගැන කියන්නට මෙය කදිමම නිදසුනකි.
(හොරකමක් විමට ඇති ඉඩකඩ වලකාලිම සදහා මේ අකාරයෙන් නිවරදි ක්‍රමවේදියක් තිබියදි ලක්ෂ 32 ක් සාමාන්‍ය සේවකයන් දෙදෙනෙකුට කලහැකි නම් මීගමුව මහනගර සභාවේ වංචා කප්පිතන් වන ලෙනාඩ් පොන්සේකාල පමණක් නොව අරහම්ලාත් ඇතැම් මහජන සෞඛ්‍ය පරික්ෂනය්ගේද ගැහිලි ගැන මොන කථාද ?එපමණක් නොව රු 40000 හේ වැටුප් හිමි ආදායම් නිළධාරියෙකු වන ජයනාත් රුපියල් කෝටි ගණනක නිවසක් හදාගත්තේ කෙසේදැයි දැන් අගේට පැහැදිලිය.රු 40000 ක වැටුපක් ලබන ලෙනාඩ් පොන්සේකාගේ  සිය දියණියගේ විවාහ මංගල්‍ය රුපියල් මිලියන 7 කටත් වැඩියෙන් වැයකරමින් සිදුකිරිමට හැකිවුයේ කෙසේද යන්නත් දැන් හරි පැහැදිලිය)
දැන් ප්‍රශ්ණය වන්නේ මේ බරපතල වංචාව සිදුකරන ලද සේවයන් අධික්ෂණය කිරිම සදහා පත්කර ඇති සුභසාධන නිළධාරියා,ගණාකාධිකාරිවරයා පමණක් නොව ලේකම් තුමියද මේ හොරකමට ඉඩදි සිය රාජපකාරිය පැහැර  හැර ඇතැයි යන්න දැන් ඉතා පැහැදිලිය.
මේ සියළු දෙනාම විසින් මේ හොරුන්ව හුරතල් කරද්දි නාගරික කොමසාරිස් සුගත්කුමාර සිදුකළෙ කුමක්ද ?ඔහු ට මේ ගැන වසර 2 කක් යන තුරුත් අවම තරමින් නිනව්වක් නැති  නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
එබැවින් මේ මහදවල් හොරකමට නාගරික කොමසාරිස් සුගත් කුමාර ඇතුළු ප්‍රධාන නිළධාරින් සියළු දෙනාම ඉතා පැහැදිව වගකිව යුතුව තිබේ.
මේ බරපතල වංචාව සිදුකර ඇති සේවකයන්ට එරෙහිව පොලිසියට  පැමිණිලි කොට නියම ආකාරයෙන් පරික්ෂණ පැවැත්විමට නාගරික කොමසාරිස්වරයා පියවර ගත යුතුව තිබුණද ඔහු එසේනොකලේ මන්ද යන්න දැන් පැහැදිලිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article