spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

Must read

Navy 2 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පසුගිය දිනක (නොවැම්බර් 03) කටයුතු කරන ලදී.

පසුගිය ඔක්තෝබර් මස 19 වන දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්මාල් පුතා’ නමැති මෙම බහුදින යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකුගේ පපු ප්‍රදේශයේ ඇති වී තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අසාධ්‍ය වී ඇත. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.Navy 1

ඒ අනුව ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 16 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.
Dinamina

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article