spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානය තුළ ඇති ඔෘෂධ පැල අළෙවි සැල සීල් තබයි! – අයිතිකරුටත් අැතුල්වීමට තහනම්?

Must read

මීගමුව රාජපක්ෂ උද්‍යානයේදී  ඔෞෂධ ශාක පැළ අළෙවි සැල ආරම්භ කරන ලද්දේ 2015 වර්ෂයේදීය. එවකට හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය වී නවීන අංග කීහිපයක් ඇතුළත්ව රාජපක්ෂ උද්‍යානය නැවත විවෘත කළ අතර එහිදී මෙය අවශතාවයක් වශයෙන් හදුනාගෙන මෙම ඔෞෂධ ශාක පැළ අළෙවි සැල එහි ආරම්භ කර ඇත්තේ නගරාධිපතිවරයාගේ ඉල්ලීම පරිදිය. වසර 2කකට පසුව එනම්  මෙම ඔෞෂධ ශාක පැළ අළෙවි සැල ඉවත්කර ගන්නා ලෙස 2017 මාර්තු 08 වන දින  මිගමුව මහ නගර සභාවේ ොකමසාරිස්වරයා විසින් මෙම ඔසු සැලේ හිමිකරු සුසිල් ප්‍රසන්න මහතාට  ලිඛිතව දැනුම් දී ඇත. මෙම දැනුම්දීමෙන් පසු උද්‍යානයේ ඇති පැළ අළෙවිසැල සීල් තබා ඇති අතර එයට ඇතුල් වීමට අවසර දිය නොහැකි බව උද්‍යානයේ නිලධාරින් විසින් සුසිල් ප්‍රසන්න මහතාට දැනුම් දී තිබේ. මේ වනවිට  රු 250,000 ක් වටිනා  මෙම ඔසු ශාක සැලට අයත් වටිනා  ඔෞෂධ පැළ  රාශියක් සමග මෙම ස්ථානය සීල්තබා ඇති අතර එවා නැවත ලබාගැනීමට හා අපතේ යාම වලක්වාගැනීමට හැකියාවක් නොමැති බව එහි හිමිකරු පවසයි. මේ සීල් තැබීම පවා තමන්ව දැනුවත් නොකර සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් මේ ගැන කරුණු පරිසර අමාත්‍යාංශයට,දේශීය වෙද්‍ය අමාත්‍යාංශ්‍යයට හා මීගමුව සංවර්ධන කමිටුවේ ලේකම්වරයාට, මානව හිමිකම් කොමිෂන් සභාව වෙතන් ඉල්ලීම් කර ඇති බව ඒ සදහන් කරන ඒ මහතා මෙතෙක් විසඳුමක් ලැබී නැති මෙම ප්‍රශ්නයට සාධාරණයක් ඉටුවෙන තෙක් බලා හිඳියි.park-3park-7 park-6letter

සබැඳි පුවත්
රාජපක්ෂ උද්‍යානය වසර 5 කට පසු විවෘත කරයි ?

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article