spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාමුගත කළ නොහැකි මිනිසුන්ගේ කතාව

Must read

 

ප්‍රභාතය කලා හා මාධ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද රාමුගතකළ නොහැකි මිනිසුන් ගේ කතාව නමින් වූ වැඩසටහන සහ විකල්ප බ්ලොග් අඩවියේ Unframed ඡායාරූප ප්‍රදර්ශනය අද ( 07) තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථාන ශාලාවේදී පැවැත්වින. උදේ 9.00 සිට ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර සවස 3.00 සිට 5.00 දක්වා සාකච්ඡාමය වැඩසටහනක් පැවැත්වින. මෙම වැඩසටහනේදී අදහස් දැක්වීම සදහා  ගරු සත්‍යවේල් පියතුමා , සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, සාලිය ඉදුරුවිතාන යන දේශකයින් සහභාගි වූහ. දේශකයින්ගේ කෙටි අදහස් දැක්වීමෙන් පසුව ප්‍රශ්ණ ඇසීමේ වාරය තුළ අදාල ප්‍රශ්ණ මතුකරමින් ඒවාට පිළිතුරු දෙමින් සවස 5.30 දක්වා මෙම වැඩසටහන පවත්වන ලදී. විශේෂයෙන් මෙම ප්‍රදර්ශනයතුළ සකස්කර ඇති පින්තූර රාමු ගතකර නොතිබුනු අතර ඒවා විවිධ හැඩතලවලින් සකසා තිබින. අතුරුදහන්වුවන් ගේ ඡායාරූප, වතුකරයේ පීඩාවටපත් මිනිසුන්ගේ ඡායාරූප මේ අතර විය. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස ගැනුනේ එම ජනතාවගේ දුක්බර කතාව සහ ඒ සදහා කළයුත්තේ කුමක්ද? යන්න සාකච්ඡා කිරීමටයහෙට දිනයේදීද මෙම වැඩසටහන මෙම වේලාවටම පැවැත්වෙන අතර ආරාධිත දේශකයින් ලෙස සහභාගි වන්නේ ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා, කුමාරි කුමාරගමගේ, සම්පත් සමරකෝන් යන අයයි.

DSC_0066DSC_0078DSC_0081DSC_0086ඡයාරූප – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article