spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රුධිර හිගයක් අත ලග බැවින් හැකි ඉක්මනින් රුධිරය පරිත්‍යාග කරන්න.

Must read

ලේ දන්දීම
මේ වන විට පවතින ඩෙංගු හා වෙනත් රෝග තත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩා කර ඇති රුධිර ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් රුධිරට පරිත්‍යාග කරන ලෙසටයි එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව සදහන් කරන අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙසටයි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා – 0777 586 596
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article