spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු මිලියන් 270 ක් අපතේ යැවු මිගමු බස්නැවතුමේ අද තත්වය …??? ( විඩියෝ )

Must read

NGB-bus-terminal-3.jpgමීගමුවේ බස් නැවතුම් පළ ඇත්ත වශයෙන්ම ඉදිකරන්නට යෙදුනේ ඒ වන විටත් ඉතා හොද මට්ටමකින් පැවැති බස්නැවතුම් පළ කඩා බිද දමාය.
ඒ ඇයිද යන්න හෙලි වුයේ නිමල් ලංසාගේ බස්නැවතුම පිළිබද සැලැස්ම අනාවරණය විමත් සමගින්ය.
ලංසා පවුලේ අමතර අදායමත් නගර සභාවේ වියදම් වලට මුදල් සොයා ගැනිමත් අරමුණු කොට ගෙන ඇත්ත වශයෙන්ම ඉදිකෙරුනේ කඩසාප්පු සංකිර්ණයකි.
විශාල මුදලක් මේ සැමගෙන්ම කි මනි ලෙසින් ලංසා පාලනය විසින් ලබාගෙන තිබුණි.එබැවින් ඇත්තටම සිදුවයේ කඩසාප්පු සංකිර්ණයක් හදා එහි ඉතිරි වු තැන්වල බස්නැවැත්විමට කටයුතු සලසා දිමය. තවත් අයුරකින් කියන්නේ නම් පැරණි බස්නැවතුමපළ කඩා ඒ බිමේ සාප්පු සංකිර්ණයක් ඉදිකොට එයට මිගමුව බස්නැවතුම් පළ යැයි නම් තැබිමය.
එය සනාථ වන්නේ තනා ඇති කඩ ගණන සහ බස් නැවැත්විම වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ගැන සසදා බලන කල්හිය.
කඩ සාප්පු 78 අස්සේ බස්නැවතුම් ස්ථාන තිබුනේ 24 ක් පමණි.
මෙය එහෙම පිටින්ම අසාර්ථක ව්‍යාපෘතියකි.
වැඩි හරියක් කඩ ඇත්තේ වසා දමාය.
ඉහල මාලයන් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි අයුරින් ප්‍රමිතියෙන් තොරය. එහි අතුරා ඇති ටයිල් ගැලවි ගොසිනි.බස්නැවතුමේ ඉහල මහල වැස්සට හොද හැටි තෙමෙයි.ඒ නිසාම එහි ටයිල් සියල්ලද විනාශ වි තිබේ.
මිගමු සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් දෙඩුවද සැවින්ම ලංසා විසින් මිගමුව කේන්ද්‍ර කොට සිදුකරන්නට යෙදුන සියළු සංවර්ධන ව්‍යාපෘති අන්තිම අසාර්ථක ඒවායේ . ඇතැම් ව්‍යාපෘති මුදල් පමණක් කාබාසිනියා කොට මේ වන විට ඇස්පනා පිට සාක්ෂි ලෙසින් මිගමුව ජනයාගේ නෙත ගැටෙමින් තිබේ. සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් දෙඩුවද දැන් ඒ සියල්ල සුදු අලි පමණක් බව ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article