spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොයිස් විජිත අත්අඩංගුවට ගැනිම දේශපාලන කොන්ත්‍රාත් එකක්ද ?

Must read

roies 5කිසිදු සාක්ෂියක් නැතිව මීගමුව හිටපු  එ. ජා. ප සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කළ වරදක්බව විත්තියේ නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය මහතා ඊයේ  අධිකරණය ඉදිරියෙහි කරුණු දක්වමින් ඉතා අගේට පැහැදිලි කර තිබුණි.
මෙම නඩුව පවරා තිබුනේ පුද්ගලයෙකු පැහැරගෙන යාම කප්පම් ඉල්ලීම වැනි දෑ මත කරන ලද පැමිණිල්ලකට අනුවය. මේ සඳහා ගිනි අවියක් සහ මාංචු කුට්ටමක් භාවිතා කර ඇතිබවත් ප්‍රකාශ විය. නමුත් එම ගිනි අවිය , මාංචු කුට්ටම හෝ වෙනත් කිසිදු සාක්ෂියක් නොමැතිව පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බවත් , රොයිස් මහතා මීගමු ප්‍රදේශයේ සිටින වැදගත් පුද්ගලයෙක් බවත් පැහැදිළි කරන ලදී.එසේම මෙය දේශපාලන හස්තයකින් හසුරුවන්නක් බවත් පෙන්වාදෙන ලදී.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනීසිටිමින් නීතිඥ දන්ත නිරංජන් මහතා ද ප්‍රකාශ කළේ යම් කිසිවෙකුගේ සාක්ෂියක් මත මෙසේ අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බවය. මෙම සාක්ෂිකරුවන්ට පහරදී පොලීසිය බලෙන් ගන්නා ලද සාක්ෂියක් උපයෝගි කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවද ඔහු එහිදි සදහන් කර තිබුණි.

මේ. ගැන සළකා බැලූ විනිශ්ච්‍යකාර තුමිය මීළඟ නඩු වාරයේදී සාක්ෂි ඉදිරිපත් කර , නීතිපති උපදෙස් ඇතිව නඩුවට ඉදිරිපත් වන ලෙස පැමිණිල්ල වෙත නියෝග කළ අතර 17 වන දින දක්වා නඩුව කල්තබන ලදී.
ඊයේ අධිකරණය හමුවේ ඉදිරිපත්ව තිබුණි කරුණු සලකා බැලිමේදි සාක්ෂි නැතිවම රොයිස් විජිත අත්අඩංගුවට ගැනිමට කටයුතු සැලැස්විම කිසියම් දේශපාලන කොන්ත්‍රාත්තුවක්ද යන්න ගැන දැන් මිගමුවේ ප්‍රධාන දේශපාලන කවයන් අතර ප්‍රධාන කථාබහක් ලෙස මතුවෙමින් තිබේ.
මෙහිදි ඇගිල්ල දිගුවන එක් බංකොලොත් දේශපාලකයෙකු සහ ඔහු වඩා සිටින ඔහුටම දෙවනි නොවන කිසිදු දේශපාලන ජනප්‍රියත්වයක් නැති පිරිසක් ගැනද මේ සැක පහල වි තිබේ.
කෙසේ වෙතත් මේ සියළු කරුණු ඉදිරියේදි දිගුහැරෙනු ඇත.එතෙක් අප ඉතා විමසිල්ලෙන් යුතුව බලා සිටින්නෙමු.
එළඹෙන මැතිවරණය සමය තුලදි රොයිස් විජිත කළු චරිතයක් ලෙසින් හංවඩු ගැසිම හරහා මිගමුව තුල කිසිදු ජනප්‍රියත්වයක් නැති බංකලොත් දේශපාලන හෙංචයින් පිරිසක් දේශපාලන කරලියට ඔසවා තැබිම මෙහි යටිඅරමුණ වියහැකිව තිබේ.
මේ සදහා දැනටමත් මඩ මාධ්‍ය කොන්ත්‍රාත් වලට ඉව අල්ලන කුලි කරුවන් පිරිසක් ගැනද අපට සමිප ආරංචි මාර්ග හෙළිකරගෙන තිබේ.මේ ඇතැම් කුලිකරුවෝ පසුගිය කාලය තුල රොයිස් විජිත සැගව සිටි බවටද වාර්ථා පළකරමින් ජඩමාධ්‍ය රංගනයක නියැලි සිටිනු දක්නා ලදි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article