spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීතියට බිය නොවන අනවසර රථ ගාල.

Must read

IMG-72441efde4f7f5b8192f0cb16f0070bb-V

මීගමුව රෝහල සහ මාරිස්ටෙලා විදුහල අතර ඇති මෙන්ඩිස් මාවත කාලයක් තිස්සේ අනවසර රථ ගාලක් ලෙස අපගේ වෙබ් අඩවියේද අවස්ථා ගනනාවකදී සඳහන් කර ඇත.

මෙම ස්ථානය තුළින් යතුරුපැදි කිහිපයක් සොරකමට භාජනයවූ බව මීට පෙර පොලීසියද පවසයි . ඒනිසාම මෙම ස්ථානයේ වාහන නවතා තැබීමට අවසර නැතිබව දක්වා දැන්වීම් පුවරුද සවිකර ඇත.එසේම පසුගිය කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ අනතුරත් පදනම් කර ගනිමින් කටවුට් සහ බැනර් ද එල්ලා ඇත. නමුත් මේ කිසිවක් මෙහි යතුරුපැදි සහ අනෙකුත් වාහන නතර කරන අයට අදාල නැත. සඳුදා ප. ව. 1.30ට පමණ මෙම ස්ථානයේ මාරිස්ටෙලා විදුහල පැත්තෙන් නතර කළ යතුරුපැදි , ත්‍රිවිල් නතර තර තිබුනේ ඉහතකී බැනර් , කටවුට් සහ පොලීසිය විසින් සවිකළ දැන්වීම් පුවරු සියල්ල තිබියදීය.මින් ආසන්නම හානිය සිදුවන්නේ මෙසේ වාහන නතර කරන පුද්ගලයින්ටය. අනෙක් පැත්තෙන් නීතිය සහ එම නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ය. එවිට විශේෂයෙන්ම ඇඟිල්ල දිගු වන්නේ පොලීසියටය. නමුත් හොරුන්ට මෙය කදිම අවස්ථාවක් වන බව කිවයුතුය .අප මේගැන නැවත නැවතත් සඳහන් කරන්නේ මේ සියල්ල තුළින් ජනතාවට සිදුවන හානිය පිළිබඳව සළකාගෙනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article