spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට්ටුදැල් සමිතියේ වාර්ෂික මංගල්‍යය !

Must read

IMG-20190706-WA0001IMG-20190706-WA0006IMG-20190707-WA0003
.මීගමුව මහවීදියේ ශාන්ත පේදුරු කට්ටුදැල් ඔරු සමීතියේ වාර්ෂික මංගල්‍ය අද එම සඹීති ශාලාවේදී ආරම්භ විය. ප්‍රථමයෙන් උදේ 7.30ට පමණ දිව්‍ය පූජාව මහවීදිය දෙවස්ථානයේ මීසම්පාලක පියතුමා වන කිංස්ලි අයිවන් අප්පුහාමි පියතුමා විසින් සිදුකළ අතර මේ සඳහා තවත් පියතුමන්ලා දෙදෙනෙක් සහ කන්‍යා සොයුරියක් සහභාගී විය.මෙහිදී කට්ටුදැල් රස්සාව මීගමු කළපුවේ කරන ධීවර රස්සාවල් අතරින් ආර්ශමත් එකක් බව පෙන්වාදුන් පියතුමා කලපුවේ ස්ථාන නම්කරගෙන පිටිපන, දූව, මහවීදිය, වැල්ලවීදිය , පිටිපන වීදිය ආදී වශයෙන් සහ කලපුවේ අදාල රස්සාව කරන ස්ථාන බෙදාගෙන කලපුවට කෙළ බිඳක් හෝ නොහෙලා ආරක්ෂා කරගෙන කරන රස්සාවක් ලෙස මෙම රස්සාව ගැන පැහැදිළි කිරීමක් කරන ලදී.

මීලඟට මුන්නක්රය සිරිකුරුස දේවස්ථානයට පේදුරු තුමාගේ ප්‍රතිමාව රැගෙන ගොස් ආසිර්වාද කොට අනෙකුත් කට්ටුදැල් සමීතිවලටත් ගොස් ආසීර්වාද කිරීම සිදු කළ අතර අවසානයේ කලපුව වටේ ඇති කට්ටුදැල් ධීවරයින් රස්සාව කරන ස්ථාන 14කට ගොස් එම ස්ථාන ආසිර්වාද ගැන්වීම සිදුකරන ලදී. මෙම ගමන සඳහා වෙනදා මෙන් කට්ටුදැල් ඔරු යොදා ගැනීමට අදහස් කරගෙන සිටියද පසුගිය ඛේදවාචකය නිසාත් , පෙළපාලි යාම නීතිමය වශයෙන් පවතින තත්වයන් යටතේ වැරැද්දක් වන නිසාත්, එම තීරණය ක්‍රියාත්මක නොකරන ලදී. කෙසේ නමුත් මෙම අවස්ථාව කලපුවේ පවතින සුන්දර බවද එකතුකරගත් දර්ශණීය අවස්ථාවක් විය.

ප්‍රදේශ කිහිපයක ධීවරයින් විසින් සංවිධානාත්මකව තම ආගම මත පදනම්වී සමඟිය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව වැදගත් වන්නාක් මෙන්ම තමන් කරන රස්සාවට කොතරම් ගරු කරන්නේදැයි ප්‍රකාශවන අවස්ථාවක්ද විය. රස්සාව කරන ස්ථානය වතුර ගලාගෙන යන කලපුවේ ස්ථානයක් වුවත් එය ආසීර්වාද ගැන්වීමෙන් මේ බව පෙන්නුම් කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article