spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ දේශපාලන ඉරණම තීන්දු වෙන ලකුණු ?

Must read

nimal_lanza_act

 

මාකදුරේ මදුෂ් සමග සම්බන්ධතා පැවැත්වු ගම්පහ ප්‍රදේශයේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන රාජිත සේනාරත්න අමත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය අදහස් මාධ්‍ය හමුවේ  දක්වා තිබුණි..
එහිදී මාධ්‍ය හමුවේ  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කොට තිබුණි.
“එතුමා කියන විදිහට මදුෂ් සමග කුඩු ව්‍යාපාරය කල පුද්ගලයා හිටපු ජනාධිපතිවරයෙක් හෙලිකොප්ටරේ ගිහින් බේරගත්තා කියලා. හෙලිකොප්ටරේ ගිහින් බේරගත්තේ කවුද කියන එක ලංකාවම දන්නවා. ඒක දෙරණ නාලිකාවේ සජීවිව ගියා. කුඩු වලට ගිහින් වැටලීමක් කළාම හෙලිකොප්ටරයෙන් ගිහින් බේරගත්තේ නිමල් ලන්සා මහත්තයාව. මදුෂ් වමාරලා ඒ දේවල් කියලා තියෙනවා.
ඒ වගේම මදුෂ් කියලා තියෙනවා එයා සමග සම්බන්ධතා පැවැත් වු  පොහොට්ටුවේ 3න් දෙනෙක් ඉන්නවා ඒ සේරම ඉදිරියේ දී හෙලිවෙයි.“.
මධුෂ් විසින් කරන්නට යෙදුන මේ හෙළිදරව් කිරිම් හා ඒවා මාධ්‍ය හමුවේ පුළුල් කථාබහකට ලක්විමට ඉඩකඩ සැලසෙමින් තිබිම එළඹෙන මැතිවරණය සමය තුල ක්‍රියාත්මක විමට නියමිත සැලසුම්වල කොටසක් මේ ආකාරයෙන් එළියට පැමිණිමක්ද යන කතා බහක්ද මතුව තිබේ.
අත දිගහැර මැතිවරණ  වලදි සල්ලි වියදම් කිරිමට ඉදිරිපත්වු නිමල් ලංසා වැනි ප්‍රකෝටිපතියන් කොටු කිරිම යනු යළිත් ජනපති සිහින දකින අපේක්ෂකයන්ගේ දේශපාලන සැලසුම් අතර මේ කාලය තුල දෝලනය වෙමින් ඇති තවත් දේ අතර එකකි..බොහෝ දේවල් වලින් මුදල් විසි කරමින් කට්ටිපනිමින් සිටි ලංසා වැනි කලු සල්ලිකාරයන්ගේ අනාගත ඉරණම තීන්දු කරන දිනය වැඩි ඈතක නොවන බව නම් පැහැදිලිය.ජනපති සිරිසේන කුඩු පාලනය කිරිම සදහා ශිෂ්ඨ සම්පන්න ලෝකයේම අපකිර්තියට පත්වෙමින් මරණ දණඩනය ක්‍රියාත්මක කිරිමට අරඅදින පසුබිමක කුඩුජාවාරම්කරුවන්ට නිදැල්ලේ ඉන්නට ඉඩ තබයිද?
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article