විශ්‍රාම වැටුප් පනතට එරෙහිව නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් 2011 මැයි 30 වනදා සිදුකළ උද්ගෝෂණයේදී පොලිසිය කළ වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන් චානකගේ තෙමස් සැමරැම හා පොලිස් පහරකෑමට ලක්වූවන් සමරා විරෝධතාවක් ඊයේ කටුනායක නි.වෙ.ක මංසන්ධියේදී පැවැත්විණි. මෙම අව්ස්ථාවට රොෂේන් චානකගේ මව , පියා ඇතුලු ඥාතීන්, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන,හා කම්කරැවන් සහභාගී වූහ. මෙම විරෝධතාවය සංවිධානය කර්‍න ලද්දේ ‘නිදහස් වෙළද කලාපයේ කම්කරැ සහයෝගීතාවය විසිනි.














