spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝහල ඉදිරිපිට පාමසි මාෆියාව

Must read

(8.27am)මීගමුව රෝහල ඉදිරිපිට ඇති ෆාමසි කිහිපයකින් බෙහෙත් ගැනීමේ දී බොහෝ අවස්ථාවල මිළගණන් විවිධය. සේලයින් බෝතලයක මිල රු 70 සිට

රු 100දක්වා මිළකට අළෙවි කරනු ලබයි. එකම ෆාමසිය දින දින දෙකක් ඇතුළත ගණන් දෙකකට එකම දෙ අළෙවි කරනුලබයි. 15 වනදා මීගමුව රෝහල ඉදිරිපිට ඇති ක්‍රිස්ටල් නම් ෆාමසියෙන් සේලයින් බෝතලයක් පාරිභෝගිකයෙකු මිළදී ගෙන තිබුණේ රු 85කටය.එම පාරිභෝගිකයාම 16වනදා එම ෆාමසියෙන්ම සේලයින් බෝතලයක් ගන්නා විට එය රු 100ක් වී තිබුණි.එ් සම්බන්ධයෙන් හේතු විමසු විට ඇය පවසා තිබුණේ සේලයින් බෝතල් ඉවරයි මේවා විකුණන්නේ තවත් කඩයකින් ගෙනවිත් කියාය.මේ පාරිාභා්ගිකයා නැවත ප්‍රශ්න නොකළා නම් රු 100ට සේලයින් බෝතලයක්
රැගෙන ආපසු යන්නට තිබිණි. මේ ආකාරයට මීගමුව රෝහලට පැමිණෙන හදිසි රෝගීන් මිළ ගණන් බලන්නේ නැතිව කෙතරම් සූරාකෑමකට ලක්වෙනවා ඇත්දැයි සිතාගත හැක.හදිසි අවශ්‍යතාවයකදී බොහෝ පාරිභෝගිකයන් ගණන් අසන්නේ නැත.මේ ආකාරයට මිළ පාලනයක් නැතිව අළෙවි කරන ⁣ෙඖෂධ ගැන අවධියෙන් සිට ඔබත් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න.images

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article