spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංකාවේ ”දුම්රිය සරත්” ස්විට්සර්ලන්තයේ කැන්ටන් පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලයි.

Must read

මේ අප්‍රියෙල් 7 වෙනිදා ස්වීට්සර්ලන්තයේ නැඟෙනහිර කොටසට අයත් Thurgau කැන්ටන් හී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. Thurgau යනු ස්විට්සර්ලන්තයේ කැන්ටන් 26න් එකක්. එහි පාර්ලිමේන්තුව නියෝජිතයින් 130 දෙනෙකුගෙන් සමන්විතයි. ඊට අයත් අමාත්‍ය මණ්ඩලය ධුර 5ක්.

Thurgau කැන්ටන් යනු දිස්ත්‍රික් 5 කින් සමන්විත බල ප්‍රදේශයක්. එම දිස්ත්‍රික්ක පහ අතුරින් වර්ග කිලෝමීටර් 279.6 වූ Frauenfeld දිස්ත්‍රික්කයෙන් එරට පුරවැසිභාවය ලද ශ්‍රී ලාංකිකයෙකු මෙවර මැතිවරණයට තරග කරනවා. Frauenfeld ඇතුලත් මංත්‍රී ගණන 32ක් වන අතර 2020 වාර්තා අනුව එහි ජනගහනය 69,773ක්. එහි මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් තරග කරන්නේ සරත් මද්දුමගේ යි.

සරත් මද්දුමගේ දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තය වෙත ගිය ශ්‍රී ලාංකිකයෙකි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු එරට ට සංක්‍රමණය වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ යි.

“මේක ජර්මානු භාෂාව කතා කරන බහුතරයක් ජනතාව ඉන්න දිස්ත්‍රික්කයක්. Frauenfeld ඉන්න ස්විස් ජාතිකයන් වගේම බොහෝ සංක්‍රමණික පිරිස් දැනටමත් මට සහයෝගය දක්වනවා. මෙහි ඉන්න ආසියානු, අප්‍රිකානු සහ ලෝකයේ සෙසු රටවලින් Frauenfeld වෙත ආ බොහෝ දෙනා මම වගේම දේශපාලන රැකවරණය ලබා ස්විස් පුරවැසිභාවය ලැබූ අය. මම තරග කරන්නේ ස්විස්ටර්ලන්තයේ හරිත පක්ෂයෙන්.

මුළු Thurgau කැන්ටන් එකටම පක්ෂ දහයකින් අපේක්ෂකයින් 630ක් සහ අපේක්ෂිකාවන් 384ක් ඉදිරිපත් වෙනවා.

2009 නොවැම්බරයේ ස්වීට්සර්ලන්තයේ ‍දේශපාලන රැකවරණය පතන්නෙකු ලෙස මෙහි පැමිණි මම පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ ස්විස් පුරවැසිභාවය ලබාගත්තා. ඊටත් කලින් ඒ කියන්නේ 2013 සිට සුවිස් පෙඩරල් දුම්රිය සේවගේ මම වැඩ කරනවා.

Thurgau කැන්ටන් වල ජනගහනය ලක්ෂ තුනකට ආසන්නයි.

මම නියෝජනය කරන හරිත පක්ෂය ස්විස්ටර්ලන්තයේ ආරම්භ වුණේ 1971 දීයි. ඒ Neuchâtel නගරයේ දී. 1983 දී මේ පක්ෂය කොටස් දෙකකට වෙන්වෙනවා. මම එයින් වාම කණ්ඩායම නියෝජනය කරන හරිත පක්ෂයෙනුයි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ” යි සරත් මද්දුමගේ පවසනවා.
(ඉහත සටහන පළකරල තිබුනේ A5 වෙබ් අඩවියේ )

අපි කව්රුත් ලංකාවේදි මේ වෘත්තිය සමිති ක්‍රියාධරයව ඇමතුවේ දුම්රිය සරත් කියල.ඔහු වැඩකලේ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය නඩත්තු අංශයේ .

සරණාගතයෙකු ලෙස ස්විස්ටර්ලන්තයට එන සරත් ඉතාමත් ඉක්මනින් ඒ සමාජයත් එක්ක සම්බන්ධ වෙනවා.සරත් කියන්නේ සමාජ සම්බන්ධකම් නැතුව ජිවත් වෙන්න පුලුවන් කමක් තිබුන කෙනෙක් නෙමේ.ආපු කාලේම සමාජයට  බැහැපු සරත්ට හැබෑවට ආදරය කරපු මිනිස්සු ගැහැණුන් පිරිසක් මුණගැහෙනවා.එයාලගෙත් සහයෙන් සරත් කඩිනමින්  භාෂාව ප්‍රගුණ කරනව.එයා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ සමාජ වැඩත් එක්ක හරි හරියට බද්ද වෙනව.

ඔහු හැමතිස්සේම තමන් එදා ඉදන් විශ්වාස කරපු ප්‍රතිපත්ති වලට කොන්දේසි විරහිතව පෙනි හිටපු කෙනෙක්.
ජාතිවාදය විරුද්ධව ලංකාවේ විතරක් නෙමේ ස්විස්ටර්ලන්තයේදීත් පෙනි හිටියා. ඒ නිසාම තමයි පලස්තිනයට එරෙහි ඊශ්‍රායලය දියත් කරල තියෙන ම්ලේච්ජ යුද්ධයට එරෙහිව සරත් ඒ සියළු අරගලය වලට එකතු වෙන්නේ .

සරත්ගේ වෘත්තිය දැනුම ඔහුගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දාන්න හේතුවෙනව. ඔහුට තමන් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කරපු විදියේම රැකියාවක් ස්විස්ටර්ලන්ත දුම්රිය සේවාව තුලත් ලැබෙනවා.

සරත් ස්විටර්ලන්තය තුල සමාජ දේශපාලන සත්වයෙකු ලෙස ජිවත් වෙද්දි එයාලගේ භාෂාව හැකි උපරිමයෙන් ඉගෙන ගන්න ඕන කියල හිතනව. ඔහුගේ මේ උත්සාහයට ඒ වෙනකොටත් ඔහුට හමුවෙලා තිබුන හැමෝම උදව්කරනව.
සරත් භාෂාව හොදට හසුරුවන්න පටන් ගන්නව. ඔහු ජිවත් වෙන ෆලුන්ෆිල්ඩ් පැත්තේ වැඩිපුර කථාවෙන්නේ ජර්මන් භාෂාව. දැන් ඔහු විවිධ සමාජ දේශපාලන සභාවලදි කථාවක් පවත්වගන්න පුලුවන් මට්ටමට භාෂාව දියුණුකරගෙන ඉන්නව.

සරත් චිත්‍ර අදිනව ප්‍රදර්ශන පවත්වනවා,කවි ලියනව, ඒ විතරක් නෙමෙයි නාට්‍ය වලත් රගපානව.අපේ අමු භාෂාවෙන්ම කියනවනම්  මිනිහ මාර පොරක් .

මේ සියලු මැදිහත්විම් හරහා සරත් හමුවෙන ආදරණිය මිනිසුන් සහ ගැහැණුන්ගේත් දායකත්වයෙන් ලංකාවේ දුප්පත් පාසල් දරුවන්ට උදව් කරන්න පුලුවන් විදියේ වැඩපිළිවෙලක් හදන්නත් මුලපුරනවා.
එහෙම ගත්තම සරත් ලංකාවට අදාල එයාට  කරන්න පුලුවන් පොඩි දෙයක් හරි කරන්න අමතක නොකරන චරිතයක් බවට පත්වෙනව.

ඔහුගේ මේ පැතිරුන මානව දායාව සහෝදරත්වය දේශපාලනික ස්ථාවරයන් සියල්ලට දැවන්ත ශක්තියක් ගෙන එමින් ඔහුට ස්විස්පුරවැසිභාවයත් හිමිවෙනව.
දැන් ඡන්දෙ ඉල්ලන්ත පටන් ගත්තා විතරක් නෙමෙයි ඔහුත් එහි කාලක් තිස්සේ එහි වෙසෙන දමිළ සගයකුත් එක්ව තමයි  එයාලගේ ඡන්ද කැම්පේන් එක කරගෙන යන්නේ.
මේ කාලේ ස්විටර්ලන්තයේ තියෙන හීතලෙත් නොතකා සරත් සහ ජෙයා එයාලගේ කට්අවුට් නගරයේ ප්‍රධාන තැන්වල එල්ලනව. තමන්ගේ ගෙවල් ඉස්සහරත් එකක් ගහන්න සරත් කියල එයා දිනාගත්තු මිනිස්සු ගැහැනු එයාට කියනව.

ඡන්දෙ තියෙන්නේ අප්‍රේල් 07. සරත් දැනටමත් හොද පදනමක් හදාගෙන තියෙනව.සරත්ගේ  ජිවින  විලාසිතාව වෙච්ච සාමාජ දේශපාලන ජිවිතය තුල ඉදිරියේදි පිමි පනිමින් ඉස්සරහටම යන මිනිහෙක් කියන අපට නම් ස්ථිරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article