spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිණි කාෂ්ටකේ කරවල වේලන මීගමුවේ කාන්තාවෝ

Must read

 

දුෂ්කරතා රැසක් මැද මේ දිනවල පවතින අධික අව්රස්නය දරාගෙන මුහුදු මාළු කරවල කිරීම සඳහා මීගමුව කුට්ටිදුවේ එම රැකියාව කරමින් ජනතාවට පෝෂ්‍යදායක ආහාරයක් දීමට වෙහෙසන කාන්තාවන්ගේ අඳෝනාවක්  මෙසේ  ප්‍රකාශ කළේ

අවුරුදු 65ක් වයස ඇති පිටිපන පදිංචි ශ්‍රියානි සහ මීගමුවේ පදිංචි තිරේසා අවුරුදු (64)

අපි හැමදාම උදේ හයට පමණ රැකියාවට එනවා,සවස හය වනතුරු දහඩිය වගුරාගෙන රැකියාව කරනවා ,මේ දිනවල පවතින තද අවුරස්නය කොහොමත් දරාගැනීමට බැහැ,මුළු ඇඟම පිච්චෙනවා,කොච්චර වතුර බිව්වත් තිබහයි,ඇතැම් විට බෝතල් වලින් වතුර ඇඟට දමා ගන්නවා,මොනව කරන්නද ජීවත් වෙන්න අවශ්‍ය නිසා මේ දේ කරනවා,ගෙදර යාමට සූදානම් වන විට ඇඟපත රිදෙනවා උණ වගේ දැනුනත් වේදනාව තබාගෙන වැඩ කරනවා, වැඩට ආවොත් තමයි පඩි ලැබෙන්නේ දවසකට මුදලාලිලා දෙන්නෙක් තුන්දෙනෙකුගේ මාළු වේලීමේ කටයුතුවලට සම්බන්ධ වෙලා රුපියල් 1000 පමණ හොයා ගන්නවා,

අපේ දුක අහන්න කවුරුත් එන්නෙත් නැහැ,මේ දුක කාටත් පෙනෙන්නෙත් නැහැ,වැස්සට තෙමීමටත් අව්වට වේලීමටත් ඇතැම් දිනවල දරා ගත නොහැකි සුළංවලට අසුවීමටත් සිදුවෙනවා,ලෙඩක් හැදී රෝහලට ගියොත් ඇතැම් දිනවල බෙහෙත් ගන්නට බැහැ.

රේමන්ඩ් අපෝන්සු

රේමන්ඩ් අපෝන්සු

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article