spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසල සැප විඳින අල්ලපු වැටේ ජනයා දුක්විඳින දළුපත ?(වීඩියෝ)

Must read

IMG-20191026-WA0098
පසුගිය දිනවල අැදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා මීගමුව දළුපත පෙත්තන් ඇල උතුරා යාමෙන් පීඩාවට පත් ගම්වාසීන් පිළිබඳව කතාවක් අප සමාජ ගත කළෙමු .
මෙම ඇලේ ඉහල ප්‍රදේශයේ මිනිස් ජීවිත වලටද එම තත්වය උදාවී ඇති අතර ඒ සඳහාද වගකිවයුත්තන්ගේ විසඳුමක් ඉදිරිපත් වී නැත .
මේ වනවිට ගංවතුර බැස ගියද සියළු ජරා වතුර පාගාගෙන ගමන් කිරීමට ඔවුන්ට සිදුවී ඇත . තම නිවසින් ඔවුන් දෙපා තබන්නේ ජරා වතුරටය. එසේම නිවෙස් වලට ගොඩ වන්නේද මෙම අප IMG-20191026-WA0089 මැඩගෙනය.
ඇල වසාගෙන සමහරු අනවසරයෙන් ගොඩනැගිලි ඇතුළු වෙනත් ගොඩනැගීම් කරන විට ඒ සියළු දේ සඳහා ඉඩ අවසර දී පාලකයින් නරුම පාලනයක නිරතව සිටී.
ඩෙංගු උවදුර ඇතුළු විවිධ රෝගයන්ට ගොදුරු වන ජනතාවට කිසිදු හව්හරණක් නැත .
නමුත් යම් ආකාරයකට මෙම ප්‍රශ්ණය විසඳීම සඳහා සාමුහික ප්‍රයත්නයක් දැරිය යුතුව ඇත .මීගමුව පාලනය වන්නේ දශක ගණානාවක් පුරා ලංසා පවුල විසිනි. එනම් පොහොට්ටුවේ බලකදවුර විසිනි.මේ දශකය කාලය තුල අප දන්නා තරමින් කිසිදු වෘත්තියක නියැලුනේ නැති නිමල් ලංසාට දළුපත ප්‍රදේශයේ සුපිරි මාළිගාවල් වැනි නිවාස දෙකක් හිමිය. මෑතකද රුපියල් කෝටි 7 ක් පමණ වැය කරමින් මාස 6 ක් වැනි කෙටිකලින් හැදුනු මාළිගාව දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තම පුතුටය.
එමෙනම් මීගමුවේ ජනයාද දන්නා පරිදි කිසිදු රැකියාවක් නොකල දයාන් ලංසාද රුපියල් කෝටි 3 ද ඉක්මවු සුපිරි නිවසක් කටුවාපිටියේ තනා ඇත.ඔවුන් සැබැවින්ම ආරක්ෂිතය. වතුර ගලන්නේ නැත.පොඩි වැස්සටත් යටවි දිනපතා නිවෙස් තුල පිරෙන වතුර තුනටිය කඩාගෙන වෙසෙන්නේ නැත.ඔවුන් ඒ තරම් වාසනාවන්තය.තතු එසේව තිබියදි දළුපත ජනයාව තව්ත් පිඩාවට පත්කිරිමට තව තවත් අනවසර ඉදිකිරිම් සදහා අනුබල දෙති.මේ දිනවල දළුපත හැදෙන නිති විරෝධි ගොඩනැගිල්ල කදිමම නිදසුනකි.
දළුපත වැසියන් එහි ගොස් මේ අනවසර ගොඩනැගිල්ල නිසා වැසි සමයේ ඔවුන්ට විදින්නට වන පිඩාව ගැන කරුණු කියද්දි චණ්ඩිපාට් දැමු හිමිකරු කියා ඇත්තේ තමා ලංසලගේ සගයෙකු බවය.
මේ සියළු මාටියා පාරවල් වලින් ලංසාලා සුරසැප විඳිද්දි දළුපත ජනයා අපායකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article