spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ ඇමතිධුරයෙන් කියැවෙන දේශපාලන යථාර්ථය !

Must read

image_9815aff01fනව රජයේ රාජ්‍ය  ඇමතිධුර සහ නියෝජ්‍ය ඇමතිධුර ලබා දිම දැන් අවසන්ව තිබේ.මේ අතර දැන් ඇත්තේ ලැබි ඇති ඇමතිධුරවල බර පිළිබදව කථා බහකි.
ඒ අතර විශේෂයෙන්ම තමන් වෙත වගකිම පැවරුන ආසන 2 කක් පරාජය කරගත් නිමල් ලංසා පිදුම් ලබා ඇත්තේ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයා ලෙසින්ය.
එය බැලු බැල්මටම පෙනි යන්නේ ඇමතිකමක් දිය යුතුව තිබෙන නිසා දුන්නා මිසක් ඒ ඇමතිධුරය හා ලංසාට කිසිදු සම්බන්ධයක් නැති බවය.
එමෙන්ම කිසිදු බරක්ද නැති බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩල තේරිම අනුව නම් ලංසාට හිමිවිය යුතුව ඇත්තේ එක්කෝ ධිවර කටයුතු හා බැදුන එකකි.
නැතිනම් සංචාරක ව්‍යාපාරය හා බැදුන එකකි.
එහෙත් නිමල් ලංසාට එවැනි බරක් සහිත ඇමතිධුරයක් ලැබි නැත.එයට සාපෙක්ෂකව ගම්පහ දිස්ත්‍රික්කයේම දිවුලපිටිය ආසනය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ වෙත ලැබි ඇත්තේ  රාජ්‍ය පරිපාලන ,පළාත් සභා,හා පළාත් පාලන කටයුතු පිළිබද ඇමතිධුරයයි.නිමල් ලංසා යහපාලන ආණ්ඩුවේ සිටියදි දරු ඇමතිධුරය වි තිබුනේ ඉන්දික අනුරුද්ධට ලැබුන ඇමතිධුර භාගයක් තරම් එකකි.
එනම් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන විය .
මේ අනුව පෙනි යන්නේ ගෝඨාභය රාජපක්ගේ ආණ්ඩුව තුල නිමල් ලංසා කිසියම් ආකාරයකින් කොන්වෙමින් ඇති අයුරු නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article