ලංසාල ධිවර සංවිධානයකට ලබාදුන්න මාලිමා මන්ත්‍රිවරියක් පෙරපාසැලක් කරන ගොඩනැගිල්ල නගර සභාවට පවරගන්නේ නැද්ද?
අපි දිගින් දිගටම මතු කරපු කාරණා ගැන දැන් නගරාධිපති රොබට් හීන්කෙන්ද යම් තරමකට හෝ ක්‍රියාත්මක වෙන්න පටන් අරන්.
ලංසාල එයාලගේ පවුලේ බුදල් කියල හිතාගෙන එක එක අයට නොමිලෙම දිල තිබුන ඉඩම් පහුගිය දවස් වල ආයේ නගර සභාව පාලනය යටතට ගන්න පටන් අරගෙන තිබුන.
කුඩාපාඩුවේ තියෙන මහනගර සභාවට අයිති ගොඩනැගිල්ලක් ලංසාල ධිවර සංවිධානයකට දිල තිබුන
එකේ උඩ තට්ටුවේ මාලිමා නාගරික මන්ත්‍රිවරියක් දැන් කාලෙක ඉදන් මුදල් අයකරල පෙරපාසැලක් පවත්වගෙන යනව.
ඒ ගොඩනැගිල්ලෙම පහත මාලයේ නගර සභාවෙන් මුදල් අයකිරිමකින් තොරව කරගෙන යන පෙර පාසැලකුත් තියෙනව.
දැන් නගරාධිපති හීන්කෙන්ද මේ ගොඩනැගිල්ල ලගට ගිහින් සීල් තියල පවරගන්නේ කවදද කියන එක ගැන බොහෝ දෙනෙක් විමසිල්ලෙන් බලන් ඉන්නව.
නීතිය නම් නීතිය .නීතිය නමන්න කාටවත්ම ඉඩක් නැ.










