spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුල පිටින් රට ගියේ FCID කේස් නිසා ?

Must read

naimal lansa 100

ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මේ වන විට සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් ඇතැයි වාර්තා වේ.

මීට මසකට ඉහතදී පමණ සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රෙලියාට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා, පෙබරවාරි 08 දා යළිත් මෙරටට පැමිණෙන බවට වාර්තා වී තිබුණද ඔහු තවමත් පැමිණ නැත.

මේ අතර, රාජපක්ෂ සමයේ දී කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) අතරතුරදී සිදුව ඇතැයි පැවැසෙන මූල්‍යමය වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (FCID) මේ වන විට කටයුතු කර තිබෙන අතර, එම සමුළුව සංවිධානය කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අතර නිමල් ලංසා ද සිටියි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඕස්ට්‍රෙලියාවට ගොස් ඇත්තේ මේ හේතුව නිසාවෙන් බවද පැවසේ.

කෙසේවෙතත්, විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන්නේ පසුගිය රජයේ පාලන සමය තුළ නිමල් ලංසා, විශාල ධනස්කන්ධයක් උපයා ගත්තද ඔහුගේ ධනයේ විශාල කොටසක් ඇත්තේ ඔහු ගේ නමින් නොව වෙනත් පුද්ගලයන් ගේ නම් වලට බවයි.

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article