spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුල මෙවරත් වෙනත් නමකින් බීච් පාක් එකට!ටෙන්ඩර් නොදමා අයිතිය ඉල්ලයි !

Must read

beach-prk-1මීගමුව  වෙරළ  උද්‍යානය  ඉතා  සුන්දර  ස්ථානයකි. ඒ  බව  අපි  කව්රුත්  දන්නා  නමුත්  එහි  අප  නොදන්නා    දේවල්  තිබෙන  අතර  ඒවා  අපට  හොරෙන්  ක්‍රියාත්මක  වන  ඒවාය.  මෙම  ස්ථානය  විශාල  ආදායමක්  ලබාදෙන  ස්ථානයකි.  අතීතයේ   මෙවන් සුන්දර   ස්ථාන  තමන්ගේ  පුද්ගලික  දේපලක්  ලෙස  තිබී  පසුව ඒවා  පොදු  පරිහරණය  සඳහා  පරිත්‍යාග  කළ  නගරාධිපතිවරු  මේ  නගරයේ  සිටි  බව  අපි  දනිමු.  රාජපක්ෂ  උද්‍යානය  එවැනි  පරිත්‍යාගයකි.  නමුත්  දැන්  සිදුවන්නේ  එහි  අනික්  පැත්තය.

මෙම  වෙරළ උද්‍යානය  නගරසභාව  විසින්  ටෙන්ඩර්  කැඳවීමකින්   එහි  කටයුතු  පුද්ගලයෙකුට  පවරයි.  වසර  ගනනාවක්  තිස්සේ  මෙම  ටෙන්ඩරය  තමන්සතු  කරගැනීමට  සමත්වී  සිටින්නේ  ලංසා පවුලේ  අයයි. මෙවරද  ඉල්ලුම්  කරුවෙකු  ලෙස  ඔවුන්  මැදිහත්වී  ඇත.  නමුත්  ඉල්ලුම්කරුගේ  නම  වෙනස්  එකකි.  එහි  සඳහන්  වන්නේ  එච්. ඩී. බුද්ධික  ධර්මේන්ද්‍ර  යන  නමකි.  නමුත්  සැබෑ  අයිතිය  ඇත්තේ  නගරාධිපතිවරයාගේ  පියාට  බව  ප්‍රසිද්ධ  රහසකි.  මෙවර  ඔවුන්  ඉල්ලා  සිටින්නේ  ටෙන්ඩර්  කැඳවීමකින්  තොරව  මෙහි  අයිතිය  මෙවර  ලබාදෙන  මෙන්ය.  එයට  දක්වන  හේතුව නම්  පසුගිය  කාලය තුළ  ඇතිවූ  බෝම්බ පිපිරීමේ  සිදුවීම  සහ  ඒ නිසා  පැමිණෙන  සෙනඟ  අඩුවීමයි.  රටේ  නීතිය  අනුව  ගනකාධිකාරිවරයාගේ  ඉල්ලීම  වන්නේ   ටෙන්ඩර්  කැඳවිය යුතු  බවයි.  එමෙන්ම  මෙම  ටෙන්ඩරය  දැමීම  සඳහා  තවත්  මාස  4ක  පමණ  කාලයක්  ඇත.  ඒනිසා  මේ  හදිස්සිය  කුමක්  නිසාදැයි  ප්‍රශ්ණ කළ යුතුව  ඇත. නමුත්  එසේ  ප්‍රශ්ණ  කිරීම  සඳහා  ඉදිරිපත්වන  කිසිවෙකු  නැතිවාසේම   මෙකී  අසාධාරණයන්  සඳහා  උදව්ද කරයි.මේ  අනුව  කිසිවක්  නොසළකා  මහ නගරසභාවේ  මුදල්  කාරකසභාව  මෙය  අනුමත  කරයි.  නගරාධිපති  පුතා  විසින්  දකින   විවිධ  අසාධාරණයන්  තමන්ගේ  පියාගේ   මෙම  කටයුත්තේදී  සාධාරණීකරණය  වන්නේ  ඊට  හූමිටි  තියන  මෙවැනි  ගෝලබාල  පිරිසක්ද  මේ  නගරසභාව  තුළ  සිටින  හෙයිනි.beach park 1

වසර   ගනනාවක්  තිස්සේ  මෙහි  නඩත්තු  කටයුතු  සිදුවන්නේ  තමන්ගේ  පුද්ගලික  වියදම  මත යැයි   මේ සඳහා  ඉල්ලුම්  කරන  ලිපියේ  දක්වා  ඇත.  නමුත්   මීගමුව  නගරසභාවේ  සේවකයින්  විසින්  එම  කටයුතු  සිදුකරනබවට  තොරතුරු  අපට  ලැබී  ඇත. මෙවැනි  දේවල්  සිදුවන  නගරසභාවේ  ඊට  විරුද්ධව  කිසිදු  හඬක්  නැගිමට  එ. ජා. ප. හෝ  ජේ. වී. පී වැනි  කිසිදු  පක්ෂයක්  ඉදිරිපත්වන්නේ  නැත.  නමුත්  එක්තරා  කාලයක  ජ. වි. පෙ.  සිටි එකම   සාමාජිකයා වූ  ශිරාන්  මන්ත්‍රීවරයා  විවිධ  ප්‍රශ්ණ  ඉදිරියේ විරුද්ධත්වය ප්‍රකාශකරමින්   ක්‍රියාත්මකවූ  ආකාරය  අපි  දැක්කෙමු.  අද  මේ  අය  නගරාධිපතිවරයාගේ  ජනතාද්‍රෝහී  ක්‍රියාවන්හිදී   ගොළුවන්  බිහිරන්  සේ  හැසිරෙයි.  රටේ  බලය  ඉල්ලා සිටින  මේ  අය  ගමේ  සිදුවන  මෙවැනි  දේවල්  තුළ  වගකීමක්  ඇති අය  ලෙස  ජනතාවට  දෙන  පනිවිඩය  කුමක්දැයි  ඇසිය යුතුව  ඇත.

බීච් පාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article