spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලක්ෂ 5 කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

Must read

Amatharakotas-web-825x412

( 2.00 pm ) මෝටර් රථ අමතර කොටස් සහ තීන්ත වර්ග ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 5 කට පමණ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇතැයි මෝටර් රථ සේවා සැපයුම්කරුවන්ගේ සංගමය (SLASPA) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

‘‘ආනයන සීමා කිරීම් හේතුවෙන් විශේෂයෙන්ම පින්තාරුකරුවන්ගේ මෙන්ම මෝටර් රථ කාර්මික ශිල්පීන්ගේද රැකියා අවස්ථා අහිමි වී ඇත.

මීට අමතරව අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් අලුත්වැඩියාව සඳහා යොමුවන මෝටර් රථ ගරාජ්වල රඳවා තබන තත්ත්වයක්ද උද්ගතව තිබේ’’ යැයි එම සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.

මෙලෙස ක්ෂේත්‍රයේ රැකියා ආරක්ෂා කරන අතරතුර දේශීය මෝටර් රථ සේවා සමාගම් සඳහා මාස 84 ක කාලයක් සඳහා බදු සහන ලබාදීමට මැදිහත් වන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේ අමතර කොටස් ගෙන්වීම සඳහා ආනයන බලපත්‍ර ලබාදෙන ලෙසද සිය ලිපියෙන් සංගමය ඉල්ලා ඇත.

රටින් පිටතට මුදල් ගලා යෑම වළක්වා කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ රැසක් මෙරටට ආනයනය කිරීම රජය විසින් තාවකාලිකව තහනම් කර ඇත.
aruna.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article