spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලස්සන වීමට ප්‍රමිතියෙන් තොර ආලේපන හැදූ ව්‍යාපාරිකයන් නීතියට කොටුවේ

Must read

whiteningsකාන්තාවන්, පාසැල් ළමුන් මෙන්ම පුරුෂ පාර්ශවය විසින් කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitinig Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුල රටේ ජනතාවට හෙළි කරන ලදි.

පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ආලේපන වර්ග 3ක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කොට පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නා ලදී.මෙම ආලේපනවල අඩංගු විය යුතු රසදිය ප්‍රමාණයන් SLS (743:2014) ප්‍රමිතියට අනුකූලව 1.0 mg/kg විය යුතු වුවත්, පරික්ෂා කරන ලද ආලේපනවල එකී අගයන් අතිශයින් ඉහළ අගයක් බව තහවුරු වී ඇත. පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වූ රසදිය ප්‍රමාණයන් පහත පරිදි වේ. ආලේපනයේ වෙළඳ නාමය රසදිය ප්‍රතිශතය (mg/kg) Malika Beauty Cream 51752 Golden Life Beauty Cream With Papaya and Aloevera 20292 Nuha White Beauty Cream 20466 එකී ආලේපන වර්ග විකිණීමට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයාට එරෙහිව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී එක් ආලේපනයකට රු.25,000 බැගින් රු.75,000ක දඩ මුදලක් නියම කර අවවාද කොට ඇත.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත තවදුරටත් මෙම ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග වලින් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article