දැන් බොහෝ තැන්වල මේ ලිටර් 19 වතුර බෝතල් පාවිච්චියට ගන්නව.මේවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්ණ එමට ඇති.
ඒව එහෙම වෙද්දි දැන් මතුවෙලා තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි පාලන මිළක් නැති කම .
ඒ හින්ද එක එක තැන්වල එකම සන්නාමය වුනත් මිළ ගණන් කීපයකට අලෙවි වෙනව.
දැනට වාර්තා වෙලා තියෙන විදියට මේ එක වෙළද සන්නාමයකට අයත් ලිටර් 19 වතුර බෝතල් රු 170 ඉදන් රු 240 දක්වා මිළ පරාසයක අලෙවි කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් ආදල බලධාරින් නිසි පියවර කඩිනමින් ගන්න වෙනව.
වැඩේ කියන්නේ මේ වතුර බෝතල් කරන කොම්පැනිකාරයොත් පාරිභෝගිකයව ගසාගෙන කන්න කඩකාරයන්ට උපරිම පහසුකම් සලසල තියෙනව.
මොකද මේ වතුර බෝතල් වල ගහල තියෙන මිළ හින්ද
රු 350 ඉදල රු 400 අතර මිළ පරාසයක මේ මිළ ගණන් පවතිනව.මේ හින්ද කඩකාරයන්ට හිතු ගානකට මේව අලෙවි කරන්න හැකිවෙලා තියෙනව.

















