spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලිප් හදා,හිත් නොකඩා,සිනාසි ,දිවිගෙවන අලී !

Must read

IMG-20191202-WA0006IMG-20191202-WA0009කාමච්චෝඩය ප්‍රදේශයේ මහවීදිය දේවස්ථානයට ආසන්නයේ , ඇලස්පාරට හැරෙන ස්ථානයේ කඩල කඩය ඉදිරිපිට ඇති යතුරු තහඩු , යතුරු , පරණ ගෑස් කුකර් ගොඩගසා ඇති කුඩා කඩකාමරය ඔබ දන්නවා ඇති. නිතර දෙ⁣වේ⁣ලේ මුණගැසී කතා බහ කරන නමුත් ඔහු ගැන විමසා බැලීමට අදහස් කලේ ඔහු සතු වෙනස් හැසිරීම් රටාව නිසාය .
වැඩ අධික නමුත් ඔහු නිතර සිනාමුසු මුහුණින් පැමිණි අය සමඟ කතා කරයි . අපද ඔහු සමඟ කතාබහට යොමු වූයේ ඔහු යතුරු තහඩුවක් පීරි ගාමින් සිටින අවස්ථාවේදීය.
අපි පළමුව ඔහුගේ පුද්ගලික විස්තර ටිකක් විමසා සිටියෙමු .
“මම මොහොමඩ් ලියාකත් අලි. මම ඉස්කෝලෙ ගියෙ 3 පන්තියට විතරයි . අවුරුදු 12 දි තමයි මේ රස්සාවට බැස්සෙ. ඉතින් එදා ඉඳල මේක තමයි මම පවුලක් ජීවත් කරවන්න තෝරගත්ත එකම මාර්ගය.

මේ උපකරණ හදන්න ඉගෙන ගත්තෙ කොහොමද ?

මම තාත්තගෙන් තමයි ඉගෙන ගත්තෙ. අපේ තාත්ත මොහොමඩ් මව්ජුඩ්. එයා දක්ෂ තහඩු බාස් කෙනෙක් . තහඩු වලින් කරන ඕනෑම වැඩක් ඔහු දන්නවා . අපේ පවුලෙ හැමදෙනාටම මේ වැඩ ගැන හැකියාවක් තියෙනවා . අපේ පවුලෙ මට වැඩිමහල් අයියල 3දෙනයි. ඒ තුන්දෙනාම කරන්නෙ මේ රස්සාව . මල්ලි කරන්නෙත් ඒකමයි. අපේ ලඟ ඥාතීන් වැඩි දෙනෙක් මේ ගැන හැකියාව තියෙන අයයි.
ඔබෙන් පස්සෙ මේ ශිල්පයට මොකද වෙන්නෙ?
මගෙ තුන්වෙනි දරුව යන්නෙ මගෙ පාරෙ. එයා මට දෙය්යො දීපු සම්පතක් . එයා දැනුත් මට වඩා දක්ෂයි. තාම අවුරුදු 12යි. ඉස්⁣කෝලෙ යනව. එයා මම නැති වෙලාවට අැවිත් වැඩ කරල රු. 1500/ ක් 2000/ ක් මට ගෙනැල්ල දෙනව.” අනිත් දරුවො කැමති නෑ මේ රස්සාවට .

මේ ස්ථානය කොහොමද ?

ප්‍රශ්ණ තිබුන. නමුත් මම සියල්ල බැලන්ස් කරගෙන යනව. ඒක හරියට තරාදිය බැලන්ස් කරනව වගේ. කටුව ඒ පැත්තට හෝ මේ පැත්තට නොයා මැද තියාගෙන යන්න මට හැකියාව තියෙනවා . ඒකයි මේ ස්ථානයේ වුනත් තවම වැඩ කරගෙන යන්න පුළුවන් වුනේ.
ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ ?
අපි ඉන්නකන් තමයි රත්තරං මේ සේරම කරන්නේ.  ඒනිසා කාටවත් කරදරයක් නොවී අවංකව ජීවත්වීම තමයි වැදගත්.
මම ළමයි 4දෙනෙක් නඩත්තු කරන්නෙ මේ රස්සාව නිසා . ඒ නිසා ඒකට අවංක වෙන්න ඕන. මම වංචාවක් කරොත් ඒක මගෙ දරුවන්ටත් හොඳ නෑ.

සමාජය නරක විදිහට ජරාවට පත්ව තිබියදී , ඉතා ආත්මාර්ථකාමී මිනිස්සු අතර මෙවැනි මිනිස්සුද සිටින බව වැදගත් කරුණකි . ඔවුන් පහත් යැයි සළකා කටයුතු කරන මේ සමාජය ඔවුන්ගේ වැදගත් කම අවබෝධකරගත යුතුයි . ඔබේ ගෑස් කුකර් එක, තරාදිය , යතුරු , යතුරු තහඩු මේ ආදී ඕනෑම උපකරණයක් කැඩුණු විට ඒවා නැවත යතා තත්වයට පත් කිරීමට තැනක් සොයාගැනීම පහසු නැත . මන්ද එවැනි සමහරු වංචාව ප්‍රධාන කොටගෙන කටයුතු කරති . එබැවින් හැකියාව මෙන්ම හැදියාවෙන් යුතු මේ පුද්ගලයා අගය කළ යුතුය.
කාමච්චෝඩය ප්‍රදේශයේ උස් ව්‍යාපාරික ගොඩනැගිලි අතර ලියාකත් අලිගේ කුඩා ව්‍යාපාරික ස්ථානයද නොසලකා හැරිය නොහැකි ස්ථානයකි. මේ ස්ථානයට එන අය නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඔහුටම ආවේනික වූවකි . ඒ සඳහා විහිළු තහළු, නිතර මුවග රැඳුණු සිනහව, නිතර භාවිතා කරන “රත්තරන් ” වැනි වචන මේ ආදී සියල්ල ඒකට හේතුව ලෙස දැක්විය හැකියි .
ලියාකත් අලි ගේ ලිපිනය : 2/2, ඇලස්පාර, මීගමුව .

T. NO. 0768159193

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article