spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලියාපදිංචි කළ මෝටර් රථයක් මිළදි ගැනිමේදි සැලකිලිමත්විය යුත්තේ ඇයි ?

Must read


holden_car_dealer

Registered මෝටර් රථයක් මිලදී ගැනීමේදී හැකිතාක් පුද්ගලිකව විකුණන, හැකිනම් දන්නා හඳුනන අයෙකුගෙන් මිලදීගන්න. Sale එකකින් හෝ දෙවන පාර්ශවකරුවෙකුගෙන් ගන්නේ නම් පහත වියදම් සහ පාඩු විඳීමට සිදුවන අවස්ථාව 1%ක් නොවේ.

1. තැරව්කාර ගාස්තු වාහනයේ මිලට එකතු කෙරේ. තැරව්කරුවෝ කීපදෙනෙකු දායක වුවහොත් ඒ සියල්ල මිලට එකතු කෙරේ.

2. වාහනය සොයාගැනීමට ඔවුන්ට දැරීමට සිදුවූ ගමන් වියදම් සියල්ල ඔබට ගෙවීමට සිදුවේ.

3. යම් හෙයකින් වාහනයට අලුත්වැඩියාවක් කිරීමට සිදුවුවහොත් එයද මිලට එකතු කෙරේ.

4. වාහනයට සිදුවී ඇති ආපදාවක් ඔබට නොදැනුනහොත් (අනතුරකින් සිදුවී ඇති) එහි පාඩුව ඔබට දැරීමට සිදුවේ.

5. තැරව්කරුවන්ගේ ඇගයීම අනුව වාහනය භාවිතා කර ඇත්තේ දොස්තරවරු, ආචාර්ය මහාචාර්ය වරු සහ වැදගත් පෙලේ ප්‍රභූවරුවේ.

6. Low mileage හැටියට පෙන්වුවද මීටරය ආපස්සට කරකැවීම ඉතා සුලභ සිදිධියකි. එයින් වාහනයේ මිල ඉතා වැඩියෙන් සඳහන් කෙරේ. අනිවාර්යයෙන්ම වාහනයේ අතීත සේවාවන් සිදුකල ලේඛන පරීක්ෂා කරන්න. ලේඛන නැතයැයි පැවසුවහොත් බොහෝවිට එය මීටරය ආපස්සට කරකැවූ රථයකි.
එවන් රථයක් මිලදී ගතහොත් ඉතා ඉක්මනින් ඔබට විශාල අලුත්වැඩියා පවා කිරීමට සිදුවේ.

7. වාහන sale වලදී බැංකුවක හෝ මුල්‍ය ආයතනයක සේවා නිලධාරියෙකු ඔබට දක්නට ලැබේවි. මේ අයගෙන් සේවා ලබාගන්නේ නම් ඒ අයටද එම ආයතන විසින් කොමිස් ගෙවනු ලැබේ. එම කොමිස් ඔබේ ණයවාරික වලට එකතු කෙරේ.

8. Insurance ආයතනවලටද එසේමය. ඔබ ගෙවන Insurance premium එකට ඔවුන්ට ගෙවන කොමිස් මුදල් එකතු කෙරේ. එයද ඔබ ගෙවිය යුතුවේ.

9. සාමාන්‍යයෙන් වාහනයක චැසි කොටස පරීක්ෂණ කිරීම ඉතා වැදගත් වේ. එය මදක් අපහසු කාර්‍යයකි. නමුත් වාහනේ සම්ප් එක වැනිදේට හානි වී ඇත්නම් එය විශාල වියදමක් දැරීමට සිදුවන්නකි.

10. Original paint එකට අමතරව පසුව paint කර ඇත්නම් එය කිසිසේත්ම මනා දැනුමක් ඇති අයෙකුගෙන් සැඟවිය නොහැකි‍ය. එම නිසා ඔබ වාහනය නැවත විකිණීමේදී ඉතා පහල මිල ගනන් වලට විකිණීමෙන් ද ඔබට පාඩු සිදුවිය හැකිය. ඔබ තුන්වන පාර්ශවයකින් මිලදී ගන්නේ නම් මේ සියල්ල සූක්ෂම ලෙස ඔබෙන් සැඟවීමට හැකිය.

11. ඉහත යම් අඩුපාඩුවක් ඔබ සොයාගතහොත් හා ඔවුන්ට දැන්වුවහොත් එතෙක් වාහනය රෙකමදාරු කල තැනැත්තා ඔබ නොදන්නා කරුණක් ගෙනහැර දක්වයි නැතහොත් අහිංසකයෙකුවීමට පටන්ගනී. ඔහුද යම් පාර්ශවයකින් මිලදී ගත් බැවින් තමන් නොදැන සිටි බව පවසයි. මේ සියල්ල උගුල් විය හැකිය.

12. ඔබ ඉතා මහන්සියෙන් උපයාගත් ධනය වංචාකරුවන්ගෙන් ප්‍රවේසම් කරගන්න. ඔබ වාහයනක් මිලදී ගැනීමේදී විශාල මුදලක් දරන බැවින් ඔබ වංචාකරුවන්ට හසුවුවහොත් ඊට නීතියේ සරණක් ලැබීමට ද අපහසුවේ. ඊට හේතුව වගකීම් සහිත ආයතනයක මෙන්, Registered වාහන sale එකකින් මිලදී ගැනීමේදී අලෙවියෙන් පසු සේවා ඉතා අල්පවන බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article