spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලුණුකඩ හංදියේ වල යළිත් අනතුරකට අතවනයි ! බලධාරින් නිහඩ ඇයි ?

Must read

2019 දෙසැම්බර් මාසයේ යළිත් වලවල් සැදි ඇති අයුරු
2019 දෙසැම්බර් මාසයේ යළිත් වලවල් සැදි ඇති අයුරු

මීගමුව කොප්පරා හංදියේ සිට එන පාර ලුනුකඩ හංදියේදී රේල්පාර හරහා යන ස්ථානයේ නිතර අනතුරු සිදුවන තැනක් බවට පත්වී ඇත.
මීගමුව නගරයේ සයිකල් බසාර් සාප්පුව අසල ප්‍රධාන පාරවල් 4 ක් මුණගැහෙන හතරමං හන්දියකි මේ. මෙම ස්ථානයේ අවස්ථා කිහිපයකදී අනතුරු සිදුවී ඇත.
මේ දුම්රිය හරස් මගෙහි පාරේ මතුව ඇති වලවල් හේතුවෙන් මේ අනතුරුදායක තත්වය තවත් ඉහල ගොස් තිබේ.
විශේෂයෙන්ම මේ නත්තල් සමයේ සාප්පු සාවාරියේ යෙදෙන දහස් ගණනක් දිනපතා මේ හරහා යති එති.
මෙම ස්ථානයේ ඇති කඩතොළු සහිත වලවල් නිසා විශාල ප්‍රමාදයක් මෙන්ම වාහන තදබදයක්ද මතුව තිබේ.

2018 වසරේ මාර්තු මස වලවල් සැදි තිබුණ අයුුරු
2018 වසරේ මාර්තු මස වලවල් සැදි තිබුණ අයුුරු

ලුනුකඩ හන්දිය නමින් හඳුන්වනු ලබන මෙහි එක්පැත්තකින් නගරයේ ඔරලෝසු කනුව පැත්තේ සිට එන වාහන සහ කොප්පරා හන්දියේ සිට එන වාහනත්, අනෙක් පැත්තෙන් ආවේමරියා රෝහල පැත්තෙන් එන වාහන සහ දෙහිමල් පැත්තෙන් එන වාහනත් මුණගැසේ. මෙම තත්වය නිසා නිරන්තරව කුඩා සහ ලොකු අනතුරු වලට භාජනයවීමේ ඉඩ කඩ වැඩි බව කිවයුතුය .
පසුගිය වසරේදිද මෙම ස්ථානයේ ඇතිව තිබුණ වලවල් පිළිසකර කරවිම සදහා අප දිගින් දිගටම මේ ප්‍රශ්ණය ගැන කරුණු හෙළිදරව් කළද එය පිළිසකර කිරිමට මාස 5 කටත් අධික කාලයක් ගොස් තිබුණි. ඒ අනුව මෙය පිළිසකර කෙරුනේ 2018 වසරේ ජුනි මාසයේදිය.

2018 වසරේ ජුනි මාසයේ පිළිසකර කළ පසු
2018 වසරේ ජුනි මාසයේ පිළිසකර කළ පසු

දැන් යළිත් පෙර ලෙසින්ම වලවල් සහිත කඩතොළු මතුව බරපතල ගැටළු රැසක් නිර්මාණය කර තිබේ.

මේ පිළිබඳව අප පසුගිය වසරේ දුම්රිය ස්ථානාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ එය තමන්ගේ දෙපාර්තමේන්තුවට අදාල නොවන බවයි. එය අදාල වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට බව ඔහු පැවසීය . මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශකළේ ඒ සඳහා සැලැස්මක් සකස්කර යවා ඇති බවයි .එසේම ඔවුන් මෙහි තිබුනු ආරක්ෂක කුටියද කඩා දමා තිබින . මෙම ස්ථානය සම්බන්ධව මීට පෙර අවස්ථා වලදී මීගමුව පොලීසිය විසින් පවත්වන කමිටු රැස්වීම් වලදීද සාකච්ඡාවට බඳුන් වී ඇත . නමුත් මෙම ස්ථානය එනමුත් මෙම ස්ථානය වලවල් හෑරීම නිසා අවධානම් තත්වයකට පත්වී තිබුණි.

මේ වසරේදිස මේ ප්‍රශ්ණය දැන් යළිත් මතුව තිබේ.නමුත් තවමත් කිසිදු විසඳුමක් මෙම තත්වය වෙනස් කිරීමට අදාල පියවරක් කිසිදු වගකිවයුත්තෙකු ⁣ගෙන නැත . අප අවධාරණය කරන්නේ මෙම තත්වයට විසඳුමක් නොලැබීම අනතුරු සිදුවන ප්‍රමාණය වැඩිවීමට හේතුවන බැවින් , ඉක්මනින්ම යම් පියවරක් ගන්නා ලෙසයි. එසේම එය මීට පෙර වරක් කලාසේ තාවකාලික එකක් නොවිය යුතු බවයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article