spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලෙල්ලමේ නඩුවේ ලිඛිත දේශන ලබන ජුනි 20 දා පැවැත්වේ.

Must read

මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට අයත් එක්සත් ධීවර සමිතියේ ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ ජලය බැස නොයාම නිසා අප ද්‍රව්‍ය රැදී තිබීමෙන්   ජනතාවට දැඩි පිඩාවකට හා ගැටඵ රාශියකට මුහුණ දෙන්නට සිදු වන නිසා එහි කරුණු සොයා බැලීමට මීගමුව පොලිසිය විසින් අධිකරණයට යොමු කර තිබුණි .

ඒ අනුව පසුගිය අප්‍රෙල් 18 වැනි දා මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අමරසිංහ මහතා විසින් එම ස්ථානය නිරීණක්ෂනයට ලක් කලේය. ඉන් අනතුරුව පැවති නඩු විභාගය පසුගිය මැයි මස 05 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී  පැවැත්විණි.

එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රකාශ කලේ එම ස්ථානයේ රැ දෙන ජලය බැස යාමට කානුවක් තිබීම අවශ්‍ය බවයි. එක්සත් ධීවර සමිතිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එහිදී පෙන්වා දී ඇත්තේ එම ස්ථානයේ එනම් ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ ජලය රැදී තිබෙන්නේ එම ස්ථානයේ වෙලදුන් පිරිසක් මාඵ විකිණීමේ කටයුතු වල යෙදෙන නිසා බවයි. තවද එම ස්ථානයේ එනම් ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ මාඵ වෙළදාම සිදු නොකරන්නේ නම් ඒ ස්ථානයේ ජලය නොරැ‍දෙන අතර එවිට එම ස්ථානයට කානුවක් අවශ්‍ය නොවන බවත් කානුවක් අවශ්‍යම නම් එම කානුව ලෙල්ලමට අයිති භූමියේ නොව මහා මාර්ගයට අයිති කොටසේ ඉදි කිරීමට හැකියාව ඇති බවද එම නීතිඥයින් විසින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

එවිට මහේස්ත‍්‍රාත්වරයා අධිකරණයට පැමිණ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අසා ඇත්තේ එම මහා මාර්ගය අසලින් කානුවක් තැනීමට හැකියාවක් පවතීද යන්නයි. නමුත් ඉංජිනේරුවරයා පවසා ඇත්තේ කොන්කී‍්‍රට් මාර්ගය කපා කානුවක් දැමීමට හැකියාවක් නොමැති බවයි.

ඉන්පසුව අධිකරණයේ පෙනී සිටි ලෙල්ලම සහ එම භූමිය අයත් පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා පැවසුවේ තම සමිතිය මෙම ස්ථානයේ කානුවක් තැනීමට විරුද්ධත්වයක් නොමැති බවයි. එහෙත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හා ප‍්‍රදේශයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුද සමග සාකඡ්චා පැවැත්වු අතර එහිදීද එම පාර්ශවයෙන් කල ඉල්ලීමක් වුයේ ලෙල්ලම ඉදිරිපිට මාඵ විකුණන අයව තම ලේල්ලම පිහිටි භූමියට ගන්නා ලෙසයි. එසේ වූ විට එම ස්ථානයේ මාඵ විකීණීමට ඉඩ ලබා නොදෙන බවට මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  එකග වු බවත් ඒ සදහා පැමිණි සිටි සියල්ලන්ම එකග වූ බවත් ඔහු පැවසීය. ඒ අනුව තම සමිතියේ සාමාජිකයන්ගේ විරුද්ධත්වයද නොතකා එහි සභාපති ලෙස තම පෞද්ගලික බලතල අනුව මහා මාර්ගයේ මාඵ අලෙවි කල වෙ‍ළෙදුන් 10 දෙනෙකු පමන තම ලෙල්ලම පිහිටි භූමියට ගත් බවද ඔහු පැවසීය.

ඒ නිසා මේ ආකාරයෙන් නීති විරෝධීව මහජනයාට පීඩා ගෙන දෙන ආකාරයෙන් මහා මාර්ගයේ මාඵ විකුණන වෙළෙදුන්ට තම ලෙල්ලම භූමියෙන් කානුවක් ඉදිකිරීමට තමන් ඇතුඵ තම සමිතිය තරයේ විරුද්ධ වන බවද ඔහු ප‍්‍රකාශ කලේය. එමෙන්ම ඔහු වැඩි දුරටත් එහිදී පෙන්වා දුන්නේ  මහා මාර්ගය සකස් කරද්දී තම ලෙල්ලම භූමියෙන් විශාල භූමි ප‍්‍රදේශයක් එම මාර්ගයට ලබා දී ඇති බවත් කානුවක් ඉදි කරන්නේ නම් මහා මාර්ගය අසල ඇති විශාල ඉඩ ප‍්‍රමානයෙන් එය තනා ගැනීමට හැකි බවයි. එවිට මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ මහා මාර්ගයේ මාඵ වෙළදාම නතර කරන බවයි.

එක්සත් ධීවර සමිතියේ සභාපතවරයා විසින් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතා පැවසුවේ

‘‘ ඔබතුමා කිව්වට කරන්නේ නැහැ ’’ ඒක නිසා මේ සදහා අධිකරන නියෝගයක් අත්‍යාවශ්‍යයි යනුවෙනි.

අවසානයේ මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සියඵ පාර්ශව යම් සමථයකට එලඹිය යුතු බවයි.ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් ලිඛිත දේශණ ලබන ජුනි 20 වැනි දිනට කල් තබන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article