spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තිඹිරිගස්කටුවේ, ගෙමිදුලකින්, රතු අන්නාසි ගෙඩියක අංකූර 25 ක්.

Must read

(Thiberigaskatuwa)

රතු පැහැයෙන් යුක්තව පීදුණු අන්නාසි ගෙඩියක අංකුර හෙවත් කුරුල්ලන් 25 ක් පමන හට ගැනිමේ දුර්ලභ සිද්ධියක් මීගමුව, තිඹිරිගස්කටුව ප‍්‍රදේශයෙන් වාර්තා විය. මීගමුව මහා නගර සභා පුස්තාලයේ සේවයේ නියුතු අශෝක රංජිත් මහතාගේ ගෙමිදුලේ මෙම දුර්ලභ අන්නාසි ගෙඩිය හට ගෙන තිබේ. දැනට මාස 03 කට පමන පෙර පීදුණ මෙම අන්නාසි ගෙඩිය ශී‍්‍ර ලංකාවේ  නිතරම දක්නට ලැබෙන කහ පැහැති අන්නාසි ගෙඩි වලට වඩා  වර්ණයෙන් වෙනස් වේ. මෙම අන්නාසි ගෙඩිය තද රතු පැහැතිය. මෙයට වසර එකහමාරකට පමන පෙර අශෝක රංජිත් මහතා විසින් ගම්පහ පිහිටි ගොවිපලකින් ගෙනෙන ලද මෙම අන්නාසි වර්ගය ශි‍්‍ර ලංකාවට ආවේනික වර්ගයක් නොවන බවත් මෙය කැපූ පසු තද රතු පැහැයක් ගන්නා බවද අශෝක රංජිත් මහතා පවසයි. කෙසේ වෙතත් මෙම අන්නාසි ගෙඩිය පිදුණ මුල් කාලයේ එයින් ඇති වූ කුරුල්ලන් 25 ක් පමන සිටි බවත් එහෙත් කුඩා ළමුන් ඇතු`ඵ සමහර පිරිස් මෙය පරීක්ෂා කර බැලීමට යාමෙදී එම අන්නාසි ගෙඩියේ සමහර අංකුර හෙවත් කුරුල්ලන් කිහිප දෙනෙකුද ගැලවී ගොස් තිබේ. එම තත්වය මත මේ වන විටත් අන්නාසි ගෙඩියේ කුුරුල්ලන් 16 ක් පමන ඇති බව දැක ගන්නට ලැබේ.

සටහන/ඡායා-තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article