spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වර්ණයෙන් එහාගිය නිර්මාණාත්මක ගමනක යෙදෙන බන්දුල පේන්ට්

Must read

වසර 45 ක පමණ තීන්ත අලෙවිය පිළිබඳව අත්දැකීම් ඇති බන්දුල පේයින්ට් ආයතනය මේ වනවිට ඉන් එහා වෙනත් නිර්මාණාත්මක ගමනක් සඳහා පියවර තබා ඇත .

මේ අනුව ඔක්තෝබර් 28, 29 යන දියන්හිදී ඩියුලක්ස් නිෂ්පාදන ආයතනයේ මැදිහත්වීමෙන් කළ වර්ණ පින්තූර කලා ප්‍රදර්ශනය මේ සඳහා වූ ප්‍රවේශයක් විය. මෙය ලෝකයේ මෙවැනි කලා ප්‍රදර්ශන අතර ප්‍රමුඛත්වය ගන්නා එකක් බව කිවයුතුය .
එසේම නොවැම්බර් 25 , 26 , 27 දිනයන්හි පැවැත්වූ කලා ප්‍රදර්ශනය ද වැදගත්කමින් අනූන එකක් විය.

මේ කලා ප්‍රදර්ශන තුළින් වර්ණය නිර්මාණාත්මක පසුබිමක් තුළ විවිධ පැති හරහා සමාජගත කිරීම අරමුණු කෙරේ. මේ අනුව හුදු චිත්‍ර පමණක් නොව කලාව මිනිස් අවශ්‍යතා සඳහා යොදාගන්නා භාණ්ඩ මගින් ප්‍රතිනිර්මාණය කිරීමටද යොමුවී ඇත . බන්දුල පේන්ට් සෙන්ටර් ව්‍යාපාරික පරිශ්‍රයේ එක් ගොඩ නැගිල්ලක් එම කටයුත්ත වෙනුවෙන් වෙන්කර ඇති අතර එම අංශය නම්කර ඇත්තේ “CHROMA” යනුවෙනි. මෙහි විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මත පුද්ගල හැකියාවන් ⁣වර්ධනය කිරීම අරමුණු කෙරේ . සාමාන්‍යයෙන් මෙම CHROMA යන වචනය තුළින් අදහස් කරනු ලබන්නේ ද වර්ණයේ තීව්‍රතාව යන්නයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article