spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසර 40 කට පසු පෙරියමුල්ලට උගත් ,තරුණ කාන්තා නියෝජනයක් !

Must read

මෙවර පළාත් පාලන මැතිවරණයේදි  මීගමුව නගරසභාවට පෙරියමුල්ල කොට්ටාශයෙන්
( ග්‍රාමසේවක වසම 159 )එ.ජා.ප. නියෝජනය කරමින් උගත් තරුණියක් ඉදිරිපත්ව සිටි.

ඇය නමින් දිහාර ප්‍රනාන්දුය
කළමණාකරණවේදය පිළිබදව උපාධිදාරිණියක් වන ඇය මේ දිනවල සිය පශ්වාත් උපාධිය හදාරමින් සිටින්නිය.
ජයවර්ධනපුර සරසවියේ බාහිර කථිකාචාරවරියකද වු ඇය මෙවර මීගමුවට ඉදිරිපත්ව සිටින අපෙක්ෂක ලයිස්තුවේ ප්‍රබල අපේක්ෂිකාවකි.
පහත සටහන අප ඇය හා කරන ලද කෙටි සංවාදයක අකුරු පිටපතකි.දිහාර 2

ඔබේ පවුල් පසුබිම කොහොමද?
මගේ සීයා ව්‍යාපාරිකයෙක්. ඔහු පෙරියමුල්ලේ පාරම්පරික පදිංචි කාරයෙක් . මගේ මිත්තනිය නැසීගිය එස්තර් ප්‍රනාන්දු ආවේ මරියා කන්‍යාරාමයේ හිටපු ගුරුවරියක්. මගේ පියා වන රන්ජිත් ප්‍රනාන්දු සමාගම් අධ්‍යක්ෂකවරයෙක් , මීගමුව එක්සත් ජාතික පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති , මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති යන නිලතල දැරු අතර ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපති.
ඔබේ අධ්‍යාපනය ...
මීගමුව ආවේමරියා කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මා ජයවර්ධන වශ්වවිද්‍යාලයේ කලමණාකරණ හා වානිජ පීඨයේ පළමුපංතියේ උපාධිධාරිණියක්
. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය හදාරන අතර ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වසර හිහිපයක් කතිකාචාර්්‍යවරියක්‍ ලෙස සේවය කළෙමි.
පාසැලේ සහ විශ්වවිද්‍යාලයේ දක්ෂ ශිෂ්‍යාවක් වශයෙන් සහ මලල ක්‍රීඩිකාවක් ලෙස විවිධ සම්මාන දිනාගත් මා මේවනවිට පුද්ගලික සමාගමක ප්‍රධාන මුල්‍ය නිලධාරිණිය ලෙස සේවය කරමි.
ඔබේ සමාජසේවය සහ දේශපාලනයට පිවිසීම ගැන….
මීගමුව ඔරියන්ට් සිංහපෝතක සමාජයේ ලේකම්වරිය ලෙස ( 2009/10 වසරේදී ) සමාජසේවා කටයුතු වල නිරත වීමෙන් සහ විශ්වවිද්‍යාලයේ විවිධ ශිෂ්‍යසංගම් වල ක්‍රියාකාරී වෙමින් ලැබු අත්දැකීම් සමුදායක් මාසතු කරගෙන තිබෙනවා.මෙවර පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය අනීවාර්්‍ය කිරීම නිසාත්,අප කොට්ඨාසයේ වසර 40 පමණ කලක් කාන්තා නියෝජනයක් නොතිබු නිසාත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකගේ ආරාධනය පිළිගෙන ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කළා. මේ අනුව මෙම අරමුණ පලදැරීමට නම් ඔබේ වටිනා ඡන්දය අලියා ලකුනට ලබාදෙන මෙන් මා ඉතා කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි.
ඔබේ දැක්ම අනුව ඔබේ ප්‍රධාන අරමුණු මොනවාද?
*කොට්ටාශයේ සංවරධන ව්‍යාපෘති සහ වැඩසටහන් වලට මහජන සහභාගීත්වයත්, දායකත්වයත් හැකි උපරිමයෙන් ඵලදායී ලෙස ලබාගැනීම.
*මීගමුව මහනගරසභාව මනා මුල්‍ය පරිපාලනයක් සහ කලමණාකාරීත්ව ව්‍යුහයක් යටතට ගෙනඒමට සහායවීම.
*කාන්තා , ලමා ආරක්ෂණය සහ සුභසාධනය පිළිබද වි‍ශේෂ වැඩසටහන් දියත් කිරීම.
*වංචාව, දුෂණය, නාස්තිය, සහ සම්පත් අවභාවිතය ඉවත්කිරීමට වගබලා ගැනීම.ඇතුළු තවත් කරුණ කිපයක්ම මගේ ප්‍රධාන අවධානය තුල තියෙනවා .

ඉහත කරුණු සදහා ප්‍රබල සහයක් තමන් හට දිය හැකි බව ඇය අප හා කියා සිටියේ  ඇගේ උගත්කමද තරුණ කමද සමගින් පවුල් පසුබිම විසින්ද ඇයට නව ජවයක් ලබා දි ඇති බැවිනි.
නමට පමණක් කාන්තා නියෝජනයක් තිබුණ මිගමුව මහනගර සභාව දිහාරගේ පත්විම ප්‍රබල ක්‍රියාකාරි කාන්තා නියෝජනයක් සදහා අනිවාර්ය පසුබිමක් සකසනු ඇතැයි අප විශ්වාස කරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article