spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු

Must read

කුළු බඩු ව්‍යාපාරයේ ජන හද දිනාගත් ” මොණිකා” ග්‍රයින්ඩින් මිල්ස්

මීගමුවේ සිටින  කුළු බඩු නිශ්පාදකයින් අතර ඉදිරියෙන් සිටින ඉතා පැරණි ව්‍යාපාරයකි ”මොණිකා  ”  ග්‍රයින්ඩින් මිල්ස් ව්‍යාපාරය. මෙහි ආරම්භය 1949 කාලයේදී සිදුවන අතර මුලදී ඉතා සුළුවෙන් මෙන්ම කැපවීමෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. සිය පියාණන් වන කේ.එල්.ඊ් රොද්‍රිගූ මහතා සහ උර්සුලා ප්‍රනාන්දු වන සිය මෑණියන් මෙම ව්‍යාපරය ගොඩනැගීමට කළ පුරෝගාමී මෙහෙවර පිළිබදව එහි වර්තමාන අයිතිකාරිය වන මොණිකා ග්‍රෙස් වාස් මහත්මිය ඉතා ගෞරවපූර්වකව සිහිපත් කළ අතර  ඇය සමග කළ සාකච්ඡාව පහත පළවේ.DSC_0045-1024x569

මොණිකා  ග්‍රයින්ඩින් මිල්ස්  කොහොමද ආරම්භ කළේ  ? 
1949 දී තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ – 1949 පෙබ – 27 වෙනිදා
මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ.
ඒ වන විට කොළඹ ඉදලා පුත්තලම වෙනකම් මිරිස් මෝල්මොකුත් තිබුණේ නෑ.
තාත්තා තමයි මේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ.
මුලින්ම පටන් ගත්තේ මීගමුවේ රාජපක්ෂ බ්‍රෝඞ්  වේ එකේ  පාරේපොඩි තැනක , (ලංකා බැංකුව ඉස්සරහපිට )
කොළඹ ඉදගෙන තමයි  තාත්තා මේ ව්‍යාපාරය කරගෙන ගියේ , අපි හිටියේ එතකොට  මග්ගොන.
ඒක අම්මගේ ගම. පස්සේ 1952 දී තාත්තා අපිවත් අරගෙන මෙහෙට ආවා. කෲස් පාරේ  කුලියට ගත්තු තැනක මිරිස් මෝල පවත්වගෙන ගියා. ඒ කාලෙම කාමච්චෝඩෙත් තැනක් ගත්තා කුලියට. පස්සේ තාත්තා නැති වුණා  1959 දී.
අපේ මහ ගේ වෙනම තිබුණා මීගමුවේ,  එකේ අපි ඉන්න ගමන් තමයි  මේ තැන්වල ව්‍යාපාරය කරගෙන ගියේ. පස්සේ තාත්තා නැති වුණාට පස්සේ අම්මා පටන් ගත්තා. තාත්තා නැතිවෙද්දී මට අවුරුදු 13යි.
එයා මුල ඉ`දලම ගෙදර ඉදන්, මිරිස් ,තුන පහ හදලා තමයි කඩ වලට දැම්මේ.
1960 දී මේ කඬේ අම්මා සල්ලි වලට ගත්තා. ඒ කියන්නේ කෲස් පාරේ නොම්මර 18 කඩ කාමරය. අම්මා ඒ කාලේ අරන් තියෙන්නේ රු 6000ට. ඒ එක්කම කාමච්චෝඬේ කඩෙත් සල්ලි වලටම ගත්තා.
දැන් මේ ව්‍යාපාරයට දැන් අවුරුදු 66ක් වෙනවා.
මොණිකා ඇඹරුම් හලේ තිබෙන බඩු වල විශේෂත්වය මොකක්ද ?
ඒ කාලේ ඉදලම තුන පහ සකස් කෙරුවේ අපේ ගෙදර. මැෂින් තිබුණා, සේරම සෝදලා ,සුද්ධ කරලා බැදලා සකස් කරලා තමයි කඬේට දෙන්නේ.  ඒ ක‍්‍රමය තමයි අදටත් අපි කරගෙන යන්නේ. ඉස්සර අම්මා ඒවා ගෙදර කරද්දී අපි පොඩිකාලෙ ඉ`දලම ඒ වැඩ වලට හුරු වුණා. අපේ බඩු වල නොම්මර 1 ,2 ක කියලා නැහැ. හුගක් තැන්වල බඩු ගන්ඩ ගියාම එහෙමත් තියෙනවා. ඒ වගේම අපි අමුද්‍රව්‍ය කොළඹින් ගෙනල්ලා , ඒ සෙරම සුද්ද කරලා , වේලලා තමයි සකස් කර ගන්නේ. මිරිස් වේලලා නැටි කඩන්නේ ගෑනු උදවිය තමයි .
 මිරිස් ගෝනියකට කිලෝ 25ක් එන්නේ. එකේ මිරිස් ඇටයි ,ගලූ‍යි තියෙනවා, කිලෝ 2කකට වැඩිය. ඒ  ඇටත් අපි ඔක්කොම හෝදලා ගන්නේ. මිරිස් කරල් ටිකත් හෝදලා ගන්නේ.  බොහෝ තැන්වල ගම්මිරිස් කුඩු හදද්දී මිරිස් ඇට දානවා. ඒක සැර වැඩි වුනොත් පාං කුඩු කලවම් කරලා දානවා.  ආයෙත් පාං පිටි දාලා කහ කොටනවා. අපේ නිෂ්පාදන එහෙම නැහැ.
කොහොමද අමුද්‍රව්‍ය හා කුළු බඩු සපයා ගන්නේ ?
ඔක්කොම කොළඹින් ගේනවා. කරපිංචා වගේ දේවල්  අපේ ගස් වලින් කඩනවා, පොලෙන් ගන්නවා. ලංකාවෙන් ගන්නේ ගම්මිරිස් විතරයි. අනිත් ඒවා ඉන්දියාවෙන් එන්නේ.  කරපිංචා , රම්පේ, සේර වගේ දේවල් වැස්ස කාලෙට ඉස්සර වෙලා අපි වේලලා සකස් කර ගන්නවා.  සමහර අය කුරුදු ,සේර , කරපිංචා ආදිය අපටම ගෙනත් දෙනවා.
ඔබේ පාරිභෝගිකයෝ මොන වගේ අයද? 
අපෙන් පරම්පරා 03 ක් බඩු ගන්නවා. මෙහේ පදිංචි සිංහල ,දෙමළ, මුස්ලිම් සියලූම අය අපේ නිෂ්පාදන මිළදී ගන්නවා. ඒ වගේම විදේශයේ ඉ`දන් එන අය ඒ අයට අවශ්‍ය සියලූම කුළු බඩු අපෙන් අරගෙන යනවා. සමහර අය එද්දීම ලිස්ට් එකක් හදාගෙන තමයි එන්නේ.
ඉතාලියේ ඇමරිකාවේ ජපානයේ ඉ`දලා එන අය ඉන්නවා  අපෙන් තමයි බඩු අරන් යන්නේ. අපේ පාරිභෝගිකයෝ ඉන්නවා ඇමරිකාවෙත්. අපි එහෙටත් විශේෂ අකාරයකට සකස් කළ  කුළු බඩු යවනවා.

ඒ වගේම තමයි මීගමුවේ ඉන්න  විදේශිකයෝ අතරින් මෙහෙ පදිංචි වෙලා ඉන්න විදේශිකයොත් ඉන්නවා, ඒ අයත් අපෙන් තමයි බඩු ගන්නේ. නමුත් අපි විදේශිකයින්ට කියලා වෙනම මිලකට අපේ නිෂ්පාදන අළෙවි කරන්නේ නෑ. දෙපිරිසටම එකම මිලයි.

මීගමුවේ ඉන්න මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවගේ ආහාර සංස්කෘතියට අයත් කුළු බඩු ඔබ නිෂ්පාදනය කරනවාද ?
ඔව්. මුස්ලිම් අය ගොඩාක් සූදුරු, කොත්තමල්ලි කනවා. ඉස්සර ඒවා තිබුණේ නෑ. දැන් මම ඒවා සකස් කරලා තිබෙනවා. කෝපි එකත් එයාලට විශේෂ එකක් හදනවා , ඉගුරු කොත්තමල්ලි දාලා. දෙමළ අය විශේෂයෙන් මසාලා කුඩු ගන්නවා. ඒවත් අපි නිෂ්පාදනය කරනවා.
ඔබේ ව්‍යාපාරය විසින් නිපදවන විශේෂ නිෂ්පාදන මොනවා ද?
ඒ කාලේ මෙච්චර බඩු තිබුනේ නෑ. මිරිස් , තුනපහ , කලූ‍ දුරු වගේ දේවල් තිබුණේ. කොළඹින් බඩු ගෙනල්ලා ගෙදර සුද්ද කරලා බැදලා තමයි දෙන්නේ. පසුව අම්මා තව දේවල් වැඩි කළා, දැන් මමත් අලූ‍ත් දේවල් එකතු කරලා තියෙනවා. බාර්ලි පිටි මුලින්ම පටන් ගත්තේ අපි. නමුත් දැන්  අනිත් තැන් වලත් කරනවා. ‘ගරම් මසාලා‘ මීගමුවේ පටන් ගත්තේ අපි, එයට අමතරව රම්පා,කරපිංචා කුඩු, ලූ‍නු දෙහි ,කලවම් මිරිස්,බැදපු තුන පහ ආදිය අපි නිෂ්පාදනය කරනවා.  අපි ල`ග සකස් කරපු මිරිස් කුඩු වර්ග 4ක් තිබෙනවා

13  


    මොනිකා ඇඹරුම් හලේ නිෂ්පාදන


7
තනි මිරිස් කුඩු /බැදි මිරිස් කුඩු /කෑලි මිරිස් කුඩු /කළවම් මිරිස් කුඩු
අමු තුනපහ කුඩු /බැදි තුනපහ කුඩු/කළු කුඩු
කහ කුඩු /ගම්මිරිස් කුඩු /අබ කුඩු
15


උළුහාල් කුඩු /කොත්තමල්ලි කුඩු/බැදි කොත්තමල්ලි කුඩු
සූදූරු කුඩු /මහදූරු කුඩු
සුවද කූඩු / කූරුදූ කුඩු /ඵනසාල් කුඩු /කරාබු නැට් කුඩු
ඉගූරු කුඩු /කරපිංචා කුඩු /ගරම්මසාලා කුඩු /බුරියානි කුඩු
175
ඵනසාල්
කරාබු නැටි
සාදික්කා ගෙඩි
වසාවාසි12

අග්ගලා පිටි
අළුවා පිටි
කූරක්කන් පිටි
උඵදූ පිටි
මුං පිටි
කඩල  පිටි
ඉදිආප්ප පිට්

1
උම්බලකඩ කුඩු
තේ කොල
කෝපි කුඩු
ලුණු දෙහි
වැනිලා ස්ට්ක්
කුංකුම 109611


17


විමසීම් – කාර්යාලය – 0312233863


සබැදි ලිපි –     කුළු බඩු ව්‍යාපාරයේ ජන හද දිනාගත් ” මොනිකා” ග්‍රයින්ඩින් මිල්ස්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article