spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වහලුන්ගේ සෝචනීය ඉරණම ‘Emancipation’

Must read

නෛතික, සමාජීය, දේශපාලනික සීමාවන් ගෙන් නිදහස් වීම හෝ එසේ නිදහස් වීමේ ක්‍රියාවලිය ‘Emancipation’  ලෙස හැඳීන්වේ.

විප්ඩ් පීටර් හෙවත් කස පහර ලත් පීටර් ලෙස හැඳීන් වූ ගෝඩ්න් නම් වහලෙකු අධික ලෙස කස පහර ලැබීමෙන් තැනින් තැන ඉලිප්පී ගිය පිට පෙදෙසක් සමඟ සිටින, ඇමරිකාවේ කුරිරු ඉතිහාසයක් නිරූපණය කරන කුප්‍රකට ඡායාරූපය දහනව වැනි සියවසේ අගභාගයේ ඇමරිකානු මාධ්‍ය පුරා පැතිර ගිය අතර මෙය වහල් සංස්කෘතියට නැවතීමේ තිත තැබීමේ ක්‍රියාදාමට බෙහෙවින් ඉවහල් විය.

මෙම කස පහර ලත් ගෝඩ්න්, ජෝන් සහ බ්‍රිජට් ලියොන් නම් වතු හිමියන්ගේ අක්කර තුන්දහසකින් සමත්විත වතුකරයේ සේවය කළ වහලුන් හතළිස් දෙනෙකු ගෙන් එක් පුද්ගලයකු වූයේය. 1863 වසරේ මාර්තු මස ගෝඩ්න් මෙම වතුකරයෙන් පැන ගියේය. තදබල ලෙස දඬුවම්වලට ලක් වූ ගෝඩ්න් හට සිදු වූයේ ඉතා වෙහෙසකර මෙන්ම අතිශය දුෂ්කර දිගු වගුරුබිමක් තරණය කිරීමටය. ගෝඩ්න්ගේ පැන යාම නොඉවසු වතු හිමියන් දඩ බල්ලන් සහ සැහැසි දඩයක්කරුවන් ඔහු පසුපස යෙදවු අතර ඔවුහුද කිසිදු සමාවක් නොමැතිව ගෝඩ්න් පසුපස ලුහුබැඳ ගියහ. දින දහයක් පුරා සැතපුම් හතළිහක දුරක් අතිදුෂ්කර වගුරුබිම තරණය කළ ගෝඩ්න් අවසානයේ එකල පැවති ඇමරිකානු සිවිල් යුද්ධයේ සටන්කරුවකු ලෙස ඊට එක් විය.

මෙම ඓතිහාසික සත්‍ය සිදුවීම අලළා නිර්මාණය වූ ‘Emancipation’  චිත්‍රපටය ඇන්ටෝනියේ ෆියුකුවාගේ අධ්‍යක්ෂණයෙන් විලියම් එන් කොලේජ්ගේ තිර රචනයෙන්, ටොඩ් බ්ලැන් සහ ජෝයි මැක්ෆාලන් ඇතුළු සිව් දෙනෙකුගේ නිෂ්පාදනයෙන් හෙට සිට (දෙසැම්බර් 02) ලොවපුරා තිරගත වීමට නියමිතව ඇත. තවද එය දෙසැම්බර් 09 වැනිදා සිට ඇපල් ටීවී ප්ලස් නාලිකාව ඔස්සේද නිකුත් කිරීමට නියමිතව ඇත. විනාඩි 132කින් යුතු මෙය ඇපල් ඔරිජිනල් ෆිල්ම්ස් ඇතුළු නිෂ්පාදන ආයතන පහක නිෂ්පාදන කාර්යයකි. හොලිවුඩ් නළු විල් ස්මිත් ප්‍රධාන චරිතයට පණ පොවන මෙහි තවත් ප්‍රවීණ රංගන ශිල්පියකු වන බෙන් ෆොස්ටර් ද රංගනයෙන් දායක වේ.

“මම ඔවුන් සමඟ සටන් කරනවා. ඔවුන් මට ඉතා දරුණු ලෙස පහර දුන්නා. නැවත නැවතත් පහර දුන්නා. අනේක වාරයක් කසයෙන් තැළුවා. මගේ ඇටකටු කඩා බිඳ දැමුවා. නොගිණිය හැකි වාර ගණනක් මගේ ශරීරය බිඳ දැමුවා. නමුත් ඔවුන් හට කිසිම දිනෙක, කිසිම දිනෙක මා බිඳ දැමීමට හැකි වූයේ නැහැ” යනුවෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහි එක්තරා අවස්ථාවදි පවසන්නේය.

 

yayuyath@gmail.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article