spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝද හතරෙන් යන්න ගියා …

Must read

එහෙනම් අපි ගියා අද අරුම පුදුම රෝද හතර අවසන් ගමනටයි. 2013 වසරේ සැප්තැම්බරයේ කලින් රියදුරුට වූ අලි අකරතැබ්බයක් හේතුවෙන් හදිසියේ ම රෝද හතරේ සුක්කානම අතටගත් මොහොතේ පටන් පුළුවන් තරම් හොඳීන් පැද්දා යි.

අදට වසරක පමණ කාලයක් ගතව තිබූ රෝද හතර පසුගිය ඉරිදා රාත්‍රී 9 ට සිය අවසන් ගමන ගියා. ඕනෑම ගමනක් අවසන් විය යුතුය. වැඩසටහන ඉදිරිපත් කිරීමට පටන් ගෙන වසරක් ගත වන්නටත් පෙර හොඳම රුපවාහිනි පූරකයා විමේ සිට සම්මාන පහකුත් නිර්දේශ හත, අටකුත් දිනාගැනීමට හැකි වීම රේඩියෝ කාරයෙක් වන නුවන්ට මහා මහමෙරක්ය.

මේ පිටුපස සිටි යෝධයා නම් නාමල් සූරියබණ්ඩාර යන්ය. ඔහු මේ වෙනුවෙන් දැරූ වෙහෙස අපමණය. මේ වාහනය නිසා නාමල්ට ජීවිතයක් නොතිබුණා තරම්ය. ඔහුටත් සයිඩ් එකෙන් සපෝට් කළ චන්දන ගම්ලක්ෂගේ, චන්දන සෙනෙවිරත්න ඇතුළු ජාතික රූපවාහිනියේ හැමකෙනාම මේ සොඳුරු රථයේ නිමැවුම්කරුවන් ය. එහෙමනම් ඉතින් අපි ගියා. ආයෙ වෙන පාරකදී සමහරවිට හමුවෙයි. එහෙම මුලිච්චි වුණොත් මතක ඇතිව කතා කරන්න.

sarasaviya.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article