spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මගේ නිර්මාණ රැසකට අන්තර්ජාතික ඇගැයුම් ලැබීම සතුටක් ප්‍රවීණ ටෙලි- සිනමා අධ්‍යක්ෂ රංග බණ්ඩාරනායක

Must read

රූප රාමුවකට හිමි සොඳුරු බවත්, එහි සැඟවුණු විශ්වීය ගුණයත් සුහුරු ලෙසින් උකහා ගනිමින් සරලවුත්, සුගම වුත් ව්‍යාක්ත වුත් රූප සංද්ධ්වනි වියමනක නිසි ලෙසින් අමුණා ඔහු දැක් වූ ප්‍රශස්ත දායකත්වය ජර්මනිය, රැසියාව, කොරියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය ආදී රටවල පැවති ලෝකයේ තරඟකාරී සම්මාන උළෙල රැසකදීම ඔහු රන් සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු විය. වාර්තා අර්ධ වාර්තා කෙටි චිත්‍රපට ආදී සිනමා ශානර රැසක ජයග්‍රහණ මේ බිමට රැගෙන ඒමේ ගෞරවය ඔහු සතුය.

මේ දේශයේ විශිෂ්ට සිනමාකරුවන් අතර මුල් පෙළේ ලා සැලකෙන සිනමාවේදියකු වූ සිය පියාගේ නිර්මාණ ඇසුරේ වැඩෙමින්, අධ්‍යයනය කරමින් ඔහුටම ආවේණික වූ අනන්‍යතාවන් ඔස්සේ මේ පොළොවේ මිනිසුන්ගේ කැකැරෙන දුක්ඛ දෝමනස්සයන් සිය නිර්මාණයන් තුළින් විනිවිදින ඔහු අන්තර්ජාතික සිනමා සම්මානලාභී ප්‍රවීණ අදියුරු රංග බණ්ඩාරනායක නම් වන්නේය. වාර්තා අර්ධ වාර්තා ආදී සිනමා සිත්තමක රැඳුණු සදානන්දනීය නිර්මාණකරණය ඇතුළු බොහෝ දෑ පිළිබඳ සංලාපයේ යෙදීමේ අරමුණෙන් මෙවර සරසවිය සංලාපයට අපේ කාලයේ සොඳුරු නිර්මාණකරුවා සමඟ මෙලෙස ඔබ වෙනුවෙන් මම එක්වූයෙමි.

ප්‍රදීපාගාරයක එළිය ප්‍රදීපාගාරයේ යට සිටින අයට දැනෙන්නේ නෑ. ඔබට මේ තත්ත්වය දැනී තිබෙනවාද? මං ඔබෙන් එලෙස අසන්නේ ඔබේ පියා මේ රටේ සිනමාවට වේදිකාවට අපමණ මෙහෙවරක් ඉටුකළ නිර්මාණවේදියෙකු නිසා.

මෙහෙමයි. ඔබ දක්වන ඔය ප්‍රදීපාගාරයේ ආලෝකයේ කතාව සත්‍යයක් වෙන්නටත් පුළුවන්. අපේ ජීවිත කාලය ගතවුණු විදියක් එක්ක. මගේ පියා නිරතව සිටි. එවන් වූ වටිනා ක්ෂේත්‍රයක් සමඟ බවට එතරම් අවබෝධයක් අපට තිබුණේ නෑ. ඒ සඳහා වටිනාකම් ආරෝපණය කරගැනීමේ අවශ්‍යතාවයක් පැන නැඟුªණෙත් නැහැ. මොකද අපි ඔක්කොම මිනිස්සු. අන්න එතැන සිටයි අපි හැමදෙයක්ම සිතිය යුත්තේ. මගේ තාත්තා කලාකරුවෙකු වෙන්න පුළුවන්. තවත් අයෙකුගේ පියා වෛද්‍යවරයෙකු වෙන්න පුළුවන්. එය වෘත්තීයභාවයක් විතරයි.

හැබැයි ඉතින් මනුෂ්‍යයා මුලික කරගත්, මනුෂ්‍යයාගේ යහපත මුලික කරගත් කටයුත්තක් විදියට ඒ මනුෂ්‍යයා යම් කිසි දැනුම්වත් පුද්ගලයෙකු කරන්නට, ඒ දරන වෑයම ඇතුළේ ඔහුට පොඩි ප්‍රමාණයකින් හෝ අපිට හැකි පමණින් දුක තුනී කරන්න වෙර දරන වෘත්තිකයෙක් හැටියටයි මට මගේ තාත්තාගේ වෘත්තියභාවය දැනුණේ. ඒ නිසා එය අරුමැසි මවාගත්, හිස උදුම්මාගත් වෘත්තියකු කියා කවදාවත් මම දැනිලා නැහැ. ඒ වගේමයි මගේ පියා නිර්මාණකරුවෙක් කලාකරුවෙක් වුවාට එතුමා නිරතුරුවම සාමාන්‍ය මිනිසුන් සමඟ ජිවත්වන සාමාන්‍ය මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගන්නා අයෙක්. මිනිසුන්ගේ සංවේදතාවන්ට වඩාත් සංවේදී වූ සරල මිනිසෙක් ලෙසින් කටයුතු කළ බවයි මගේ හැඟීම. බාල වියේ පටන් මා ලැබු එබඳු අත්දැකීම් සමඟ මිනිසුන් සමඟ ගොඩනැගෙන සහසම්බන්ධය, මිනිසුන්ට හරවත් දෙයක් ලබාදීමේ ප්‍රහර්ෂයක් මා තුළ දැල්වුණා. ඒ සඳහා ප්‍රායෝගිකව අත්හදා බැලීම් කරමින් මිනිසුන්ගේ ජීවිතවල දුක්ඛ දෝමසන්නයන් විනිවිදින සරල මිනිහෙක් මං මගෙන් දකිනවා.

 

ඔබ ඔබව හැඳින ගන්නට පටන් ගත්තේ හංස විලක් චිත්‍රපටයෙනි.

මගේ පියා අධ්‍යක්ෂණය කළ හංසවිලක්’ චිත්‍රපටයේ රංගනයට දායක වුණාට එය අවබෝධයකින් සිදුකළ කටයුත්තක් නොවෙයි. දර්ශන තලයේදී තාත්තා කියනවා ‘පුතා ඔතනින් ඇවිදගෙන ඇවිදගෙන එන්න දැන් හිනාවෙන්න. දැන් මෙන්න මේ දෙබස කියන්න’ ඔන්න ඔය වගේ රංගවිධානවලට වැඩකළා මිසක් ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒත් මගේ දෙවැනි චිත්‍රපටය වූ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ රඟපාන කොට ඊට වඩා තත්වය වෙනස් වී තිබුණා. ඇතැම් දර්ශන අවස්ථාවන් සඳහා පියාගෙන් ගුටිබැට ලැබු අවස්ථාවක් තිබුණා. මෙන්න මෙතනදි මම යම් නිර්මාණ කටයුත්තකට දායක වන අයෙක් යන හැඟීම මට දැනෙන්නට පටන් ගත්තා. මං හිතන්නේ එතකොට මට වයස අවුරදු 10ක් විතර ඇති. ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයෙනුයි මම රංගන ශිල්පිනියක්, රංගන ශිල්පියෙක්, මැනවින් ස්වයං විනය පවත්වාගෙන යා යුතුය කියන කාරණාව දැන ගත්තේ. ඒ විෂය මටත් මෙතැනදි පවත්වගෙන යන්නට සිදුවුණා. කලාව තුළ විනයක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය බව මට දැනෙන්නට වුණා.

 

ඔබේ පියාණන් මේ රටේ වේදිකා නාට්‍ය කලාවේත් දැවැන්තයෙක්. එකී නාට්‍ය කලාවේ සජීවී භාවයට ඔබ ආසන්න වුණේ නැතිද?

එය සිදුවන්නේ තාත්තා ‘ඒකාඅධිපති’ නාට්‍ය නිෂ්පාදනය කරන කාල වකවානුවේ. තාත්තාගේ නාට්‍යවල වේදිකා පරිපාලන කටයුතුවලට දායක වන්නට මට අවස්ථාව ලැබුණා. තාත්තා ශිල්පීන් එක්ක ගනුදෙනු කරද්දී ශිල්පීන් හසුරවද්දී, ශිල්පින්ගෙන් චරිතයට අවැසි රංගනය උකහා ගන්නට භාවිත කරන ශිල්පීය ක්‍රමයන් මං අත්වින්දා

මකරාක්ෂයා, ධවලභීෂණ, යක්ෂා ගමනය, ට්‍රෝජන් කාන්තාවෝ ආදී නිර්මාණයන් තුළ වැඩ කිරීම ඇතුළේ ජීවිතයට කාන්දු වුණු විනය සහ හික්වීම අපේ ජීවිතවල කොටසක් බවට පත්වුණා.

 

ඔබට රූපමාධ්‍යයේ විභවයක් ඇති බව දැනෙන්න ගත්තේ කොයි කාලයේදී ද?

මට මතකයි ඒ කාලේ ප්‍රොජෙක්ටරයක් අපේ ගෙදර තිබුණා. ඒ ප්‍රොජෙක්ටරය කැරකිලා එකෙන් රූප වගයක් එන හැටි දුටුවා. ඒ ලෙසින් අත්වින්ද පෝෂණය වුණු ගුරුකොටගත් තත්වයක් යටතේ අපේ තාත්තා කලාව භාවිත කරන හැටි මං අත්වින්දා. තාත්තා ගෙදර ගෙනවිත් අපිට පෙන්වූ චිත්‍රපටි ආදියේ සොඳුරු මතකයන මිලිමීටර දාසයේ (16mm) ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරය ක්‍රියාකරවන හැටි… මේ හැම මතක පොතක්ම මගේ රූප මාධ්‍ය ජීවිතයට නැවුම් බලාපොරොත්තු අරගෙන ආවා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නෑ රූපයේ ගැඹුර, රූපයෙන් මතුකරන්න පුළුවන් අර්ථය වගේ දේවල් ඒ වගේ පුංචි කාලයක අවබෝධ කරගන්නට හැකිවුණි කියා. එහෙම අවබෝධ කරගන්නට පුළුවන් වයසක නොවෙයි මං එදා හිටියේ. ඒත් යම් කිසි කාලයක් ගතවෙනකොට මට දැනෙන්න ගත්තා රූපය තුළින් යම් අර්ථයක් ගොඩනැගෙන හැටි, ඒක අපේ මනසට ළඟවෙන හැටි වගේ දේවල්. නමුත් මේ හැමදේම සිද්ධ වෙන්නේ රූපයට අදාළ න්‍යායාත්මක පසුබිම හෝ ඊට අදාළ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ දළ අදහසක්වත් නැති කාලයකයි.

අපි දැනුම් තේරුම් සහිතව ලොකු මහත් වෙද්දී තාත්තා දැකපු රූප එක්ක අපි හිතන්නට පෙලඹෙනවා. කාලයක් ගතවෙද්දී රූපය පිළිබඳව සහ රූපයෙන් මතුකරන අදහස පිළිබඳව අපි සබුද්ධිකව සිතන්නට පෙලඹෙන්නේ. ඒ කාලයේ පටන් රූප මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්න. රූපයේ ගැඹුර, රූපයෙන් මතුකරන අර්ථය ඔස්සේ ගොඩනැගෙන මානව සම්බන්ධතාවයන් කෙලෙස භාවිත කළ යුතු ද වගේ කාරණාවන් පිළිබඳ ගැඹුරින් සිතන්නට පෙලඹුණා. මිනිසා සිටින තැනින් එක් පියවරක් හෝ ඉදිරියට රැගෙන එන්නට හොඳම තැන මෙය බව මට වැටහුණා. අදටත් මම රූපය සහ එහි භාවිතාව පිළිබඳ දැනුම්වත් වෙමින් නිරන්තරයෙන් ඒ පිළිබඳ යාවත්කාලීන වෙමින් මමත් මගේ දැනුම දශමයකින් හෝ වැඩි කරගැනීමට උත්සහ දරමින් මේ ගමන යනවා.

 

ප්‍රවෘත්ති අංශයේ විවිධ තනතුරු ඔස්සේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුර දක්වා පැමිණෙන ඔබ අවසානයේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසින් වෙනස්ම ගමනක් යනවා.

ඔව්. මගේ මුල්ම රැකියාව වුණේ පරිගණක තාක්ෂණික ශිල්පී තනතුර, ඊට පස්සේ ටී.එන්.එල් (ඊව්ඹ්) රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරවරයෙක් විදියට වැඩකළා. මට මතක විදියට ඒ 1995 අවුරුද්දේ. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා. සැලසිනේ ආයතනයට සම්බන්ධ වෙන්න. වැඩසටහන් නිෂ්පාදන සහායක භූමිකාවේ සිට වැඩසටහන් නිෂ්පාදකවරයෙක් දක්වා අත්දැකීම් ලබන්නට මට හැකිවුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රචාරණමය දැන්වීම් සඳහා නිර්මාණකරණයට දායක වන්නට විවිධ අධ්‍යක්ෂවරුන් නිර්මාණකරුවන් සමඟ එකතු වී කටයුතු කරන්නට එහිදී මට අවකාශ සැලසුණා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සම්බන්ධ වීමට ලැබෙන්නේ ඉන් අනතුරුවයි. ජාතික රූපවාහිනියේදී මුලින්ම වැඩ කරන්නට ලැබුණේ ‘සුරස’ නම් වූ කලා තොරතුරු රැගත් වැඩසටහනේ එවකට මගේ තනතුර වුණේ නිෂ්පාදන සහකාර. ඊට පස්සේ ‘ඇහැට කනට’ වැඩසටහනට දායක වුණා.

 

ඒ අතරවාරයේ ඔබට ටෙලි නාට්‍ය නිර්මාණකරණයටත් අවස්ථාව ලැබෙනවා.

ඔව්. ජාතික රූපවාහිනියේදී මුලින්ම මම ටෙලි නිර්මාණයකට දායක වන්නේ දයාරත්න රටගෙදර මහතා අධ්‍යක්ෂණ කළ ‘දොළොස්මහේ අපි‘ ටෙලි නිෂ්පාදනයෙන්. එහි නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නට අවකාශය ලැබුණා. ඊට පස්සේ සිත නිවන කතා ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය නිර්මාණ රැසකට දායක වන්නට හැකිවුණා. ‘පේ‍්‍රමාන්ති’ මම අධ්‍යක්ෂණය කළ පළමු ඒකාංගික ටෙලි නාට්‍යයයි.

 

එතැන් සිට ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ ටෙලි නිර්මාණ රැසකට විවිධ ඉසව් ඔස්සේ දායක වන්නට ඔබට හැකිවෙනවා.

‘ඔව්. ‘දොළොස්මහේ අපි‘ නිර්මාණයෙන් පස්සේ දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස් ටෙලි නිර්මාණයන් හී සහාය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන්නට, ඉංගම්මාරුව කතා මාලාවේ නිෂ්පාදන කළමනාකරු ලෙසින් වැඩ කරන්නට අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්නට මට හැකිවුණා. ‘හිස ගිනි ගත් අය’ ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළුව ‘සිත නිවන කතා’ 60ක් පමණ අධ්‍යක්ෂණය කරන්නට මට හැකිවෙනවා.

 

මැද මාවතේ සිනමාකරු ලෙසින් අපගේ සම්භාවනාවය පාත්‍ර වූ එච්.ඩී.ප්‍රේමරත්න මහතාගේ ඇරයුමකට ස්වර්ණවාහිනිය සඳහා දීර්ඝ ටෙලි නිර්මාණ 2ක් අධ්‍යක්ෂණය කිරීමට ඔබට අවකාශය ලැබුණා ?

ඔව්. ‘රන් මෙහෙසි‘, මල් සර ගීතය’ ‘දීර්ඝ ටෙලි නාට්‍ය ද්විත්වය නිර්මාණය වන්නේ ඒ ලෙසිනි. මට මතක විදියට ප්‍රවීණ රූපණවේදිනී නීටා ප්‍රනාන්දු මහත්මිය විදේශගතව සිටි පැමිණ රඟපෑ පළමු ටෙලි නිර්මාණය ‘රන් මෙහෙසි’ නිර්මාණයයි. නිර්මාණ ජීවිතයට බොහෝ අත්දැකීම් එක්කාසු කරගන්නට මේ කාලය තුළ මට හැකිවුණා කියා මට හිතුණේ මහාචාර්ය කලෝ ෆොන්සේකා වැනි ප්‍රාමාණික විද්වතුන් එය ඇගැයුමට ලක් කිරිමත් සමඟයි. අනතුරුව ආසියා පැසිෆික් බ්‍රෝඩ්කාස්ටීන් යුනියන් හී වැඩමුළුවක් සඳහා මාව තෝරා ගැනීමත් සමඟ ‘ආදරය’ පිළිබඳ වෙනස් මානයක වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ භාරදුර කටයුත්තක් මට පැවරුණා. එතකොට මං හිටියේ සුදු කඩදාසියක් වගේ කිසිම අරමුණකින් තොරවයි. මොකක්ද මේ සඳහා යොදා ගන්නේ කියන කාරණාව එක්ක මට හිතුණා එවකට ශ්‍රී ලංකාවේ පැවති සියදිවි නසා ගැනීම ඇතුළේ කැකෑරෙන මිනිස්සු තමන්ට ආදරය නොකිරීමේ දරුණු ඛේදවාචකය පිළිබඳ කතා කරන්න. මේ පිළිබඳ වෙනස් මානයකින් ඉදිරිපත් කරන්න මට අවැසි වුණා. කොහොම හරි මගේ උත්සාහය සාර්ථක වුණා. ‘ජීවිතය අහිමි ආදරය, ආදරය අහිමි ජීවිතය’ ලෙසිනුයි මම එය නම් කළේ. මේ නිර්මාණ කටයුත්තේ පුර්ව නිර්මාණාත්මක පසුතලය සකසා දීමට මට අනුපමේය සහායක් ලබා දුන් කේසවරාජන් නම් වූ දමිළ නිර්මාණකරුවාත් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. මගේ නිර්මාණය කොරියානු ප්‍රධාන රූපවාහිනි නාලිකාවේ (ම්ඕඉ) හි ප්‍රචාරය වී තිබුණා. මේ නිර්මාණය නරඹපු චීනයේ මැකාබෝ ප්‍රාන්තයේ රූපවාහිනිය මගේ නිර්මාණය සහ අතුල දිසානායක මහතා විසින් ඛ්චපඥ 05 වැඩසටහන සඳහා ඉදිරිපත් කළ නිර්මාණය මිල දී ගත්තා. ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවකින් ජාතික රූපවාහිනී සංස්ථාවෙන් මිල දී ගත් එකම සහ පළමු වැඩසටහන් ලෙස එය ඉතිහාසයට එකතු වෙනවා.

 

රුසියාවේ මොස්කව් හී පැවැත්වෙන Detective Fest  සම්මාන උළෙලේදීත් ඔබට ඩිප්ලෝමා සහතිකයක් හිමි වෙනවා.

ඔව්. එම ඩිප්ලෝමා ජයග්‍රහණය හිමිවන්නෙත් ‘ජීවිතය අහිමි ආදරය. ආදරය අහිමි ‘ජීවිතය’ නිර්මාණය වෙනුවෙන්. ජාත්‍යන්තරයට අපේ දේවල් රැගෙන යන්නට පුළුවන් කියන කාරණාව හිතට දැනෙන්නට පටන් ගත්තා. ඒ වගේම මගේ වාර්තා චිත්‍රපට නිර්මාණකරණයට සමාජ දේශපාලන කාරණා පිළිබඳ වෙනත් කෝණයකින්, වෙනත් දෘෂ්ටිවාදයකින් දකින්නට පෙළඹිමක්, උත්තේජනයක් ඇතිවන්නේ මේ තුළින්.

අනතුරුව මං අර්ධ වාර්තා නිර්මාණයක් නිෂ්පාදනය කළා. එයට පදනම් වන්නේ ශ්‍රී ලංකාවේ අතුරුදන් වුවත් වෙනුවෙන් වෙන් වූ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවයි. ‘නිහැඬියාව’ නම් වූ අර්ධ වාර්තා විශේෂාංගය වෙනුවෙන් Detective Fest සම්මාන උලෙළේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හොඳම වාර්තාකරණ නිර්මාණය ලෙසින් රන් සම්මානයට පාත්‍ර වුවා. ඒ වගේම එය ජර්මනියේ Postsdam හී පැවති 2019 INPUT  රූපවාහිනි සමුළුවේත් විශේෂ ඇගැයුම් සම්මානයට පාත්‍ර වුවා.

ඒ වාගේම සිත නිවන කතා මාලාව යටතේ මම අධ්‍යක්ෂණය කළ ‘කිරි මුට්ටි’ එම සම්මාන උළෙලේ ඩිප්ලෝමා සහතිකයකට හිමිකම් කිව්වා. මෙන්න මේ පෙලඹවීම සමඟ ජාත්‍යන්තර සම්මාන උළෙල සහ ලෝකයේ විවිධ ශානරයන් ඔස්සේ කෙරෙන නිර්මාණ පිළිබඳ පිබිදීමකින්, අවදිවීමකින් යුතුව කටයුතු කරන්නට පෙලඹෙනවා.

මවිසින් නිර්මාණය කළ සාපලත් ස්මරණය කෙටි චිත්‍රපටය ජර්මනියේ  Input සම්මාන උළෙලට තෝරා ගැනෙනවා. නමුත් එදවස පැවැති කොවිඩ් වාතාවරණය සමඟ එම අවස්ථාව මඟ හැරුණා.

‘‘Fishing Money From Ocean’  නිර්මාණය 2018 වසරේ ගෝල්ඩන් රිබන් ජාත්‍යන්තර සම්මාන උළෙලේ නිර්දේශයට පාත්‍ර වුණා. ඒ වගේම 2019 අවුරුද්දේ නිර්මාණය කළ ‘The Third Eye on Sik Ronte’වාර්තා වැඩසටහන ගෝල්ඩන් රිබන් වාර්තා වැඩසටහන් යෝජනා තරඟාවලියේ රන් සම්මානය දිනා ගනු ලැබුවා.

ජාතිකමය වශයෙන් මෙරටේ දී ලැබු ජයග්‍රහණ පිළිබඳවත් අපි සිහිපත් කරමු?

සිත නිවන කථා මාලාව යටතේ නිර්මාණය කළ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචනා කළ ‘පණ රැකුම’ ඒකාංගික ටෙලි නිර්මාණය ලංකාවේ ප්‍රථම රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලි නිර්මාණය ලෙසින් සම්මානිත වුණා 2004 වර්ෂයේදී.

2005 වසරේ දී ‘කිරිමුට්ටි’ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙස රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම 2012 වසරේදී මම අධ්‍යක්ෂණය කළ ‘රංග භූමි’ වේදිකා නාට්‍ය පිළිබඳ වැඩසටහන’ හොඳම අධ්‍යාපන වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම එය රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම බහු කැමරා වැඩසටහන ලෙසට රයිගම් සම්මානයට පාත්‍ර වුවා.

2015 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී භවාන්තර ටෙලි නිර්මාණය හොඳම අධ්‍යක්ෂණය හොඳම ටෙලි නාට්‍යය නිර්දේශිත නාමයන්ට එකතුවීම වගේම එම වසරේ සියලු ටෙලි සම්මාන උළෙලවල නිර්දේශ නාමයන් අතරට එකතු වුණා. ඒ වගේම රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ තිරරචනය සහ සංස්කරණය උදෙසාත්, රයිගම් සම්මාන උළෙලේ හොඳම වේශ නිරූපණය උදෙසාත් සිග්නීස් සම්මාන උළෙලේ හොඳම කැමරාකරණය උදෙසාත් භවාන්තර සම්මානයට පාත්‍ර වූවා.

 

මරා දැමු නොමැරෙන මිනිසා විජය කුමාරතුංග‘ වාර්තා චිත්‍රපටය ඔබේ සුවිශේෂී නිර්මාණයක්?

ඔව්. අපෙන් සමුගත් සදාදරණීය විජය කුමාරතුංග මහතාගේ සර්වකාලීන දේශපාලන භාවිතය පිළිබඳවයි මෙහි කතාවට ලක්වන්නේ. චාමර කොඩිතුවක්කු තිර රචනයෙන් එම්.එස්.එම්.කබීර් නිෂ්පාදනයෙන් මා සමඟ එක්වුණා.

 

හංසවිලක්, තුන්වැනි යාමය’ ආදී සිනමා නිර්මාණවලින් රංගන දක්ෂතා මතුකළ, ඔබ තුළ සැඟවී සිටින නළුවාට මොකද වුණේ?

රූපවාහිනියේ රාජකාරී කටයුතු භාර ගැනීමත් සමඟ මා තුළ වූ රංගන ශිල්පියා යටපත් කරගෙන නළුවන් හැසිරීමට සිදුවුවා. ඒත් තවමත් හොඳ චරිතයක් තුළින් හොඳ නිර්මාණයකට දායක වෙන්නට මගේ කිසිදු අකමැත්තක් නෑ. පසුගිය කාලය තුළදීත් මම ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

 

මොනවාද එලෙස රංගනයෙන් දායක වූ නිර්මාණ

සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘දණ්ඩේ ලු ගිනි’ නිර්මාණයේ වාමාංශික වෘත්තීය සමිති නායකයාගේ පුතෙකුගේ භූමිකාව, අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සුදු කපුරු පෙති’ ආදිය වගේම අයිරිෂ් ජාතික රචක ෂෝන් ඕ පේසී විසින් රචිත ‘ ෂැඩෝ ඔෆ් ගන්මන් වේදිකා නිර්මාණය ගිනි දඩු හෙවණ ලෙසින් සිංහල වේදිකාවට නිෂ්පාදනය කළේ එහි ප්‍රධාන භූමිකාව නිරූපණයටත් මට අවශ්‍යය සැලසුණා.

 

පුරක (නිවේදක) භූමිකාවටත් ඔබ එකසේ සමත්කම් දැක් වූ බැව් මට මතකයි.

සැලසිනේ ආයතනයේ සේවයේ යෙදෙනවිට තමයි මුලින්ම නිවේදන කටයුතුවලට දායක වුණේ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ සේවයට පැමිණීමත් සමඟ සෙනසුරාදා ආයුබෝවන් වැඩසටහන, ‘සුරස වැඩසටහනට පූරක දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ස්වර්ණවාහිනියේ ආරම්භක අවදියේ නිවේදයකු ලෙසින් කටයුතු කළා.

 

ජාත්‍යන්තර හා ජාතික තලයේ ජූරි සභිකයෙක් ලෙස ඔබේ දායකත්වය සිහිපත් කරමු.

ඔව්. 2017 වසරේදී ආසියා පැසිපික් සංගමය (මැලේසියාව) සංවිධිනය කරනු ලබන සම්මාන උළෙලේදී ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන්නට ලැබීම මගේ වෘත්තීය ජීවිතය ඇගැයුමට ලක් කිරීමක ලෙසයි මං සලකන්නේ.

ඔබේ නිර්මාණ ජීවිතයේදී ඔබට ප්‍රබල ලෙසින් බලපෑ චරිත පිළිබඳවත් සිහිපත් කරමු.

ඔව්. මගේ ජීවිතයේ එවැනි කිහිපයක් සිටිනවා. ඉන් පළමුවැන්න තමයි මගේ තාත්තා ධර්මසිරි් බණ්ඩාරනායක, ඊළඟට ඉචඡඪදඥ ඡ්ජඬඩචපඤ නම් වූ අපුරු කාන්තාව. ඒ වගේම ධර්මසේන පතිරාජ, මහාචාර්ය සුචරිත ගම්ලත් මෙන්න මේ උදාර පුද්ගලයන්ගේ නිර්මාණ ඇසුර හමුනොවන්නට අද මං සිටිනා තැන ගැන සිතා ගන්නටත් බැරිවේිව්.

හෙට දවස ගැනත් කතා කරමු.

ටෙලි නාට්‍ය 3 – 4 චිත්‍රපට දෙක තුනක තිර පිටපත් අතේ තියාගෙන හෙට දවස ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටිනවා.
sarasaviya .lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article