spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියෙ කෝපි කියන්නෙ ආ‌ගමක් වගේ

Must read

ඉතාලියෙ කෝපි කියන්නෙ ආ‌ගමක් වගේ. ඒ‌කට ඇ‌බ්බැහි උනා කියන්නෙ පිස්සුවක්. එක එක්කෙනා මේ කෝපි රස ප්‍රියකරන විදිහ වෙනස්. කෝපි හදන මෝක එකට කෝපි දාන විදිහ වතුර දාන විදිහ අනුවත් මේ කෝපි එකේ රස අඩු වැඩි වෙනවා. කෝපි එකට සීනි දැම්මා කියන්නෙ මට කටට ගන්න බෑ. කොච්චර පැණි රස කෑවත් කෝපි එකට සීනි කියන්නෙ මට රසය මැරීමක්. අපි වැඩ කරන තැන දහදෙනා උදේ කෝපි එක බොද්දි කෝපි එකට කතන්දර සීයක් කියනවා. කෝපි එක පරක්කු උනත් පිස්සු වගේ.

සමහරු කැමති කැපුචීනෝ ඒ‌ කියන්නෙ කිරි පෙන නංවල හදන කිරිකෝපි එක. මේව ගන්න බාර් වලට යන්න වෙනවා. කෝපි පිළිගන්වන ක්‍රම බර ගානක් තියෙනවා. බාර් වල බොන කෝපි එක ගැන නෙවෙයි අද මම කියන්නෙ ගෙදර කෝපි හදන මෝක එක ගැන.
කෝපි කතාවෙ අමුතුම නිමවුමක් තමයි මේ උපකරණය 1933 අල්ෆොන්සෝ බියලෙත්ති(Alfonso Bialetti) කියන ඉතාලි ජාතිකය තමයි මේ අරුමපුදුම නිමැවුම කරන්නෙ. මේකෙ කොපි මිලියන 105ට එහා අලෙවි වෙලා තියෙනවා. බාර් එකේ හදන කෝපි එක ගෙදර විදින්න ක්‍රමයක් විදිහට තමයි මේක නිෂ්පාදකයගෙ අරමුණ වෙන්නෙ.
හැඩය වර්ණය වෙනස් වුනත් තවම මේ පුද්ගලයගෙ නමින් මේක නිපදවෙනවා. ඇ‌ත්තටම හොදම මෝක එකක් නම් බියලෙත්ති කියන වර්ගයෙ එකක් තමයි. නිපදවෙන කෝපි ප්‍රමාණය අනුව මේකෙ විශාලත්වය අඩු වැඩි වෙනවා.
සමහර ගෙවල් වල දැන් මේක ටිකින් ටික පැන්ට්‍රිකබඩ් වල තනි වෙන තැනට ඇ‌විල්ලා. ඒ‌ තමයි අලුත්ම විදුලියෙන් වැඩ කරන කැප්සූල් (caffè capsule)දාන කෝපි මැෂින්. මේවගෙ කෝපි එකේ ක්‍රීම් ගතිය රස හින්ද සමහර ගෙවල් වලින් පැත්තකට උනාට සමහරු නම් තාම කැමති මේ මෝක එකට. හොද කෝපි වර්ගයක් ගත්තම අඩු වියදමෙන් ලිප උඩ තියල රසට කෝපි එකක් හදාගන්න එක හරිම පහසුයි.
අනික තමයි මේක පිළියෙල කරන්න වගේම නඩත්තු කරන්නත් දැනගෙන සිටිය යුතුයි. කවදාවත් සබන් දාල නොසේදිය යුතුයි. ඒ‌ යන්තම් එන සබන් සුවදත් කෝපි එකේ රසය සුවද නැති කරනවා.
මමත් ඇ‌ත්තටම මේ මෝක එකෙන් හදා ගන්න කෝපි හතර පහක් දවසට බොන පෙරේතයෙක්. ඔබත් එහෙමද?

ඉතාලිබුවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article