spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලි බලපත්‍රය නිදහස් කළ පසු වෙරළාසන්න වැලි නිධිත් වැලි හොරුන්ට නිධානයක් වෙලා ??

Must read

Untitled-1මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රීත බෝපිටිය, පමුණුගම, ප්‍රදේශවල සහ මීගමු කලපුව ආශ්‍රීත දුන්ගල්පිටිය, කැපුන්ගොඩ, පිටිපන ආදී ප්‍රදේශවල වසර දහස් ගණනක් තිස්සේ සුරක්ෂිතව පැවැති ස්වභාවික වැලි නිධි වලින් වැලි ඉවත් කර ගැනීමට පැමිණෙන පුද්ගල කණ්ඩායමක් නිසා එම වැලි නිධි ආශ්‍රිත පදිංචිකරුවන් බියකින් පසුවන බව වාර්තා වේ.

මුහුදු වෙරළට තරමක් සමීපව පිහිටිය ද මීට වසර දහස් ගණනකට පෙර ස්වභාවික ලෙස තැන්පත් වූ මෙම ඇතැම් වැලි නිධි වලින් වැලි කැනීම් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් කරන ලද සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බව බවසන එම ප්‍රදේශවාසීන් පවසනුයේ ඒ සම්බන්ධයෙන් මීට කලකට ඉහත මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද අධ්‍යයන මගින් ද ඒවා වෙරළ සංරක්ෂණයට සෘජුවම ඉවහල් වන බව සනාථ වී තිබෙන බවකි.

මෙවන් තත්ත්වයක් යටතේ ගල්, වැලි, පස් ප්‍රවාහනය සඳහා පනවා තිබු තහනම පසුගිය දා ඉවත් කිරිමත් සමග විවිධ කණ්ඩායම් විසින් පාරිසරකින සංරක්ෂණයට සෘජුවම බලපාන මෙවැනි ස්වභාවික වැලි නිධි වලින් ද වැලි පැහැර ගැනීම අතිශය බරපතල පාරිසරික හානියක් බව එම ප්‍රදේශවාසීහු කියා සිටිති.

පසුගිය ජනවාරි 20 දා පැවැති කඳාන සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා තම ප්‍රදේශවාසින් ‘ගම්පිටින්’ සහභාගී වීමේ පුරාණ සම්ප්‍රදායක් තිබු පව පෙන්වා දුන් එම ප්‍රදේශවාසීන් ඒ කාලයට එම ප්‍රදේශයේ කුකුල් කොටු සහ පරෙවි කූඩු බිද කුකුලන් සහ පරෙවියන් සොරා ගැනීම් ඉද හිට සිදු වූ බැවින් ඒවා රැක ගැනීම එම වාර්ෂික මංගල්‍යයට සහභාගී නොවන වියපත් වූවන්ට සහ රෝගීන්ට පැවරුණු බවත් අද වන විට එම පුදේශවලට කඩා පනින වැලි සොරුන් ගෙන් එම ස්වභාවික වැලි නිධි රැක ගැනීම පිණිස තම ගම්මානවලින් භාගයකට පමණ එම දේවස්ථාන මංගල්‍යයකට වත් එක් විය නොහැකි තත්ත් උද්ගතවූ බව පෙන්වා දෙති.

මේ අතර මෑත ඉතිහාසයේ කිසි විටෙකත් සිදු නොවු ලෙස අගනුවරින් උතුරේ පිහිටි වත්තල සිට මීගමුව දක්වා මුහුදු වෙරළ තීරය මේ වන විට දරුණු මුහුදු කෑමකට ලක්ව ඇති අතර මීගමුව, පිටිපන ආදී ප්‍රදේශවල පෞද්ගලික දේපොල පවා මුහුදු බත්ව තිබෙන මෙවන් තත්ත්වයක් යටතේ පස්, වැලි, ගල් ප්‍රවාහන ය සඳහා නිකුත් කොට තිබු බලපත්‍ර ක්‍රමය අහෝසි වීමත් සමඟ මෙවැනි වෙරළාරක්ෂක ස්වභාවික වැලි නිධි සොරුන්, මංකොල්ල කරුවන් අතට පත්වීමෙන් සිදුවිය හැකි බිහිසුණු විනාශ්‍ය වළක්වා ගැනීම පිණිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු විය යුතු බව එම ප්‍රදේශවල ජනතාව කියා සිටිති.


සහන් සංකල්ප සිල්වා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article