spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැහි මාර , ඇල , සහ මිනිස්සු

Must read

හැමිල්ටන් ඇල  කියන්නේ මීගමුව නගරයෙ අලංකාර කරන ඓතිහාසික වටිනාකමින් යුතු විශේෂිත සම්පතකි. විවිධ ගස් වර්ග ඇල   අයින  දිගේ පිහිටා ඇති අතර ඉන් විශාල  වැහිමාර ගස් පරිසරයට ගෙන එන සිසිල  සහ චමත්කාරය සිත්ගන්නා සුළුය. ලන්දේසීන්ගේ කාලයේ මෙම විසල් ගස් වවා ඇති බව සඳහන් වන අතර මේවා  වසර 400ත් 500ත් පමණ වූ කාලයක් පැරණිය.
මීගමුව ඇඩ්නිව්ස් පාර අසල ඇති විශාල වැහිමාර ගස්  එක්තරා බියක්ද  ජනිත කරයි. ඇල දිගේ වෙසෙන මිනිස්සු ද  මේ පිළිබඳව බියකින් පසුවන බව පෙනෙයි.
ඇල අයිනේ ජීවත්වන නාමලී (අවු-30) කතාකරමින් ” මම මෙහේ ඉන්නේ උපන්දා ඉදලයි. මට  නම් එක දරුවෙක් ඉන්නවා. අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු 40ක් වෙනවා. වෙලාවකට මේ ගස් වැටෙයි කියලා අපිට බයත් හිතෙනවා. මෙහි අතු ටිකක් කපනවා නම් හොදයි. අපි මේ ගැන කපිල මහත්තයාටත් කිව්වා.”

????????????????????????????????????

නමුත් ලස්සන ගස් අතරින්  ගලා යන මේ හැමිල්ටන් ඇලේ  ලස්සන කතාවට අවලස්සන දේ ද එකතු වෙනවා. අවට ජීවත්වෙන සමහර අය කියන්නේ මෙහි වසන මිනිස්සුම අනවශ්‍ය දෑ ඇලට මුදාහරින බවයි.
කෙසේ නමුත්  මිනිස්සු පරිසරයට ආදරය කරන තාක් පරිසර ද පෙරළ ආදරය කරන නමුත් එහි විරුද්ධ පැත්තද සිදුවී අහිතකර ප්‍රතිචාර දැක්වීමට ද හැකිය. ඒ නිසා  හැමිල්ටන් ඇල අවට සිටින  සියලු මිනිසුන් සහ  පාලක කාරකාදීන්  මේ පිළිබදව දැඩි අවධානයකින් සහ අවබෝධයකින් කටයුතු කිරීමත් ඊට අදාළව සාකච්ඡාවක්  සංවාදයක් ගොඩනැගීමත් අවශ්‍ය බව අපි විශ්වාස  කරමු.

මීගමුව ඇඩ්නිව්ස් පාර
හැමිල්ටන් ඇල දෙපස වැහි මාර

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article