spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විදේශගත ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ඇතුලත් පෙත්සම රෝමයේ ශ්‍රී ලංකා තානාපති වෙත.

Must read

21686134_1812400329051125_8425313759557783208_n         ඉතාලිය තුළ රැකියා කරමින් ජිවත්වන ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන ගැටළු ගණනාවක් පිලිබදව සාකච්ජා කර ඒ සදහා විසදුම් ලබා ගැනීම සදහා එතෙර අපි සංවිධානයේ ඉතාලියේ නියෝජතයන් පිරිසක් සැප්තැම්බර් 21 වන බ්‍රහස්පතින්දා රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී විශේෂ සාකච්ජාවක නිරත විය. එම සාකච්ජාවේදී තානාපතිවරයා විසින් එතෙර අපි සංවිධානයේ නියෝජිතයන්ගේ ඉල්ලීම් සදහා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබූ අතර, ඒ සදහා තවදුරටත් බලපෑම් කිරීම සදහා එතෙර අපි සංවිධානයේ මුලස්ථානය සහ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මගින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයද දැනුවත් කිරීමට එතෙර අපි සංවිධානයේ ඉතාලියේ ශාඛාවන් මැදිහත්වීමට නියමිතයි. ඉතාලියේ එතෙර අපි සංවිධානයේ නියෝජිතයන් සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා අතර හමුවේදී ඉතාලියේ මෙස්සිනා, ෆිරෙන්සේ සහ රෝමය යන නගරවල ශ්‍රී ලාංකිකයන් විසින් අත්සන් කරනු ලැබූ පෙත්සම්ද රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත භාර දෙනු ලැබීය.
මෙම පෙත්සම් වලින් සහ ඉතාලියේ එතෙර අපි සංවිධානයේ නියෝජිතයන් සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා අතර හමුවේදී අවධාරණයට ලක්වූ කරුණු අතර නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා ගන්නා මාස තුනක කාලය වෙනුවට කෙටි කාලයක් තුළ නිකුත් කිරීම, තානාපති කාර්යාලයේ සේවය ඉරුදිනවලත් ලබාගැනීම, අවම වශයෙන් මාස තුනකට වරක්වත් මෙස්සිනා නගරයට තානාපති කාර්යාලයේ ජංගම සේවය ලබා ගැනීම, මරණයකදී හෝ වෙනත් හදිසි අවස්ථාවකදී ප්‍රමුඛතාවය ලබාදෙමින් තානාපති කාර්යාලයේ ක්‍ෂණික මැදිහත්වීම, තානාපති කාර්යාලයට දුර බැහැර සිට පැමිණෙන අය හට ප්‍රමුඛතාවය ලබාදීම, තානාපති කාර්යාලයේ ආකෘති පත්‍ර ආදිය පිරවීමේදී සිදුවන අඩුපාඩු මගහරවා ගැනීමට අවශ්‍ය සහය ලබාදීම ආදිය ඇතුළත් විය.21686468_1812400335717791_976023225716193016_n


දිල්ශාන් ක්‍රිෂාන්ත – මෙස්සිනා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article