spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විධායක ජනාධිපතිලාට වැඩ වැරදියි! වෙන්ඩ ජනාධිපතිලාගේද කෙළි හෙළිවෙයි!

Must read

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරය දරමින් සිටි පුද්ගලයෙකු එම ධුර කාලය තුළදී සිදු කරන ලද අනීතික ක්‍රියාසම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිව තිබූ මුක්තිය මුලුමනින්ම අහෝසි වී එම පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට කැඳවීමේ අවස්ථාව උදාවී තිබේ.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවමින් නොතීසි නිකුත් කිරීමත් සමඟ මෙම තත්වය උදාවී ඇත.
2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (29) වනදා අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කර ඇති බව සඳහන්ය.

පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළ අතර පෙත්සම සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්කළ බවය.

ඉන් අනතුරුව එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කෙරුණු බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතුව තිබියදී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ඉතාලියේ පැවැති විරෝධතා

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරහා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරිම සඳහා රටතුල දැවැන්ත දේශපාලනික පෙරමුණක් සහ සිවිල් බහුජන පෙරමුණක් ඇරඹුණි.

මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යස්ථා කුමන්ත්‍රණය හරහා පස්ස දොරොන් මහින්ද රාජපක්ෂ අගමැති වනවාත් සමගින්ම කටහැකර විමල් වීරවංශලා කටමැත දොඩවමින් කියා සිටියේ අරලියගහ මන්දිරයේ සිටින නිත්‍යානුකූල අගමැති රනිල් වික්‍රමසිංහ කණින් ඇද එලියට දමන බවය.

අද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට විරෝධතා පෙළපාලි යන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ කුමන්ත්‍රණයට එරෙහි මහජනයා පෙළගැස්සවිමට කිසිදු මැදිහත්විමක් නොකල බව දැන් ඔහු වටේ සිටින අතිබහුතරයක් දෙනා දනි.

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානයද  ඒ මෙහොතේ සිය දේශපාලන වගකිම් කරට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කරද්දි සජිත් හිටියේ කොහේදැයි මුජිබර්ලා ප්‍රසිද්ධියේ කිව යුතුව ඇත.
කටමැත දොඩන මරික්කාර්ලාටද එදා සජිත් හොයාගන්නට බැරිවෙන්නට ඇත.

මේ පසුබිම තුල  රනිල් වික්‍රමසිංහ අනිකුත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ද සම්බන්ධිකරණ කරමින් ශක්තිමත් දේශපාලනික පෙරමුණක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ගොඩ නගා තිබුණි.

dav

එමෙන්ම විවිධ සිවිල් කණ්ඩායම් සිය ක්ෂෙත්‍ර හරහා විවිධාකාරයෙන් අකාර්ශනිය ආකාරයෙන් විරෝධතා සංවිධානය කර තිබුණි

මේ සියල්ලේ ශක්තිමත් මැදිහත්විමක් හරහා පාර්ලිමේන්තුව තුලදි මෙන්ම අධිකරණ හමු⁣වේදිද මෙම ව්‍යවස්ථා විරෝධ් කුමන්ත්‍රණය පරාජය කිරිමට හැකිවිය.

සජිත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ අරගලකරුවෙක්ද ?

මෙහිලා සටහන් කළයුතුම කරුන වන්නේ සජිත් ප්‍රේමදාස යනු කුල්ටුර් පොරක් මිස සටන් කරුවෙකු හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කල අයෙකු නොවන බවය.

2015දි රාජපක්ෂ පාලනය පෙරලා දැමිමට පසුබිම සැකසු පළල්ම බහුජන පෙරමුන වු නිදහසේ වේදිකාවට දකුණු පලාතේ විශේෂයෙන්ම හම්බන්තොට වැනි පළාත් වල සිය සංවිධාන කටයුතු නිදහසේ කරගෙන යාමට පවා සජිත් ප්‍රේමදාස ඉඩ ලබා දි තිබු⁣නේ නැත.

කොටින්ම කියන්නේ නම් මනෝගනේෂන් වැනි අය නිදහසේ වේදිකාවේ වැඩවලට හම්බන්තොට වැනි ප්‍රදේශවලට එන එක ගැනද විරෝධයක් පැවැතුණි.

මෙවැනි නායකයෙකු පෙරටුකොට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනිම සඳහා වු අරගලයක් දියත් කරනව යනු මිත්‍යාවක් බව හර්ෂලා මෙන්ම මුජිබර්ලා ද හොදින්ම දන්නවා ඇත.

මයිනර් කෑලි එකතු කර ප්ලේන් හදන්නට බැරිබව මුජිබර්ලා වැනි අරගලකළ දේශපාලනික චරිතවලට අමුතුවෙන් කියා දිය යුතු නැති බවද සටහන් කළ යුතුව තිබේ.

මුලාශ්‍රය – ද ලිඩර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article