spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“Cold case ” මලයාලම් චිත්‍රපටිය

Must read

මීනීමැරුමක් වසන් කළ නොහැක. අවසානයේ මිය ගිය තැනැත්තා භූතාත්මයක් ලෙස පැමිණ හෝ එය හෙළිදරව් කරනු ඇත.
කෝල්ඩ් කේස් (Cold Case) ඒ ගැන කියන මලයාලම් චිත්‍රපටියකි.

කේරලයේ සුප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් ලෙස සේවය කරන ‘මේධා’ වයස අවුරුදු පහක දියණිකගේ මවකි. තම සැමියාගෙන් වෙන්වන ඇය උදව්වට සිටින තරුණ මෙහෙකාරිය සමඟ වෙනත් නිවසක කුලියට පදිංචිය සඳහා යයි. මේධා තම සැමියාගෙන් දික්කසාද වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සඳහා උදව් ලබාගන්නේ හරිතා නැමැති ඇයගේ හිතවත් නීතිඥවරිය ගෙනි.

රාත්‍රී කාලයේදී නිවස තුළ යම් යම් අද්භූත ශබ්ද ඇසෙන්නට පටන් ගන්නා අතර එය ආරම්භ වන්නේ නිවසේ ඇති රතු පාට ශීතකරණය තුළිනි.

මේ අතර, ගම්බද ප්‍රදේශයකදී ධීවරයෙකුගේ මාළු දැලකට මියගිය පුද්ගලයකුගේ හිස් කබලක් හමුවෙයි.
මෙම හිස්කබල පිටුපස ඇති අභිරහස සෙවීම සඳහා පොලිසියේ ඉහල නිලධාරීන් බාර දෙනු ලබන්නේ ‘සත්‍යජිත්’ නැමැති තරුණ සහකාර පොලිස් අධිකාරවරයාටයි. ඔහු විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව හිස්කබල තරුණ කාන්තාවගේ හිස් කබලක් බව සොයා ගනියි. මේ අතරතුරදි තරමක් දුරින් පිහිටි ගම්මානයක කැලයක් තුළ පුපුද්ගලයකුගේ කපා දමනු ලැබූ අතක් හමුවේ.
එම අත සහ කලින් සොයා ගනු ලැබූ හිස්කබල එකම තැනැත්තියකගේ බව වෛද්‍ය වාර්තා තහවුරු කරයි.

මේ අනුව එම ඝාතනය සිදු කර ඇති තැනැත්තා ඝාතනය කර ඇති තැනැත්තියව මරා ඇයගේ සිරු කෑලි කෑලි වලට කපා කොටස් විවිධ ප්‍රදේශවල දමා ගොස් ඇති බව සත්‍යජිත් අනුමාන කරයි.

මේ අතර මේධා තමාගේ නිවසේ විවිධ අද්භූත ශබ්ද ඇතිකරන සීතකරණය නිවසට පැමිණියේ කෙසේදැයි ගවේෂණාත්මක තොරතුරු සෙවීමක නිරත වෙයි.
එහිදී ඇයට භූතආත්ම පිළිබඳව තොරතුරු කිවහැකි කාන්තාවක් හමුවන අතර ඇය පවසන්නේ කිසියම් කෙනෙක් විසින් කාන්තාවක් මරා දමා ඇති බවත් ඇගේ සිරුර කොටස්වලට කපා කිසියම් කාලසීමාවක් මෙම ශීතකරණය ඇතුළේ දමා ඇති බවය. එම ශීතකරණය මිනීමරුවා විසින් ඉවත් කර ඇති අතර පසුව එය වෙනත් කෙනෙක් මිලදී ගෙන මෙම නිවසට ගෙනැවිත් ඇති බවය.

එහෙත් මෙය භූතාත්මයක් පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් මේධා මේ පොලිසියට පැමිණිලි කරන්නේ නැත.
ඇය මේ භූතආත්මය හෙළිදරව් කිරීමට උත්සාහ කරන මිනීමරුවා කවුදැයි සොයාගැනීමට උත්සාහ කරයි.

ඒ අතරතුරදි පොලිස් පරීක්ෂක සත්‍යජිත් විසින් තමාට ලැබෙන තොරතුරු අනුව ‘ඊවා මරියා’ නැමති කාන්තාව ඇයගේ දේපළ අයිතිකර ගැනීම සඳහා තවත් කෙනෙක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරයි.
ඒ ඔස්සේ තොරතුරු සොයා යන ඔහුට සහතික කර ගැනීමට හැකිවන්නේ මෙය ඇයගේ නීතිඥවරිය විසින් කර ඇති බවයි.

එම නීතිඥවරිය ඊවා මරියා ඝාතනය කර ඇයගේ කොටස් තම නිවසේ තිබූ ශීතකරණය ඇතුලේ තබා ඇත.
පසුව ඇය එම කොටස් තැනින් තැන දමා ගොස් තිබේ. එයින් නොනැවතෙන ඇය වංචනික ලෙස ඊවා මරියාගේ අනන්‍යතාවය තමා වෙත පවරාගෙන ඊවා මරියාගේ දේපල අයිති කරගෙන ඇත. ඒ සඳහා ඇය පවසන්නේ ඊවා මරියා ජීවිතේ කලකිරුණු බැවින් නගරයෙන් ඈත හුදකලා ආගමික ස්ථානයක ජීවත් වන බවයි.

කෙසේ හෝ භූතාත්මය පිළිබඳ තොරතුරු සොයන මේධාට මේ මිනිමැරුම පිටිපස්සේ ඇත්තේ තමා දික්කසාදය භාරදුන් හරිතා නැමැති නීතිඥවරිය බව සොයා ගත හැකිවේ.
මේධා තමාව සැක කරන බව තේරුම් ගන්නා හරිතා නීතිඥවරිය එක්තරා රාත්‍රියකදී මේධා නැවතී පදිංචිව සිටින නිවසට පැමිණෙයි.
එවිට එම නිවසේ තමා ඊවා මරියා මරා, කෑලී වලට කපා තැන්පත් කරනු ලැබූ ශීතකරණය දකියි. ක්ෂණිකයින් මෙම ශීතකරණයේ වායුව ඇවිස්සි පුපුරා ගොස් හරිතා මියයයි.
පසු දින හරිතාව අත්අඩංගුවට ගන්නට සියලු කටයුතු සූදානම් කර සිටින සත්‍යජිත්ට දැන ගන්නට ලැබෙන්නේ මේධාගේ නිවසේ ඇය මියගොස් සිටින බවයි.
ඊවා මරියාගේ ආත්මය භූතාත්මයක් ලෙස තමාව මැරූ මිනීමරුවා සොයා ගැනීමට උදව් කළ බව සත්‍යජිත්ට පැවසුවත් ඔහු එය විශ්වාස කරන්නේ නැත. මක්නිසාදයත් ඒ වන විටත් තමා විසින් කරන ලද පරීක්ෂණ අනුව ඊවා මරියාගේ මරණයට වගකිය යුත්තේ හරිතා නැමැති නීතිඥවරිය බව සත්‍යජිත් සොයාගෙන හමාරය.
මේධාගේ අදහසට විරුද්ධව කිසිවක් සත්‍යජිත් පවසන්නේ නැත. එහෙත් අපරාධ පරීක්ෂණයකදී භූතාත්මයක් ලබාදෙන තොරතුරු මත සැකකරුවෙකු පිටු පස හමායාමට ඔහු සූදානම් නැත.

Cold Case ඉතා පරිස්සමින් ලියන ලද කතාවක් සහ තිර පිටපතකි. නරඹන්නාට භූතාත්ම පිළිබඳව විශ්වාසය තැබීමට අවස්ථාව සලසා දෙන අතරම පොලිසිය විසින් කරනු ලබන ගවේෂණාත්මක පොලිස් පරීක්ෂණවල ඇති සාධනීය බව වටහා ගැනීමට හැකි පරිදි මෙම චිත්‍රපටයේ ජවනිකා සම්බන්ධ කරමින් ඒවා එකට එකක් ඡේදනය කරමින් චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලොකු හපන්කමක් කර ඇත.

ආරම්භයේ පටන්ම මෙය භූතාත්ම පිළිබඳව සාකච්ඡා කරන කතා තේමාවක් ලෙස පෙනුනද අධ්‍යක්ෂකවරයා එය සැබවින්ම අපරාධ පිටුපස යන පොලිසියේ කාර්යක්ෂමතාවය උලුප්පා දක්වන්නට කරන ලද උත්සාහයක් බව පෙනේ. එය අතිශයින්ම සාර්ථක වී ඇත.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024.02.01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article