spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විල්පත්තු මස් වැද්දන්ගේ දඩමස් ගමේ හෝටලයටත් !

Must read

IMG-728c6b05b0e112e623f11f21804fe67b-VIMG-efd9a0020a1e265540c1bbdda220928a-V

පසුගිය දෙසැම්බර් 03 දින දාගොන්න වනජීවී අඩවි ආරක්ෂක කාර්‍යාලය විසින් කිඹුලපිටිය  චයිනීස් ආපනශාලාව පරීක්ෂා කොට වල්ඌරු මස් කිලෝ 5ක් අත්අඩංගුවට ගන්නා ලදී . වනජීවි දෙපාර්තමේන්තුව මේ පිළිබඳව M-8307 අංකය යටතේ නඩුවක් පවරා ඇත. මේගැන අප සමඟ අදහස් බෙදාගත් මුතුරාජවෙල අඩවි ආරක්ෂක ස්ථානාධිපති ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශකළේ මෙවැනි අදහසකි .
මේක ජාවාරමක් . දැන් මේ කිඹුලපිටිය , දාගොන්න යන සෑම ප්‍රදේශයකම මේ මස් ජාවාරම ව්‍යාප්ත වෙල තියෙන්නෙ . වල් ඌරන් පමණක් නොවෙයි විල්පත්තුවේ මරණ මුව, ගෝනමස් පවා දැන් මේ පැත්තට එනවා. අපි මේ අවුරුද්ද තුළ මස් නඩු ඇතුළු නඩු 14 ක් අධිකරණය වෙත යොමු කරල තියෙනවා . මස් නඩුවලින් රු. 1,50000/ ක දඩ ගසා තිබෙනවා .
මේ අනුව පැහැදිළි වන්නේ මෙම දඩමස් ජාවාරම කිඹුලපිටිය , දාගොන්න යන ප්‍රදේශවල හොර රහසේ ක්‍රියාත්මක වුවද ප්‍රසිද්ධ ජාවාරමක් ⁣ලෙස ක්‍රියාත්මක වන බවයි . මේ ගැන අදහස් දැක්වූ ලසන්ත මහතා ප්‍රකාශකළේ ඉතා අඩු පහසුකම් යටතේ මෙම නීති විරෝධී ක්‍රියා මැඩලීමට ඔවුන් මැදිහත් වන බවයි .
මේ තත්වයන් යටතේ පරිසරය සහ එහි ජීවත්වන අහිංසක සතුන් රැකගැනීම උදෙසා ඔවුන් දරන උත්සාහය ,කැපවීම අප අගය කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article