spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට

Must read

මීනා ප්‍රසාදිනි කියන්නේ නිතර දෙවේලේ දක්නට නොලැබෙන ගායිකාවකි. ඇයව ප්‍රසංග වේදිකාවේදී හමුවන අවස්ථා අඩුයි. ඒත් මීනා නිර්මාණකරණයෙන් ඈත් වෙලා නම් නැහැ. මෑතකාලීනව ඇය පිළිබඳ වඩාත් කතාබහට ලක්වුණේ ඇගේ විවාහය නිසයි. ඒ වගේම තවත් පුවතක් මීනා ගැන කියන්න තියෙනවා. ඒ ඇය මේ වනවිට මෙරට නැහැ කියන එක. ඉකුත් සඳු දින පාන්දරින් මීනා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. ඇගේ සැමියා රැකියාව කරන්නෙ එහෙ. ඒකයි ඇය එරටට කෙටි කලකට පදිංචියට ගියේ. ගුවන් යානයට ගොඩවීමට පැය කිහිපයකට පෙර මීනා ඇගේ අලුත්ම තොරතුරු අපිත් එක්ක මෙලෙස පැවසුවා.

* මීනා, කොපමණ කාලයකට ද ඔබ විදෙස් ගත වන්නේ?

දැනට නම් හිතාගෙන ඉන්නේ අවුරුද්දක් විතර එහෙ ඉන්න කියලා. නමුත් එහෙට ගියාම ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්. ඒ කිව්වේ ඊට ප්‍රථම ලංකාවට එන්නත් ඉඩ තියෙනවා.

* ඔබට ළැදි රසික රසිකාවන්ට දුක්මුසු පුවතක් වේවි ඒක?

ඔව්. ගොඩක් දෙනා දැනගෙන හිටියේ නැහැ මං රට යන විත්තියක්. මේ ලිපියෙන් පසු තවත් අය දැනගනීවි. ආයේ ඉතින් කවදා ප්‍රසංග වේදිකාවට එන්න පුවළුන් වේවිද කියලා දන්නෙත් නැහැනෙ.

* ඔවුන් වෙනුවෙන් ඔබ එහෙදි නිර්මාණකරණයේ යෙදෙනවාද?

විදෙස්ගතවිමට මත්තෙන් මං ගීත කිහිපයක් රෙකෝඩිං කළා. මං එහෙ ඉන්නකොට මං ඒවා මෙරට මාධ්‍යයන් හරහා අවුට් කරන්නට හිතාගෙන ඉන්නවා. එතකොට මං මෙහෙ නැති අඩුව රසික රසිකාවන්ට දැනෙන එකක් නැහැ.

* අලුත බැඳපු ජෝඩුවගේ පවුල් ජීවිතේ එහෙම කොහොමද දැන්?

ඉතාම සුන්දරව ගෙවී යනවා. ගැහැනු ළමයකු විදිහට නියමිත කාලයේදී මං විවාහ වුණා. දැන් පවුල් ජීවිතයට තමයි මුල්තැන දෙන්න ඕනෑ. ඒ හින්දමයි මේ සියල්ල දාලා සැමියා සමඟ ජීවත්වීමට ඕස්ට්‍රේලියා යන්නේ.

* සැමියාගේ නම සඳහන් කළොත්?

ඉරේෂ් පෙරේරා.

* කොහොමද ඔබ හා ඉරේෂ් අතර සබඳකමක් ඇති වන්නේ?

එයාව මං ගොඩක් කල් ඉඳලා හඳුනනවා. ඉරේෂුයි මමයි එකට ක්ලාස් ගියා. එහිදී දැන හැඳුනුම්කම වැඩි වුණා. පසුකාලීනව අප පෙම්වතුන් බවට පත් වෙනවා.

* ඔහු ද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ?

ඔව්.

* ඔබ ඉරේෂ්ට මුලදි කැමති වුණේ නැහැනේද?

ඔහු ආදරය ප්‍රකාශ කළාට මං එකපාරටම කැමැත්ත දුන්නේ නැහැ. එහෙත් හිතලා බලලා ඔහුට කැමැති වුණා.

* ඉරේෂ්ට කැමැති වෙන්න ඔහු සතු විශේෂත්වය කුමක් ද?

මට ඔහුගේ සෑම ගති ගුණයක්ම විශේෂයි. එකක් කියලා කියන්න බැහැ.

* ඔබේ ගෘහ ජිවිතය ගැන මොන වගේ අවබෝධයක් ද ඔහුට තිබුණේ?

අපි යාළුවෙලා ටික කලක් ගතවනතුරු ඔහුට මගේ ගායන ජීවිතය ගැන හරියාකාරව තේරුම් ගන්න බැරි වුණා. අනික ඔහු වෙනත් රටක සිටීමත් එයට හේතුවක් වුණා. ටික කාලයක් අප දෙදෙනා ඇසුරු කරමින් විස්තර කතා කළායින් පසුවයි ඔහුට මගේ කලා ජීවිතය ගැන හරියටම දැනගන්න ලැබුණේ. ඉන් පසු අද වෙනකම් ඉරේෂ් ලබාදෙන සහාය නම් අපමණයි.

* මෑතකාලිනව බිහිවන මියුසික් විඩියෝ ගැන මීනා ඉන්නේ මොන වගේ අදහසකින්ද?

ඇත්තටම මට ඒ ගැන හරිම පිළිකුල්. මං කියන්නේ ඔක්කොම මියුසික් වීඩියෝ ගැන නෙවෙයි. සමහර ඒවා පවුලේ අයත් එක්ක එකට ඉඳලා බලන්නට බැහැ. අපේ මියුසික් වීඩියෝ කලාව යන්නේ මොන පැත්තකට ද කියලා හිතාගන්න බැහැ. ලොකු කනගාටුවකින් මං ඒ ගැන ඉන්නේ.

* ඔබටත් එවන් වූ නිර්මාණ සඳහා දායකවන්නට ආරාධනා ලැබුණා නේද?

ඔව්. මටත් ඔය වගේ නිර්මාණ රැසකට කතා කළා. ඒත් මං ගියේ නැහැ. ජනප්‍රියත්වයත්, මුදල්වත් හින්දා නෙවෙයි මං මේ ක්ෂේත්‍රයට ආවේ. මෙතුවක් කල් හිමින් ගමනක් ඇවිත් මේ හදාගත්තු නම විනාශ කරගන්න මං කැමැති නැහැ. ඊට වඩා මේ ඉන්න විදිහ හොඳයි.

* ඔබ වෘත්තීමය ගායිකාවක්. බොහෝ දෙනා ගීත ගයන්නට ඔබට කතා කරන්න ඇත්තේ ලොකු මුදලක් ගෙවන්නම් කියන කොන්දේසි මත. වෘත්තීමය ගායිකාවකට ඒවා හොඳ අවස්ථා? එහෙම නේද?

මං අර කලින් කිව්වේ සල්ලිම නෙවෙයි ජීවිතේ. මං මහ ලොකු සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. අපි මධ්‍යම පාංතිකයෝ. ඒත් මුදල් මත මගේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ.

* අවසන් කොට ඔබ එළිදැක් වූ ගීතය ඔබට විශේෂයිි. ඒ ගැනත් කියමු?

එහි නම මතකයි ද අද වාගේ. ඒක එළිදැක්වූවේ මගේ වෙඩින් එක දවසේ. මගේ මහත්තයා වෙනුවෙනුයි එම ගීතය ගැයුවේ. ඔහුවත් දන්නේ නැහැ මං ඔහුට ගීතයක් හැදුවා කියලා. සර්ප්‍රයිස් එකක් විදිහටයි එය එළිදැක්වූවේ.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article