spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විශ්වයේ ඇති කළු කුහර තවත් විශ්වයකට ඇති දොරටුවක් විය හැකිද??

Must read

blck holes

ස්ටෙෆන් හොව්කින්ස් නැමැත්තා නැව් විශ්වය පිලිබදව තවත් කතා බහට ලක්වන සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ විශ්වයේ ඇති කළු කුහර පිලිබඳවයි. ඔහු පවසන්නේ මෙම කළු කුහරයන් වෙනත් විශ්වයකට ඇතුළු විය හැකි දොරටු විය හැකි බවයි.එලෙසම කිසියම් හේතුවක් නිසා එවැනි කළු  කුහරයකට ඇතුළු වුවහොත් ඉන් පිට වීමටත් අනිවාර්‍යෙයන් මගක් තිබිය යුතු බවයි ඔහු පවසන්නේ.

මේ නිසා මෙතුවක් කල් විශ්වයේ පවතින කළු කුහර පිලිබද පැවැති විශ්වාසයන් ප්‍රශ්ණ කිරීමකට ලක්වී තිබෙනවා.මින් පෙර විද්‍යාඥයින් විශ්වාස කල ආකාරයට කළු කුහර තුලට ඇතුල් වන කිසිත් නැවතත් පිටතට පැමිනීමට හැකියාවක් නැහැ.අවම වශයෙන් ආලෝකය පවා ඉන් පිට වන්නේ නැති බවටයි විද්‍යාඥයින් විශ්වාස කලේ

නමුත් හොව්කින්ස් නැමැති විද්‍යාඥයා විසින් 1974 දී මෙම කළු කුහර පිලිබදව මතක් ඉදිරිපත් කලා.එම වකවානුව තුල ඔහු ඉදිරිපත් කල එම මතය භෞතික විද්‍යා සංකල්පයන් නැවතත් ප්‍රශ්ණ කිරීමට හා පුදුම කිරීමට හේතු වුණා. එහිදී විකිරණශීලිත්වයද උපයෝගී කරගනිමින් ඔහු කියා සිටියේ කළු කුහර විසින් තාපය මගින් අනුපරමාණුක අංශු නිපදවා එවා පිට කරන බවයි.එලෙසම එම අනුපරමාණූක අංශු සහිත ශක්තිය නැතිවී ඒවා වාශ්ප වන තුරු මේ සිදු වීම සිදුවන බවත් ඔහු තවදුරටත් පෙනවා දී තිබෙනවා.එම  නිසා ඔහු පවසන්නේ කළු කුහර කිසි විටකත් සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් යුක්ත නොවන බවයි.

එලෙසම කළු කුහර තුලට ඇතුළු වන දේවල් වලට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව ඔහුගේ අදහස වන්නේ ,කිසියම් හේතුවක් නිසා කළු කුහර විනාශ වීමක් සිදුවුවහොත් පමණක් එයට ඇතුළු වන දේ වලට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව අදසක් පල කල නොහැකි බවයි. එලෙසම ඔහු පවසන්නේ කළු කුහර ඇතිවීමට හේතු වූ තොරතුරු හා කළු කුහර ඇතිවී ඇති ආකාරය පිලිබදව අපට තවමත් දැකගත හැකිනම් කළු කුහර තුල අප නොදකින දේවල් බොහෝමයක් සැගවී තිබිය හැකි බවයි. කළු කුහර තුලට ඇතුළු වන දේ නැතිවනවා හෝ විනාශ වනවා යන්න පිලිබඳව නිගමනයෙන් සිදුවන්නේ විද්‍යාව බොරුවක් බවට පත්වීම බවයි  ඔහුගේ අදහස වන්නේ.

 

http://www.techtimes.com ඇසුරණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article