spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙනසට මුල් නොවු අප්පුහාමිලාගේ රටසවාරි දේශපාලනය ?

Must read

hecotr 2005hector 200පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන හෙක්ටර් අප්පුහාමි යනු මේ රටේ මහින්ද රාජපක්ෂගේ  ඒකාධිපති පාලනය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් ඇතිකිරිම සදහා කිසිඳු සක්‍රිය මැදිවත්විමක් නොකල පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටි අංක එකේ රනිල් විරෝධි දේශපාලකයෙකි.
ඔහු සිහින දැක්කේ තමන්ගේ නායකයා යැයි ඔහු සිතා සිටි සජිත් ප්‍රේමදාස දිනවා තමන්ගේ පරම්පාරාවට ගොඩයන්නට කප්රුකක් පහල කරගන්නටය.
මේ නිසාම මහින්ද රාජපක්ෂගේ එකාධිපති වියරුවට එරෙහිව නිදහසේ වේදිකාව වැනි නිර්භිත සිවිල් සංවිධාන පෙරමුනේ සටන් කරද්දි පුත්තලම් දිස්ත්‍රික්කයේ බහුතරයක් එජාප දේශපාලකයන් සිටියේ හොරට නිදාගෙනය.
මේ අය අතුරින් ප්‍රධානින් වන්නේ හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරාය.
එහෙත් දැන් මේ දෙදෙනාම  ක්‍රියාකරන්නේ මහින්ද එලවා මේ රට තුල ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරිම සඳහා දිවිහිමියෙන් කැපවුවන් සේය.
තම නායකයාට එරෙහිව පොස්ටර් අලවමින් බුද්ධික පතිරණ සහ දායසිරි ජයසේකර වැනි රනිල් විරෝධි දේශපාලකයන් ආසනය පුරා ගෙනයමින් අප්පුහාමිලා උත්සාහා කළේ රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත්ගේ දේශපාලනය පුත්තලම් දිස්ත්‍රික්කය තුල ස්ථාපිත කරවිමටය.
නිදහසේ වේදිකාව වැනි සංවිධාන පැවති සියලු අභියෝගයන් හමුවේ පවා පුත්තලම් දිස්ත්‍රික්කය තුල මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට එරෙහිව ජනතාව සංවිධානය කරද්දි මේ එජාප දේශපාලකයන් කිසිඳු විරෝධතාවක් සංවිධානය නොකළේ තවම පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටළුව විසඳී  නැතැයි කියමිනි.
සිය පක්ෂයේ  ඇත්ත නායකයාව වෙනුවෙන් රැස්විමක් සංවිධානය කරන්නට එදා ඇත්ත කැපවිමක් නොකළ අප්පුහාමි මෙන්ම නිරෝෂන් පෙරේරාටත් අද ඇත්ත වශයෙන්ම ලැජ්ජා විය යුතුව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මහින්ද විරෝධය ශක්තිමත් ලෙස සමාජ ගතකරන්නට තමන්ගෙන් සිදුවු කිසිදු දායකත්වය නොතිබු නිසාවෙනි.
පෙරළුන පිට හොදයි කියමින් දැන් පක්ෂයේ නායකත්වය වර්ණනා කිරිමට පෙර තමන් විසින් එදා සිදුකළ දැවැන්ත දේශපාලන වැරැද්ද ප්‍රසිද්ධියේ පිළිගත යුතුව තිබේ.
මේ රටේ ඒකාධිපතිත්වය ශක්තිමත් කරන්නට පදනම් දැමු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන මේ රට තුල සම්මත කරන්නට මහින්ද රාජපක්ෂ සැලසුම් කර තිබියදි ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පුත්තලම් දිස්ත්‍රික්කය තුල ගොඩනැගිය යුතුව තිබියදි එදා හේකටර් අප්පුහාමිලා සිටියේ මහින්ද රාජපක්ෂලාගේ වියදමින් චීනයේ සවාරි ගසමිනි.
මේ නිසාම වෙන්නප්පුව නගර මධ්‍යයේ පැවැති විරෝධතාවයට   අඩුම  තරමින් තමන්ගේ සාමාජිකයන්  පිරිසක් යැවිමටවත්  කටයුතු කර නොතිබුණි.
එදා නිරෝෂන් හෝ අප්පුහාමිලා මේ කිසිදු විරෝධතාවයකට සිය ආධාර කරුවන් පිරිස් ගෙන ආවේ නැත.
එපමණක් නොව එජාපයේ එවකට ලේකම්ව සිටි තිස්ස අත්නායකගේ මුලිකත්වයෙන් මහවැව පොළේදි පැවැති අත්පත්‍රිකා බෙදිමේ වැඩසටහනද හෙක්ටර් අප්පුහාමි විසින් මහගහැර තිබුණි.
ඒ මොහොතේ ඔහු සිටියේ මේ අත්පත්‍රිකා බෙදෙන වැඩපිළිවෙලට මිටර් 200 පමණ දුරින් වු ඔහුගේ කාර්යාලය තුලය.
එසේ මහින්ද එලවා දැමිමේ අරගලය පුත්තලම් දිස්ත්‍රික්කය තුල කුරුවල් කෙරුවා සේම අද දිනයේත් රටතුල ශක්තිමත්ව පෙරට එන්නට දගලමින් සිටින මහින්දගේ ප්‍රතිවිප්ලවය හමුවේද අප්පුහාමිලාගේ  වඩාත් කැමැත්ත ඇත්තේ රටසවාරි දේශපාලනය හරහා තමන්ගේ පුද්ගලික ප්‍රතිලාභ වැඩිකර ගැනිමටය.
තමන්ගේ ජනතාවටත් රටටත් තිරාණාත්මක අයවැයක් හමුවේ අප්පුහාමිලා සිටියේද රටසවාරියකය.
මෙහිදි මතුකළ යුතුව ඇති තවත් ප්‍රශ්නයක් වේ.
එනම් සජිත් ප්‍රේමදාස යනු දැන් එජාපයේ ලොකු චරිතයක් නම් නොවේ.
අප්පුහාමිලා වරක් සිතා සිටියේ  ගෙවුන එක්තරා සිංහල අවුරුදු සමයකදි සජිත් රටේ ජනාධිපතිවරයා වන බවයි. ඔහු සිය ෆේස් බුක් පිටුව සජිත් ප්‍රේමදාසගේ  Leader of our Nation යන  ප්‍රචාරක දැන්වීම් වලින් ද සරසාගෙන සිටීම අහම්බයක් නොවේ.
දැන් අපට අලුත්  සැකයක් මතුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේක්ටර් අප්පුහාමි විසින් සහභාගි වු බ්‍රෙෂියා රැස්විමේ පසුබිමේ ඇති  බැනරයේ සජිත් ප්‍රේමදසාගේ රුවද එක්ව තිබිම පිළිබඳවයි. සජිත් සහ වෙරොනාසජිත් සහ වෙරෝනා 1
කෙසේ වෙතත් ඔහු සිතා සිටිනවා ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සජිත් බලවේගයේ ප්‍රධානියා ඔහු  නිසා කෙදිනක හෝ සජිත් පැමිණිය හොත් තමන් වෙත ලොකු තනාන්තරයක් ලැබේවි යැයි කියා විය හැකිය.
කැපකළ  ජනතාවගේ මැයි දිනය යැයි කියු එජාප මැයි රැලියේ නාත්තන්ඩිය ජනයා පෙළපාලි ගියේ  හේකටර් අප්පුහාමිලාෙග් පින්තුරයක් පමණක් රැගෙනය.
එහි ප්‍රධාන බැනරයට රට ගිය මන්ත්‍රි තාත්තා වෙනුවෙන් තනි රැක්කේ හේක්ටර් අප්පුහාමිගේ පුතා වන හේෂාන් අප්පුහාමිය.
Hector may 6hecor may
එජාප නායකයා වෙත දැන් ඇත්තේ ප්‍රබලතම අභියෝගයකි.
ප්ලෙන් එකක් හැදිම සදහා මයිනර් කෑලි ටිකක් ඔහු වෙත ලැබි තිබේ.
මේ මයිනර් කෑලිවලින් ඔහු කෙසේ නම් ප්ලේන් එකක් හදන්නේද ?
එම්.ඩී.කේ අප්පුහාමි – නාත්තන්ඩිය
ඡායා- අන්තර්ජාලය ඇසුරිනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article