spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ ගෙවල් මංකොල්ල කෑ හොරා පොලිසියට කොටුවෙයි

Must read

theif

පසුගිය කාලයේ වෙන්නප්පුව නයිනමඩම බෝලවත්ත ප්‍රදේශයන්හි සිදු වු ගෙවල් කොල්ලකෑම් 7 ට සම්බන්ධ අයෙක් එම නිවාස වලින් සොරාගත් රන් භාණ්ඩ තොගයක් සමග ඊයේ 24 සවස වෙන්නප්පුව ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල උදාසිරිගම පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි මෙම පුද්ගලයා ඉහත ප්‍රදේශයන්හි නිවාස වලින් සොරාගෙන වෙන්නප්පුව ප්‍රදේශයේ උකස් මද්‍යස්ථානයකට උකස් තිබු රන් භාණ්ඩ පවුම් 10 ක පමණ ප්‍රමාණයක්ද සොයාගත් බව පොලිසිය කීය මෙම සැකකරු මෙයට පෙරත් ගෙවල් කොල්ලකැම් සම්බන්ධයෙන් මාරවිල හා කොස්වත්ත පොලිස් ස්ථාන වලින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිඅපත් කර සිටි අයෙකු බව මුලීක පරික්ෂණවලදි තහවුරු වු බව පොලිසිය පැවසිය මෙම පුද්ගලයා බොහෝ අවස්ථාවල මිනිසුන් නොමැති නිවාස කලින් හඳුනාගෙන එම කොල්ලකැම් සිදුකල බවට කරන ලද ප්‍රශ්න කීරිම් හමුවෙ පොලිසියට පැවසු බව පරික්ෂණ සිදු කරන නිළධාරියෙක් කීය වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක උපපොලිස් පරික්ෂක සමරතුංග සැරයන් 53221 ඊරියගොල්ල කොස්තාපල් 21935 බන්දුල 68660 ඉන්දික යන නිළධාරින් මෙම වැටලීම සිදුකර ඇත සැකරු හා භාණ්ඩ මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
චන්දන ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article