spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව වි.සේ.ස සමිතියේ සභාපතිට චෝදනා ?

Must read

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයන්ගේ වැටුප් හා පහසුකම් වැඩි කිරිම කිසිදු දෙයක් නොකරන සභාපති ලලිත් පීරිස් ඇතුලු පරිපාලනය මේ වසරේ සමූපකාර නිළවරණය ඉලක්ක කරගෙන මහ සභාවේ 100 ට අධික සමාජිකයන් හට විශාල වියදමක් දරා මැලේසියානු සංචාරයක් සුදානම් කරමින් සිටින බව එහි සේවකයන් චෝදනා කරති.
මෙයට වසර 3 ට පෙරත් මේ අකාරයෙන්ම මහ සභාවේ සමාජිකයන්ට සමුපකාරයේ වියදමින් ඉන්දියානු සංචාරයක් ලබාදුන් බවත් තමන්ගේ වැටුප් හා පහසුකම් වැඩි කරන ලෙස තමන්ට උද්ඝෝෂණ ව්‍යපාර වල පවා යෙදුනත් තවමත් සේවයකගේ සුබසාධනය සම්බන්ධයෙන් පාලකයන් මර්ධනකාරි පිළිවෙතක් අනුගමනය කරන බව ඔවුන් පැවසීය.
ලක්ෂ 60 ක් පමණ වියදම් කරමින් සුදානම් කරන මෙම සංචාරය යහපාලන ප්‍රතිපත්තීන්ට සම්පූරණයෙන්ම පටහැනි බවත් මෙම මුදල් සේවක සුභා සාධනයට හා ආයතනයේ නගා සිටුවීමට යෙදවීමට පුලුවන්කම තිබියදි සභාපතිවරයා හා පරිපාලනයේ මෙම නාස්තිකාර සංචාරයන් නැවැත්වීමට කටයුතු කලයුතු බව සමූපකාරයට හිතැති පිරිස් පවසති.
මේ සම්බන්ධයෙන් වයඹ පළාත් සමූපකාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගෙන් විමසීමේදි මෙසේ කීය.
‘‘අපි මේ වගේ නාස්තිකාර සංචාරයන් සම්පූර්ණයෙන්ම නවත්වලයි තියෙන්නේ. මම වයඹ සමූපකාර කොමසාරිස් තුමටත් උපදේස් දීලා තියෙන්නේ එවැනි නාස්තිකාර සංචාරයන් සුදානම් කරන සමූපකාර ආයතන සම්බන්ධයෙන් සොයාබලා එවා නැවැත්වීමට පියවර ගන්න කියලා. අපි මේ වගේ කිසිම තේරුමක් නැති සංචාර නවත්වලා ඒ වෙනුවට ආයතන දිරි ගන්වන සේවකයන් දිරි ගන්වන ක්‍රමවේදයක් සකසමින් ඉන්නවා.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතාගෙන් විමසීමේදි අපි මෙය නිළවරණයක් ඉලක්ක කරගත් සංචාරයක් නෙමෙයි මීට වසර 3 ට පෙරත් මහ සභා සාමාජිකයන් හා සේවකයන්ව ඉන්දියන් සංචාරයකට රැගෙන ගියා මේ වසරේත් ඉල්ලීමක් අවා සංචාරයක් ලබා දෙන ලෙස ඒ නිසා අපි එ් අයව හා සේවකයන්ව වගේම තෝරාගන්නා ගණුදෙනු කරුවන්ටත් අපි අවස්ථාවක් දෙනවා අපි සේවක සුභ සාධනය වගේම ආයතනය දියුණු කරන ගමන් තමයි මේ සංචාරය ලෑස්ති කරන්න සුදානම් වුනේ. මේ සංචාරයේදි මේක බොහොම සද්බාවයෙන් විනිවිදව ලැස්තිකරපු ගමනක් අනෙක අපි තාම මේ සංචාරය යනවද නැද්ද කියලත් තීරණය කරලත් නැ යනුවෙන් ඒ මහතා පැවසිය
13103350_1175673205808744_5432977388176559258_n

චන්දන ප්‍රනාන්දු
(වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article