spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙනී ගෙන් බෝට්ටු සවාරියක්

Must read

හැමිල්ටන් ඇලේ රළ පහර නිසා තාලෙට පැද්දෙමින් තිබුනු බා්ට්ටුවට සුදු මහත්තුරු සහ නෝනලා කහිපදෙනෙකු ගොඩවිය. වෙනිරියස් ඉතා දක්ෂ අන්දමින් හැමිල්ටන් ඇලේ සිට බෝට්ටුවේ සිටි සුදු කට්ටිය රැගෙන කඩොලාන වනය අතරින් ඈතට ඉගිල්ලෙනු පෙණින. සංචාරකයින් සතුටු කිරීම උදෙසා තනවන ලද මෙම බෝට්ටුවේ යන අයුරු දුටුවිට ඕනෑම අයෙකුට එවැනි ගමනක් යාමට සිතක් පහළවීම පුදුමයක් නොවේ. කලපුවේ ධීවර රස්සාවද කරන වෙනීරියස් මෙවැනි රස්සාවකට යොමුවුනේ ඇයිද? යන්න දැනගැනීමේ ආශාවෙන් අපි ඔහු සමග කථා බහක යෙදුනේ මෙසේය.DSC_0750

ඇයි මේවගේ දේකට යොමුවුනේ?

අපි ඉන්නෙ කලපුව ලගමයි. අපි ජීවිතේ ගෙවාගන්නෙත් මේ කලපුවෙන්මයි. ඒවුනාට දැන්නම් කලපු රස්සාවෙන් ලොකු සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඉස්සරනම් කලපුවෙන් හොද ආදායමක් ලැබුන. දැන් එහෙම නෑ. එන්න එන්නම මාළුත් අඩුවෙනවා. පාන්දර නැගිටල දැල් ආම්පන්න සූදානම් කරගෙන දුක් විදින විදිහට ලැබෙන්නෙ සොච්චමයි. ඒකෙන් පවුලක් නඩත්තු කරන්න අමාරුයි. ඒකනිසා මම කල්පනා කළා අමතර ආදායමක් ලබන්න මොනවගේ වැඩක්ද කරන්න පුළුවන් කියල. මට හොදට බෝට්ටු පදින්න පුළුවන් නිසාත්, මීගදුවෙ සුදුමහත්තුරු නිතර ගැවසෙන තැනක් නිසාත් මේවගේ වැඩක් හොදයි කියල හිතුන.

ඔබට ඇතිවුනු ප්‍රශ්ණ, බාධා එහෙම කිව්වොත්

මම මේ වෙනකොට අවුරුදු දෙකක් විතර වෙනව මේ රස්සාව පටන් අරගෙන. පාරෙ යනඑන සුදුමහත්තුරු එක්ක කතාබහ කරල තමයි වැඩේ කරන්නෙ. මට තිබුන ප්‍රධාන ප්‍රශ්ණෙ තමයි ඉංග්‍රීසි දන්නෙ නැතිඑක. ඒදවස්වල මගෙ ලොකුදුව උදව්කරා. එයාට ඉංග්‍රීසි ටිකක් පුළුවන්. එයා වෙන ජොබ්එකකට ගියා. ඒනිසා ඒක මට ලොකු පාඩුවක් වුනා.

මේ රස්සාව ගැන ඔබට තිබෙන දැනුම …..

අපි කලපුව අයිනෙ ජීවත්වෙන මිනිස්සු. කඩොල් ගස් ගැන, කකුළුවො, ඉස්සො ගැන , උන් කලපුවේ ගැවසෙන තැන් ආදී දේවල් ගැන අපි දන්නවා. ඒවගේම කලපුවේ ගැඹුරු තැන්, ගොඩවෙච්ච තැන් අපි හොඳින් දන්නවා.

කලපුවෙ මොනවද බලන්න තියෙන්නෙ?

මේ කලපුවෙ දූපත් 15ක් විතර තියෙනවා. මේ දූපත් වල එකඑක වර්ගයේ කඩොල් ගස් තියෙනවා. ඒවගේම ඇවිදගෙන යන්න පුළුවන් විදිහෙ වැලි සහිත සමතලා බිම් කෑලි තියෙනවා. එකඑක ජාතියෙ කුරුල්ලො, රිලව්, කොක්කු, කබරුන් , කක්කුට්ටන්, සමනලයින් ,කපුටන්ගේ නිවාස තියෙන්නෙත් මේ කඩොල් කැලෑවෙ. මෙහෙ ලස්සන තැන් ගොඩක් තියෙනවා.

මේ රස්සාව ගැන සතුටුද?

මේකට මම කැමතියි . ඒවුනත් මේකෙන් ආදායමක් ගන්න පුළුවන්වෙන්නෙ සීසන් කාලෙට තමයි. බෝට්ටුවේ 8දෙනෙකුට යන්න පුළුවන්. ආසන 8ක් තියෙනවා. එක් වටයක් ගිහිල්ල එන්න පැය එකහමාරක් පමණ ගතවෙනවා. ඒකට රු. 3000/ක් අයකරනවා. පිරිස කොපමණ සිටියත් මෙම අයකිරීමේ වෙනසක් නෑ. දෙතුන් දෙනෙකු යනවෙලාවට පොඩි සංග්‍රහයකුත් කරනවා. ගොඩක් ඉන්න වෙලාවකදි එහෙම කරන්න අපිට අමාරුයි.

බෝට්ටුවේ ගමන තුළ වෙහෙසකාරී බවක් නැත. ලොකු කුඩා බාල,මහළු ඕනෑම අයෙකු මෙම කලපු පරිසරයේ චමත්කාරය විදගැනීමට කැමතිවේ. විදේශීය සංචාරකයින්ට, විනෝදකාමීන්ට, පමණක් නොව පාසැල් සිසුන්ට, විද්වතුන්ට, පරිසර ගවේෂකයින්ට තමන්ට අදාලවිෂය ඵතයට අනුව මෙහි කාලය ගතකරන්නන්ට මීගමු කලපුව වටිනා ස්ථානයකි. මේ සදහා සූදානමින් සිටින වෙනිරියස් වැනි අයගේ මෙම බෝට්ටු සේවාවද ඉතා වටිනා සහ අගයකළයුතු සේවාවකි.


DSC_0746සටහන – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article