spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙරළ උද්‍යානය නීති විරෝධි ලෙස බදුදිමට බලධාරින් ක්‍රියාකිරිම ගැන ජනපතිට සහ අගමැතිට පැමිණිල්ලක් !

Must read

මීගමුව වෙරළ උද්‍යානය ඉදිරි වර්ෂ (2018-2019) දෙක සදහා බදු දිම,
නීති විරෝධිව හා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව,
වත්මන් බදු කරුට කාලය දීර්ඝ කරදීමට කටයුතු කිරීම සම්බන‍ධයෙනි

මීගමුව මහා නගර සභා පරිපාලනය හරහා සිදු වෙමින් පවතින මහා පරිමාන දුෂණ වලින් එකක් මෙලෙස දිගහැර දැක්වීම මීගමුවේ අය බදු ගෙවන්නන්ගේ යුතුකම නිසා මෙම තොරතුරු ගරු ජනාධිපතිතුම හා ගරු අග්‍රාමාත්‍ය තුමා ඇතුඵ වගකිව යුත්තන් වෙත යොමු කර මහජනතාවද දැනුවත් කරන්නට මෙසේ සටහන් කරමූ. එකී බලධාරීන් වෙත යොමු කළ ලිපියේ පිටපතක් මෙතැන් සිට දිගහැරෙන බව කරුණාවෙන් සලකන්න.

උක්තකාරනය සම්බන‍්ධයෙන් කරුණු සොයා බැලීමේ දී හමුවූ තොරතුරු අනුව මීගමුව වෙරළ උද්‍යානයේ වත්මන් බදු කරු වන එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍ර නමැත්තා 2017 මැයි 25 වන දිනැති ලිපියෙන් බස්නාහිර පලාත් මහ ඇමතිවරයාගෙන් කර ඇති ඉල්ලීම් හා දක්වා ඇති හේතු කාරනා අනුව 2003 සිට අද දක්වා වසර 15 ක් එක දිගටම මීගමුව වෙරළ උද්‍යානය බදු ගත් බව කියා සිටියි. (එම ලිපිය A ලෙස නම්කර අමුණා ඇත.)

මීගමුව මහ නගර සභාව, එ.ජා.ප. පාලනය පැවති සමය වූ 2003 සිට 2006 දක්වා විවෘත ටෙන්ඩර් පත්‍ර මගින් මෙම ස්ථානය බදු ගත් මොහු, මීගමුව මහ නගර සභාවේ බලය පොදු පෙරමුණ කණ්ඩායම දැරූ 2007 සිට 2016 දක්වාම එම පක‍ෂයේ නගරාධිපති වරුන්ගේ ආශීර්වාදය සමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ප්‍රතිශත අගයන් යොදාගෙන මෙම භූමිය බද්දට ලබා ගෙන ඇත.

නමුත්, වත්මන් කොමසාරිස් වරයාගේ පාලනය යටතේ 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් කර ඇති අතර ලියුම්කරු සඳහන් කරන ආකාරයට 2017 ටෙන්ඩරය වෙනුවෙන් ගැනුම්කරුවන් අතර ගැටුමක් වූ බව දක්වා ඇත. ඊට හේතු මොහු දක්වා නැතත්, ටෙන්ඩර් කිරීමෙන් තොරව, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව 2018 වසර සහා මෙම ස්ථානය ඔහුට ලබා දෙන ලෙස ඉහතකී ලිපියෙන් ඉල්ලා තිබේ.

ඔහු ප්‍රතිශතයක් ගැන හෝ වසර කීයක් සදහා අවශ්‍යද යන්නත් එම ලිපියේ සඳහන් කර නැත. ඒවා නිලධාරින්ගේ අදහස්ය.(අමුණා ඇති ඊලක‍1 ,2 ලිපි බලන්න)

ටෙන්ඩර් ගැටලූ වලට මුහුණදීමට ඇති නිසා හොඳින් නඩත්තු කළ බවත්, නියමාකාරයෙන් මුදල් ගෙවු බවත් ධර්මේන‍ද්‍ර නමැත්තා සඳහන් කර ඇත. නමුත් බදු ගත් ස්ථානය නඩත්තු කිරීමත්, බදු මුදල් හරියාකාරව ගෙවීමටත් ටෙන්ඩර් කොන්දේසි අනුව මොහු බැදී සිටින බව කාටත් නොරහසකී.

එකී ලිපිය මීගමුවේ නාගරික කොමසාරිස් වෙත නොයවා, ඍජුවම බස්නාහිර පලාත් මහ ඇමතිතුමා වෙත ඉදිරිපත් කරන එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍ර නමැත්තා, බදු ගැනුම්කරු ලෙස පෙනී සිටින නමුත්, සියලූ ආදායම් සහ අදාළ ස්ථානය මෙහෙයවන්නේ පිලේන්ද්‍රන් ලංසා නමැත්තා හෙවත් වත්මන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු නිමල් ලාංසා මැතිතුමාගේ පියා ය.

එසේහෙයින් එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍රගේ ආදායම් බදු විස්තර ලබා ගත්තත්, බදුගත් ස්ථානයෙන් උපයන ශුද්ධ ලාබාංශ නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකිව තිබේ. 2017 වසර සඳහා ටෙන්ඩර් මුදල රුපියල් ලක‍ෂ දාහතක් (රු17,00000/-) වුවත්, ශුද්ධ ලාබාශය රුපියල් ලක‍ෂ දෙසිය හතරක් (රු204,00000/-) පමණ බවට අනුමාන කෙරේ. දවසේ ශුද්ධ ලාභය රු 55000/- ඉක්මවන බව, ගණකාධිකාරී කණ්ඩායමක් රහසිගතව කළ සමීක‍ෂනයකින් හෙලිදරවු කරගෙන ඇත. එම ස්ථානය පිලිබදව නිත්‍යානුකූල රහස් පරීක‍ෂනයක් කරන්නට මීගමුවේ නාගරික කොමසාරිස් වරයා හෝ රජය හෝ ක්‍රියා කරන්නේ නැත.

ඒ නිසා, මෙම වෙරළ උද්‍යානය සදහා වර්ෂික අවම ටෙන්ඩර් ගාස්තුව, වත්මන් කාලයට ගැලපෙන ආකාරයට සකස් කර ගන්නට කොමසාරිස් පාලනය උනන්දු නොවන්නේ, ලංසා පවුලේ බලපෑම නිසා හා සන්තෝසම් අපේක‍ෂාවෙනි.
අනිත් පිටුවට

(2)
වෙරළ උද්‍යානය කේද්‍ර කරගෙන වෙරළ සංරක‍ෂණ නීති උල්ලංඝනය කර ඔයැ ඊද්එ නමැති හෝටලයක් රජය විසින් වෙරළේ ඉදිකර දී තිඛෙන්නේ ද ඉහත කී පුද්ගලයන්ට මය. මෙකී සියලූ කාරනා පිළිබඳ මනා අවබෝධයක් බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මැතිතුමාට ද ඇති බව දනිමු.
මා මුලින් සඳහන් කළ වත්මන් බදු කරු වන එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍ර නමැත්තා 2017 /05/25 දිනැති ලිපියෙන් කළ ඉල්ලීම ගැන වහාම ක්‍රියාත්මක වූ මහ ඇමතිතුමා හා මීගමුව නාගරික කොමසාරිස් වරයා මෙම ඉල්ලීම ඉටුකර දී පිලේන්ද්‍රන් ලංසා හා නිමල් ලංසා සතුටු කිරීමට ක්‍රමෝපාය සකස් කර දී ඇත. ඒ සඳහා තවත් නිලධාරීන් දෙදෙනකුව ද ඈදාගෙන ඇති ආකාරය කදිමය. (එම ලිපිය ඊ ලෙස නම්කර අමුණා ඇත.)

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදුවිය යුතු කාර්යයක් ඉන් බැහැරව ප්‍රතිශත අගයන් යොදගන අවුරුදු (2) දෙකකට බදු දීමට වෙහෙසෙන්නේ පිලේන්ද්‍රන් ලංසා හා නිමල් ලංසා ගෙන් තම තමාට හිමි වන ප්‍රතිලාභ අපේක‍ෂවෙන් බව, මණාව පැහැදිලිය. එය පහත දැක්වෙන විස්තර වලින් ඔබතුමාට වැටහෙනු ඇත.

බස්නාහිර පලාතේ, පලාත් පාලන අමාත්‍යාශයේ ලේකම්(වැ.බ.) චන්ද්‍රානි සමරකොන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඔවිනි කේ. විඡේවික්‍රම යන නිලධාරීන්ගේ නිර්දේෂ මත පලාතේ ප්‍රධාන අමාත්‍යවරයට සම්බන‍ධ ලිපිගොනු අංක ක‍ඵරැඋඡරැෑ9රැ1රැ5රැ2017 යටතේ ද ලිපිගොනු අංක නාග/අලි 03/4/2 මීගමුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් කේ.එස්.සී.සුගත් කුමාර නමින් වන ලිපිගොනුවේ දක්වෙන ආකාරයට ද අනුව, හොර රහසේම මීගමුව මහ නගර සභාවට අයත් දේපල වංචනික ලෙස අපහරනය කිරීමට කටයුතු සිදුව තිබේ.

මෙම වෙරළ උද්‍යානය 2018 සහ 2019 වර්ෂයන් වෙනුවෙන් රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හිතුමතේ ප්‍රතිශත අගයන් යොදාගෙන බදු දීම වහාම අත්හිටුවන ලෙස ඉල්ලමි. එසේ ඉල්ලා සිටින්නට පහත දැක්වෙන හේතු කාරනා ඉවහල් වන බැවින් ඒවා ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරමි.

මීගමුව වෙරළ උද්‍යානය ඉදිරි වර්ෂය සඳහා බදු දීම සම්බන‍ධයෙන් නාගරික කොමසාරිස් වරයා විසින් විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබුනා දැයි දැනගන්නට නැත.

එලෙස ටෙන්ඩර් පත් කැඳවූවා නම් ඒ බව පුවත්පත් මගින් ප්‍රසිද්ධ කළ දිනයක් නොතිබීම හා කිනම් පුවත් පත් වල එය පල කර තිබුනා දැයි කිසිම තොරතුරක් නැත.

ඒ සඳහා ටෙන්ඩර් කැඳවූවා නම් ටෙන්ඩර් කීයක් ඉදිරිපත්ව තිබුනා දැයි දැනගන්නට නැත.

මෙම කාරනය පිළිබඳව ඇගයීම් කමිටුවක් පත්කළා දැයි නොදනිමු.

එම ඇගයීම් කමිටුවේ සමාජික සමාජිකාවන් කවුරුන්ද යන්න ප්‍රසිද්ධ විය යුතුය.

එම ඇගයීම් කමිටුව වත්මන් බදු කරුටම ඉදිරි වසර (2) දෙකට බදු දීමට නිර්දේශ කලා නම් තාක්ෂණික  අගැයිම් වාර්තාවක් තිබිය යුතුය.

එවැනි ඇගයීම් කමිටුවක් මගින් වත්මන් බදු කරුටම ඉදිරි වසර දෙකට බදු දීමට නිර්දේශ කල ප්‍රතිශතය ගණනය කිරීමට යොදාගන්නා ලද රජයේ අනුමත නිර්නායකය කුමක් දැයි දක්වා තිබිය යුතුය.

එලෙස ටෙන්ඩර් කැඳවුවත් / නැතත් 2017/10/06 වන දිනැති ලිපියෙන් උක්ත කාරණය සම්බන‍ධව නිර්දේශ ඉදිරිපත් කරන මීගමුව නාගරික කොමසාරිස්වරයා බස්නාහිර පලාතේ, පලාත් පාලන ලේකම්වරයාගේ අනුමැතිය පැතීම කෙතරම් යුක්ති සහගත ද? (එම ලිපිය ක‍1 ලක‍2 ලෙස නම්කර අමුණා ඇත.)
අනිත් පිටුවට
(3)

පාඩුවක් වෙනවාද නැද්ද යන්න දැණගැනීමට ඇති රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි මගහැර, එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍ර නමැත්තාටම මීගමු වෙරළ උද්‍යානය එක් (1) වසර කට නොව වසර (2) දෙකකට බදු දීමට කර ඇති උත්සාහය වංචාවකට අරඅඳින බවට සංඥාවකි. එවැනි සැක කටයුතු ස්වභාවයක් හදුනා ගැනීමට උක්ත රාජ්‍ය නිලධාරීන්ට නොහැකි වූයේ මන්ද? මෙම පුද්ගලයා 2003 වසරේ සිට අඛණ්ඩව මෙම දේපල බදු ගෙන ඇත. (ක‍1 ලක‍2 ලිපිය බලන්න)

2017/10/20 වනදා මීගමුව නාගරික කොමසාරිස්වරයා කර ඇති පැහැදිලි කිරීම් අංක 04 අනුව ටෙන්ඩර් කැඳවූ කටයුතු පෙරට වඩා 57%,143%,188% යන ප්‍රතිශත වර්ධනයක් අත්දැක තිබියදී උක්ත කාරණයට ටෙන්ඩර් නොකැඳවන්නට හේතුව කුමක්දැයි නොදනිමු. (ක‍1 ලක‍2 ලිපිය බලන්න)

2017/10/20 වනදා මීගමුව නාගරික කොමසාරිස්වරයා කර ඇති පැහැදිලි කිරීම් අංක 05 අනුව එච්.ඩි.බුද්ධික ධර්මේන්ද්‍ර නමැත්තාටම මීගමු වෙරළ උද්‍යානය වසර දෙකකට බදු දීමට කර ඇති යෝජනාවේ ප්‍රතිශතයක් දක්වා නොමැත්තේ ඇයි ද යන්න තවත් ගැටඵවකි. (ක‍1 ලක‍2 ලිපිය බලන්න)

මෙම රහසිගත ක්‍රියාවලිය වසර 10 ක් අඛණ්ඩව කරගෙන ආ, මීගමුවේ දේපල කොල්ලකෑමේ ක්‍රියාවලියේ තවත් පිටුවකි. මෙවැනි නීති විරෝධි දේශපාලන ක්‍රියා වලට උදව් දෙන රාජ්‍ය නිලධාරීන් ද සිටීම මීගමු නගරයට ද බස්නාහිර පලාතට ද රටට ද ශාපයකි, කරුමයකි. අවංක නිලධාරීන් තනන්නට, වෙර දරණ යහපාලන ප්‍රතිපත්ති මෙලෙස ගරා වැටෙන්නට ඉඩ නොදෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමිි.

එසේ හෙයින් මෙම යෝජිත බදුදීම වහාම අත්හිටුවා ඒ පිලිබඳව විධිමත් පරීක‍ෂණයක් පවත්වා යම් නීති විරෝධි ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒවාට සම්බන‍ධ සියලූ නිලධාරීන්ට එරෙහිව වහාම නීති මාර්ගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මීගමුවේ අයබදු ගෙවන්නන්ගේ සංවිධාන‍ය වෙනුවෙන්

ඡේ.ඒ.ප්‍රනාන්දු

????????????????????????????????????

????????????????????????????????????

3

4

????????????????????????????????????

????????????????????????????????????

7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article