වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදාළ ප්‍රදේශයේ විහාරාධිපති හිමියන්ගේ සහ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය ලබාගෙන විනිවිදව සිදුකළ යුතු බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුවත් කර ඇත.
විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයන් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් විනිවිද භාවයෙන් යුතුව වැය නොකරන බවට වාර්තා වන බැවින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ අනුව දන්සල් පැවැත්වීමේදී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදුකිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා ගැනීම සිදු නොකළ යුතු බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගෙන සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙල කරවීමට කටයුතු කරන ලෙසත්, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කළයුතු බවත් එම නිර්දේශවල සඳහන්ය.
මෙයට අමතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද නිර්දේශ සහ උපෙදෙස් මාලාවක් සැම වසරකදිම ඉදිරිපත් කර තිබුනි.












